" මයෙ මැණිකෙ මක්කද ඔය දිවත් හපාගෙන පොඩි එකෙක් වගේ කොරන්නේ ම්ම්ම් "
" අපේ මහත්තයා ආවත් එක්කද....මට ඇහුනෙවත් නෑ "
" ඇහේවි ඈ ඉතින් මේ බරටම මොකක්ද වැඩක්නේ... කාරි නෑ කාරි නෑ ඔහොම ඉදින්....මක්කද කරන්නෙ මේ ම්ම්ම් "
" අපෙ පැටියාගෙ ඇදුමකට සමනල පොඩිත්තෙක් ගොතනවා අපෙ මහත්තයා "
" සමනල පොඩිත්තෙක්...ම්ම්ම් හරි හැඩට ගොතලනෙ...."
" නිල් පාටින් ගොතලා තියෙන්නෙ කොලු පැටියෙක්ටද "
" ඔව්...."
" අපෙ පැටියා කෙලි පැටියෙක් උනොත් "
" පැටියගෙ කිරි අම්මා කියන්නෙ මේ ඉන්නෙ කොලු පැටියෙක් කියලාමයිනෙ අපේ මහත්තයා...මයෙ බඩ පීදිලා තියන විදිහෙන් උන්දැට කිව්වහැකිලුනෙ...ඇරත් මටත් හිතෙනවා නිතර දෙවෝලේ චණ්ඩකම් කොර කොර පයින් ගහන්නෙ මේ ඉන්නෙ කොලු පැටියෙක් නිසාමයි කියලා "
" අපෙ අප්පේ....මයෙ චණ්ඩයා ආයෙමත් අම්මට පයින් ගහන්න පටන් ගත්තද.... "
" අප්පොච්චා වගේම චණ්ඩයෙක් "
සුදු පාට සැහැල්ලු ගවුමක් ඇදගෙන මහ විසාල ගාම්භීර වියන් ඇද කෙලවරේ ඉදන් උන්න සුරංගනාවියක් වගෙ ලස්සන කාන්තාව එයා ගාව හිටන් ඉන්න සුදු පාට නිලමෙ ඇදුමක් වගේ අමුතුම තාලෙ ඇදුමක් ඇදන් උන්න පිරිමියාට කියන ගමන් ඔලුව උස්සලා හිනා වෙන ගමන් එයා දිහා බැලුවා.
" අශස්...................... "
පලාතම එලිය කරන් ගහපු අකුණත් එක්කම එක හා සමානව ගැස්සිලා නැගිට්ට ආරුල්ගෙ කටින් අශස්ගෙ නම කෑ ගැහුනා....ඩිග් ඩිග් ගාලා ගැහෙන පපුව අල්ලන් ඉක්මනට ඔලුව හරවලා අශස් දිහා බැලුව ආරුල් හුස්මක් පාතට දැම්මා...
පපුව උඩ නිදි කරවගත්තත් ආරුල්ගෙ දැගලිල්ල නිසාම අශස් නින්දෙන්ම ඇදට වැටිලා කොට්ටෙකුත් දෙපරැන්ද අස්සෙ ගහන් හොදට නිදි.
" මොකක්ද මම ඒ දැක්කේ...."
" අශස්.....එ මගෙ අශස්නේ "
පපුවත් අල්ලගෙන අත දික් කරලා මේසෙ උඩ තිබ්බ වතුර බෝතලේ ගත්තු ආරුල් ඒක බීගෙන බීගෙන ගියා. නිදාගන්නකොට වැස්සක ලකුණක්වත් නොතිබුනාට දැන් හොදටම වහිනවා...සැරින් සැරේට ගහන අකුනු නිසා කාමරේ එලිය වෙද්දි ආරුල් ආපහු පාරක් අශස් දිහා බලලා එයාගෙ කකුලෙ එතිලා තිබ්බ සීට් එක අරන් අශස්ට පෙරෙව්වා.
" උඹගෙ විකාර කතා නිසා මගෙ ඔලුවත් විකාර වෙලා චූටි මැණික "
කොට්ටෙට තද වෙලා තියන කම්මුලක් නිසා ඇරිලා තියන රෝස පාට චූටි කට ඇගිලි දෙකකින් අල්ලලා වහපු ආරුල් අශස්ගෙ මූණ ඉස්සරහින් ඔලුව තියාගත්තා.
" ඇයි මං ඒ වගේ හීනයක් දැක්කෙ "
" අනික ඔයාවම.....ඒ විදිහට "
Pov change :
Dew pov :
" ජේව්ව්ව්ව්ව්ව්..........මගෙ සුදාම්මියෝ..."
ආරුල් අයියගෙ බෙහෙත් චෙක් කරන ගමන් උන්න සහස්වත් ගස්සගෙනම ගෙදර දොර ඇරගෙන කෑ ගහන් දුවන් ආපු සකුල් ආරුල් අයියා ගාව හිටන් උන්න මගෙ ඇගට පැන්නම අඩි දෙක තුනක් පස්සට විසික් උන මං දෝත බැදලා සකුල්ව බදාගත්තෙ නැත්තන් එහෙම දෙන්නත් එක්කම අද පත්තු බදින්න යන්න වෙනවා.මේකට පුදුම විසයක්නෙ තියෙන්නෙ ජෙයියනේ....
" තවුසෙ මං නැතුව පාලුවෙන් නේද හිටියෙ ඒයි....ඈ ඒයි කියනවකො පාලුවෙන් නේද හිටියෙ "
සකුල් මගෙ ඇගේ එල්ලිලා නිකන් වදුරු පැටියෙක් වගේ....එල්ලිලා විතරක් නම් කමක් නෑ ඒ මදිවට කන අස්සෙ බෙරිහන් දෙනවත් එක්ක...
" ඔව් ඔව්...මං පාලුවෙන් හිටියෙ...බැහැපන් යකෝ මගෙ කොන්ද "
" ඌප්ස්...සමාවෙන්ටෝනෙ "
සුරුස් ගාලා බිමට පැන්න සකුල් බෙල්ලත් ඇද කරලා මට කිව්වා.
" උදෙන්ම එහෙන් ආවද පොඩී..."
" ඔව් සහස් අයියේ..... ඒ වලව්ව ඇතුලෙ හුස්ම ගන්නෙත් අමාරුවෙන්...අම්මියි මායි ආපහු කොළඹ එන්නෙ කවද්ද බල බල උන්නෙ "
" ග්‍රෑන්ඩ් පා මං ගැන අහන්නෙ නැද්ද පොඩී "
" සීයා නම් එහෙම කතා කරන මනුස්සයෙක් නෙමෙයිනෙ සුදු අයියේ....ආච්චි නම් අප්පච්චිගෙන් අහනවා මං අහගෙන ඔයා ගැන "
" ම්ම්ම්....."
දෙපැත්තට වැනි වැනි ආරුල් අයියා ගාවට ගිය සකුල් සෝෆා එකේ ඇන්දෙන් ආරුල් අයියට එහා පැත්තෙන් ඉදගත්තා.
" වෙලාවට බෙහෙත් බොනවා බිව්වා නේද....අමතක කරේ නෑනෙ "
" යාහ්...මං ඉද්දි එහෙම අමතක කරනවද මෝඩ ගම්පලයො "
මං අතට අහු උන සෝෆා එකේ තිබ්බ කොට්ටෙන් අරන් සකුල්ට දමලා ගැහුවා.
" උඹ හිටියට වැඩක් තියනවා ඈ.... තමුන් පැහෙන් නැතුව ඉන්න මං එපෑ මෙතන ඔක්කොවන්වම බලාගන්න "
හරිනෙ...ඔය ආවේ කාගෙත් අම්මා....
අපේ අයියාව කාගෙත් පියා කරන් මූ කාගෙත් මව වෙන්න පුදුම ආසාවක් තියෙන්නෙ...
" නේද ඒයි.....මං නැති දවසට මෙයාලව හොදට බලාගත්තා නේහ් "
ආ...කියනකොට ආවා මදි පාඩුවත්....
නිරාශා මැණිකෙ එක්ක ආපු සකුල්ව එක්කන් එන්න පහලට ගිය අයියා දොරත් ඇරන් ඇතුලට එද්දි මට විතරක් නෙමේ ආරුල් අයියටයි සහස් අයියටයි දෙන්නටත් හිනා ගියා...
" මේ උඹේ ගෑණි මොනාද අහනවා ප්රමෝධ "
" මොනාද "
" එයා නැති දවසට අපිව හොදට බලාගත්තද කියලා"
අපේ අයියා කට ඉරක් කරගෙන සකුල් දිහා බැලුවම සකුල් උගෙ ඌරු කට අස්සෙ තියන දත් දෙකක් පෙන්නලා විරිත්තුවා.
" ආපු ගමන්ම පටන් ගත්තද..... එනවා යන්න බත් ටිකක් කවන්න....රෑට කාපු මුං ගුලියෙන් අද දවසත් ඉවර කරන්න හදන්නෙ "
" අනේ.....බත් කන්න නම් බෑ අප්පා....අනික මං ඊයෙ රෑ බත් කෑවා "
" ඔව් ඔව්...නිරාශා අම්මා කිව්වා මට කාපු හැටි..."
" මේ ඒක නෙමෙයි අයියේ...මොකක්ද අප්පා අර උදේ පහලින් රණ්ඩුවක් වගේ ඇහුනේ "
" උඹටත් ඕපදූප නම් හොයන් නැතුව ඉන්නම බෑ නේ චූටි "
" ම්හු...අනෙ මේ අයියේ "
" අර පල්ලෙහා අපාට්මන්ට් එකේ හිටිය අන්කල්ගෙ ඇන්ටි අතුරුදහන් වෙලාලු "
" මොකක් "
" අතුරුදහන් වෙලා කිව්වට මේ වෙන මිනිහෙක් එක්ක ගිහින්ලු...එයාව හොයන්න එපා කියලා ලියුමකුත් තියලා ගිහින් තියෙන්නෙ "
ඕපදූපයක් නම් ආයෙ මොනාද...මායි සකුලුයි දෙන්නම කටත් ඇරන් අයියා කියපුවා අහන් හිටියේ....ඔය කියන ඇන්ටිව මං එහෙන් මෙහෙන් දැකලා තියනවා..සීලවතී උපාසකමාතාව වගේ උන්නෙ නම්...බලන් යනකොට මාර වැඩනෙ කරලා තියෙන්නෙ...
" සහස් අයියා යන්නද...."
" ඔව් විසල් මල්ලි....තව ටිකකින් විහස්නත් එයි...දවල්ට මොනා හරි හදන්න ඕනා "
සෝෆා එකෙන් නැගිට්ට සහස් අයියා එයා ගෙනල්ලා තිබ්බ බෙහෙත් බඩු ටික පැක් කරද්දි අපේ අයියා සකුල්වත් ඇදන් කිචන් එකට ගියා.හොද වැඩේ ඕකට....දැන් ඉතින් ගිල්ලයි බඩ උල් වෙන්නම....
සකුල් තරම් බත් කන්න හොර මනුස්සයෙක් මං මේ ලෝකෙ කොහෙවත් දැකලා නෑ....මට මතකයිනෙ අනෙ අම්මෝ.....ඉස්සර නිරාශා මැණිකෙ බත් පිගාන උස්සන් මුලු ගම වටේම දුවනවා මේකට කවන්න....මං පොඩි කාලෙ හිතන් හිටියෙ සකුල් හුගක් චූටි බත් කන්නෙ නැති නිසා කියලා...හිතන් හිටියා නෙමේ අපේ අම්මා මට කිසිම කරදරයක් නැතුව බත් කැව්වෙ පුංචි බේබි වගේ හැමදාම පොඩියට ඉන්න ඕන් නැත්තන් බත් ඔක්කොම කන්න ඕනා කියලා බය කරපු නිසා.
" මං ගිහින් එන්නම් සුදු මල්ලි.....මෙයාට වෙලාවට කවලා බෙහෙත් දෙන්න චූටි හරිද "
" හරි සහස් අයියේ "
සහස් අයියා එයාගෙ සාක්කුවෙන් පෝන් එක අරන් කාටද මන්දා කෝල් එකක් ගන්න ගමන් මට කිව්වාම මං ඔලුව වැනුවා.
" හෙලෝ....විහස්න කොහෙද ඉන්නෙ "
අම්මට සිරි යුගාන් අයියට අරන් තියෙන්නෙ....සහස් අයියා එයාගෙ බෑග් එක එක අතකට අරන් අනික් අතෙන් පෝන් එක කනේ තියාගෙන මට ඔලුවෙන් යන්නම් කියලා යන්න හැරුනා.
" නැ නැ...හදිස්සියක් නෑ...පහල ගෙදර ගෑණි පැනලා ගිහින්ලු...මං මේ බැලුවෙ තමුසෙ ඉන්නවද කියලා "
දොරත් ඇරන් එලියට යන සහස් අයියා කියපු දේ ඇහුන මටයි ආරුල් අයියටයි දෙන්නටම බකස් ගාලා හිනා ගියා. යකෝ අහනවා කියලා ඔහොමත් අහනවද ජෙයියනේ....
" තුදු අයියේ....ඔයාටත් බෙදල ගෙනල්ලා දෙන්නද...බෙහෙත් බොන්නත් ඕනානේ "
ආරුල් අයියගෙ බෙහෙත් ටික බලලා වෙන් කරලා සහස් අයියා යන්න ගියාම මං ආරුල් අයියගෙන් අහලා බත් එකක් බෙදලා එයාට ගෙනල්ලා දුන්නා.
කුස්සියට යනකොට අපේ අයියා සකුල්ව ලගින් වාඩි කරවන් හොදට බත් ගුලි ගිල්ලෝනවා...පව් කියලත් හිතෙනවා...ඒ උනාට ඔහොම නැතුව ඕකට කවන්න බෑ...
" කෝ ආ කියන්න "
" මං පස්සෙ කන්නම් තුදු අයියෙ අයියේ ඔයා කාලා ඉන්නකො "
" මෙන්න මෙහෙ ආ කියහන් බන්....ආයෙ මොන පස්සෙ කෑමක්ද "
මං ආරුල් අයියාගෙ මූණ දිහා බලලා එයා මගෙ කට ලගට දික් කරන් ඉන්න බත් කටට කට ඇරියම මට බත් කටක් කැව්ව ආරුල් අයියා ඊලග බත් කට එයාගෙ කටට දාගත්තා.
" අශස්...."
" ම්ම්ම්...... "
" මං දෙයක් අහන්නද "
" මොකක්ද "
" ඊයේ රෑ මට ඔයා කිව්වා නේද ඔයා අමුතු හීන දකිනවා කියලා "
" ඔව් "
මං ඇස් හීනි කරලා ආරුල් අයියා දිහා බැලුවා...
" ඒ හීන මොන වගේද "
" ඒ කිව්වේ "
" ඔයා දකින හීන මොනවගේද "
" අනේ මන්දා තුදු අයියේ...මට නිකන් මෙහෙම ලොකු බණ්ඩියක් තිබ්බා වගේ දැක්කේ...හරි අමුතුයි....මම හරියට ගෑණු කෙනෙක් වගේ...මටත් තේරුම් ගන්න බෑ ඒක....සමහරවිට ඔයා කිව්වා වගේ මං විකාර මවන් ඉන්න නිසා එහෙම පේනවා ඇති...."
ආරුල් අයියා මං දිහා බලාගෙනම කල්පනාවකට වැටෙද්දි මං චුට්ට වෙලාවක් එයා දිහා බලන් ඉදලා කම්මුලට ඇගිල්ලෙන් ඇන්නා.
" මොනාද කල්පනා කරන්නේ "
" අහ්..නෑ මං මේ...නෑ නෑ...කෝ ආ කියන්න "
ගැස්සුන ආරුල් අයියා බත් කටක් අනලා මගෙ කටට ලං කරාම මං ආ ගාලා කට ඇරියා.රසයි....ඇත්තටම ආරුල් අයියා කවන බත් කටවල් හරි රසයි.... මේ කන හැම බත් කටක් ගානෙම මට මතක් වෙන මගෙ අම්මව...හීල් බතට කොච්චි සම්බෝලයක් විතරක් හරි හදාගන්න අම්මා විදපු දුක මතක් වෙනකොට මගෙ පපුව ඇදුම් කනවා....අම්මා කවනවා නම් කරවිලත් පැණි රසයි කියලා කතාවක් තියෙන්නෙ....ඒ කතාව ඇත්තම තමයි...
" ප්‍රැක්ටිස් වලට අපිට ස්කූල් ටයිම් එක පාවිච්චි කරන්න බෑ දේව්....මොකද මේක ස්කෝලෙ දෙයක් නෙමෙයිනේ......ඒ නිසා අපිට සිද්ද වෙනවා ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් දාගන්න.....ඒ විතරක් මදි ඔයාගෙ හොලිඩේස් පවා අපිට ප්‍රයෝජනයට ගන්න වෙනවා තේරුනාද "
" ඔව් සර් "
" මුලින්ම අපිට තෝරගන්න වෙනවා ඔයා මොන කැටගරි එක යටතේද ඔයාගෙ පලවෙනිම අයිටම් එක ඉදිරිපත් කරන්නෙ කියලා...."
" මට හොදටම පුලුවන් ට්‍රැඩිශනල් ඩාන්සින් නෙ සර් "
" ඔව් ඒක ඇත්ත. ඒත් දේව් හිතන්නකො ඔයා මේකෙන් වින් කරලා ෆයිනල් තේරුනා කියලා....එතකොට ඔයාට ට්‍රැඩිශනල් තමා හොදටම පුලුවන් කියලා ට්‍රැඩිශනල් ඩාන්ස් එකක්ම perform කරන්න බෑ....තරග නීති දන්නවනේ....ෆයිනල්ස් වලදි ඔයා මොන කැටගරි එකෙන්ද perform කරන්න ඕනා කියලා තීරණේ කරන්නෙ රැන්ඩම්ලි ගන්න චිට් වලින් "
" මං හිතනවා ඔයා පලවෙනි රවුන්ඩ් එකට ටිකක් වෙනස් perform එකක් කරොත් හොදයි කියලා "
" සර්ගෙ idea එක මොකක්ද "
" ඔයාට භරත් නාට්‍යම් පුලුවන් එකේ අපි ට්‍රැඩිශනල් මික්ස් වෙස්ටන් ට්‍රැක් එකක් යූස් කරලා භරත perform කරමු "
අභිමන් සර් කියද්දි ටික වෙලාවක් කල්පනා කරපු මං ඔලුව වැනුවා...ඒ idea එකත් හොදයි....මට කොහොමත් භරත පුලුවන් එකේ ටිකක් වෙනස් දෙයක් කරොත් හොදයිනේ...ඒ උනාට බයයිත් වගේ අප්පා....මට වඩා දක්ෂ අය මේ ලංකාව ඇතුලෙම කොච්චරක් නම් ඉන්නවද....ඒ හැමෝම පරද්දලා දිනනවා කියන්නෙ කරන්න බැරිම වැඩක්...ඒත් මං මේක කරන්නම ඕනා...මොකද මේ තමා මටත් වඩා මගෙ ආරුල් අයියගෙ හීනේ...එයාගෙ ආසාව....එයා මං වෙනුවෙන් කරපු දේවල් වලට කෘතගුණ දක්වන්න මට තියන ලොකුම අවස්ථාව.....ඒ නිසා මං මේ ගේම් එක අත අරින්නෙ නම් නෑ ලේසියන් කවදාවත්.
" මං දේව්ට මගෙ ස්ටූඩියෝ එකේ ලොකේශන් දාන්නම් හෙට හවස තුනේ ඉදන් ප්‍රැක්ටිස් පටන් ගන්නවා....තුන කියන්නෙ තුන මිසක් දෙකයි පනස් නවයවත් තුනයි එකවත් නෙමේ...තේරුනානේ.... දේව් මගෙ ගෝලයෙක් නිසා මං ගැන හොදට දන්නවා ඇතිනේ....මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක් "
" හරි සර්...මං තුන වෙද්දි එන්නම් "
ඔලුව වනපු මම නැටුම් කාමරෙන් එලියට ඇවිත් පන්තියට දුවලා ගියා. දැන් ඉතින් හෙට ඉදන් නැටිල්ලක් තමා තියෙන්නෙ...මගෙ හොද පණ යයි...ඒ උනාට කමක් නෑ නටන එක තරම් සැනසීමක් වෙන කොහෙද....
" අභිමන් සර් මොකද කිව්වෙ බන් "
" හෙට තුනේ ඉදන් ප්‍රැක්ටිස් පටන් ගන්නවා "
" උඹට ලේසි වෙන්නෙ නෑ පුතෝ...දන්නවනෙ සර්ගෙ හැටි...හොදට හොදයි නරකට නරකයි...අම්මෝ....මතකනෙ මැන්ඩිය පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් අතට අහු වෙන එකකින් දමලා ගහන හැටි...."
සෙතුම් මගෙ පිටටත් තට්ටු දාන ගමන් කියද්දි ලොකු කෙල ගුලියක් ගිල්ල මං බොරුවට හිනා උනා...
" මේ...මං ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහින් එන්නම්....අද මීටින් එකක් දැම්මනෙ යසිරුවා...ඌට සප් එකක් දෙන්න යන්න ඕන "
ඉදන් උන්න පුටුවෙන් නැගිට්ට සකුල් මටයි සෙතුම්ටයි කළණටයි කියලා යන්න ගියා. මටත් වෙලාවකට හිතෙනවා ආරුල් අයියා අපේ අයියයි කොහොම මේ ප්රිෆෙක්ට්කම් කරාද කියලා...ඇයි අප්පා පුදුම වගකීම් කන්දක්නෙ තියෙන්නෙ....යසිරුවායි සකුලුයි දෙන්නට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ ස්කෝලෙදි...
" ඒ පාර කොහෙද උඹ යන්නෙ "
" වොශ් රූම් එකට ගිහින් එන්නම් යකො "
මගෙ අතින් අල්ලගත්තු කළණ අත අතඅරිද්දි මම වොශ් රූම් එකට ගියා....අදාල වැඩෙත් කරගෙන විසිල් පාරක් ගගහා එලියට ආපු මං ආපහු පන්තියට යද්දි මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩට ගැස්සුන මං පිටිපස්ස හැරුනා.
" දේව් අයියේ "
" ඔහ්....සයුරු මල්ලි...."
නිල් කොල ඇස් අයිතිකාරයා....
හුග කාලෙකින් දැක්කෙ අයියෝ....
මං ඉතින් ස්කෝලෙ ආවෙ නෑනෙ
" හුග කාලෙකින්නේ....කොහොමද ඔයාට "
" මං හොදින් අයියේ....ඔයාට කොහොමද "
" මමත් හොදින් පැටියෝ "
මං හිනාවෙලා සයුරු මල්ලිගෙ කැරලි කොන්ඩෙ උඩින් අතගෑවා....ඇස් දෙක වගේම කොණ්ඩෙත් මරු අප්පා....කැරලි කොන්ඩ කියුට් බෝලයක් මේකානම්...
" පහුගිය දවස් ටිකේ ස්කෝලෙ ආවෙ නැද්ද "
" නෑනෙ....මට පොඩි කරදරයක් උනා...ඉතින් එන්න බැරි උනා "
කොල්ලගෙ කට ඕ හැඩේට හැරෙද්දි ඒ දිහා බලන් උන්න මම මාත් එක්කම හිනා උනා...මේකගෙ හුරතලේ යකෝ.....ආරුල් අයියට කියලා මේකව දරුකමට හදා ගන්න හිතෙනවා ම්හු...
" අවේලාවෙ මොකද මේ තැන් තැන් වල කරන්නේ..."
" හී.....මං ඔයාව දැකලා දුවන් ආවේ "
" හරි ශෝක්....ප්‍රිෆෙක්ට් කෙනෙක්ට අහු උනොත් හම ගහයි "
" එහෙම කරන් නෑ.....ඔයාගෙ යාලුවා හරි හොදයි "
" ඇහ්....මගෙ යාලුවා ?? "
" ඔව්....අර රෝස පාට ලස්සන එක්කෙනා "
" සකුල්ද "
සයුරු මල්ලි ඔලු බක්කා වගේ ඔලුව ඉහලට පහලට වැනුවා...මූ යකෝ....මං නැති ටිකට සයුරු මල්ලිවත් යාලු කරන්ද...මට කිව්වෙවත් නෑ ගස් ගොබිලයා....
" මං නැති ටිකට දෙන්නා හොද යාලුවො වෙලා වගේ"
" ඇයි එපාද..... "
" යාලුවො වෙන්න "
" අපෝ නෑ පුලුවන් පුලුවන්.....මොකෝ බැරි....එයාව ඔයාම තියාගන්න "
" මගෙ තමා කොහොමත් "
මං ඇස් හිනී කරලා සයුරු දිහා බැලුවා...මොකක්ද යකෝ එ කිව්වේ... මගෙ තමා කියලා නේද.... නැත්තන් මට ඇහුන හැටිද...
" අහ්..මේ..මං යනවා අයියේ එහෙනම් "
මගෙ ඇස් දැක්ක සයුරු මල්ලි ඔලුවත් කස කස ගොත ගගහා කියලා දුවලා ගියා. මොකක්ද ඒ කිව්ව අවකැපෙන කතාව....ඔන්න ඔන්න දැන් නම් ඉතින් මගෙත් පොඩ්ඩ පොඩ්ඩ ලේ කිපෙනවා. ඒවා නම් ලේසි වෙන්නෙ නෑ මල්ලි මාත් එක්ක.... සකුල්ට ලයින් එක දාන් ආවොත් නම් මල්ලි කෙනෙක් කියලා බලන්නෙ නෑ දත් දෙකක් හරි බඩට යවනවා....ඇයි යකෝ අපේ අයියටවත් නැති අයිතියක් මට ඌ ගැන තියෙන්නෙ....😒 ආපු දෙන්කො ඕකත්...මං නැති උනේ සතියයි දෙකයි මූ වටේ යන්නත් පටන් අරන් වට පප්පා....කතාව නම් පණ දෙන්න...ම්හු...හැම එකාම එකයි....බොරු ආදරේ විතරයි....කතා කරන් නැතුව ඉන්නෝනේ වටයා එක්ක....තේරෙයිනෙ පැංචාගෙ වටිනාකම...හුම්...ගැම්මෙන් ඉන්නෝනෙ ඩිපියුටියගෙ මල්ලිනෙ ඉතිම් මං 😌
Author pov :
" ආ... "
" උඹ කිරි කෝපි හැදුවද "
" ඔව්...වැස්ස අඩු වෙන පාටක් නම් නෑ වගේ නේද "
" හ්ම්ම්ම්.....අරුන් දෙන්නා බස් වල තෙමෙයිද දන් නෑ ප්‍රමෝද "
" තියන විසේට නොතෙමි ආවොත් තමා පුදුමේ....සීයා තාත්තා මොකද කිව්වෙ "
" ටිකක් බැන්නා "
" ටිකක් බැන්නා.....අනේ පලයන් බන් යන්න...මට ඇහුනා හොදට කෑ ගගහා බනිනවා "
වීදුරු ජනේලෙන් වහින දිහා බලන් උන්න ආරුල් ලගට ආපු විසල් අතේ තිබ්බ කිරි කෝපි කෝප්ප දෙකෙන් එකක් ආරුල්ට දීලා අනික් එක බොන ගමන් ජනේලෙ ලගම බිම බිත්තියට පිට දීලා ඉදගත්තා.දැන් ටිකකට කලින් අශස්ගෙ පෝන් එකෙන් සීයා තාත්තා එක්ක කෝල් එකක උන්න ආරුල් පෝන් එක සාක්කුවට දාන් විසල් ගාවින්ම ඉදගත්තා.
" එයාට තරහා ගිහින් ඉතින් "
" තරහා යන්නෙ නැතුව තියෙයිද උඹගෙ වැඩ වලට....එසේ මෙසේ දෙයක්ද කරේ කියපන්කො...අර කියනවත් වගේ උඹ නම් යකාගෙ මනුස්සයෙක් තමා "
" කවුද එහෙම කියන්නෙ "
" ඇයි ඔය සීයා තාත්තා කිව්වේ...මට ඇහුනා..."
ආරුල් කට ඇද කරන් කෝපි උගුරක් බිව්වා.වැස්සෙ කිරිකෝපි එකක් බොනවා කියන්නෙ වෙනම එකක්...
" දැන් අරකත් කිව්වද "
" මොකක්ද "
" චූටිව මැරි කරා කියලා "
" කිව්වා ඉතින්...."
" ඊටපස්සෙ බැන්නා "
" ඔව්....එයා තාම ඉගන ගන්නවා කියලා බැන්නා..."
" තරහා වෙලාද කට් කරේ "
" නෑ....සීයා තාත්තා කවදාවත් මාත් එක්ක තරහා වෙන්නෙ නෑ...කේන්තියට කට් කරේ...රෑ වෙලා ආයෙ ගනී "
" එයා කියන කතාවෙ වැරැද්දකුත් නෑ බන්....කසාදයක් කියන්නෙ අපි හිතනවා වගේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. උඹම චුට්ටක් හිතපන්කො අපිට තාම අපි ගැනවත් බලාගන්න ස්ථීර මාර්ගයක් නැතුව අපි කොහොමද වගකීම් කන්දක් ඔලුවට ගන්නෙ "
ආරුල්ගෙ අතක් උඩින් අත තිබ්බ විසල් කියද්දි ආරුල් බිත්තියට ඔලුව හේත්තු කරන්ම ඔලුව හරවලා විසල් දිහා බැලුවා.
" මට එයාව බලාගන්න පුලුවන් ප්රමෝධ..."
" සීයා තාත්තගෙ සල්ලි වලින් "
" ප්රමෝධ !!!! මං එයාට ආදරෙයි "
" මං ඒක දන්නවා ආරුල්...උඹ තරම් චූටිව ආදරෙන් බලාගන්න මටවත් බෑ...ඒත් බන් අපිට ආදරේ විතරක්ම දීලා අපේ පාට්නර්ව බලාගන්න බෑ....අපි හැමෝම මිනිස්සුනේ.... අපිටත් අවශ්‍යතා තියනවා...කන්න ඕනා බොන්න ඕනා තව කොච්චර දේවල් ඕනද..... මං ඔයාට ආදරෙයි කිව්වාට හිත මිසක් බඩ පිරෙන් නෑ ආරුල්...ලෙඩක් දුකක් හැදුනොත් මං ඔයාට ආදරෙයි කිව්ව පලියට ලෙඩේ සනීප වෙන්නෙ නෑ...."
" ඒ දේවල් වලට සල්ලි ඕනා....ආදරේ කියන්නෙ සල්ලි නෙමෙයි තමා...ඒත් බන් ආදරේ උන පලියට ඒ මනුස්සයා එක්ක ජීවිත කාලෙම දුක් විදින එක නම් ආදරේ මං හිතන්නෙ නෑ ඒකට ආදරේ කියන්න පුලුවන් කියලා...උඹට හැමදාම සීයා තාත්තාගෙ සල්ලි වලින් ජීවත් වෙන්න බෑ ආරුල්...කවදාහරි දවසක් එනවා උඹට උඹේම මහන්සියෙන් ජීවත් වෙන්න වෙන....එතකොට මොකද කරන්නේ...."
" ප්රමෝධ "
" මට කියපන් ආරුල්....උඹ එතකොට මොකද කරන්නේ....."
" නෑ..ප්රමෝධ නෑ.....මං කවදාවත් අශස්ට දුක් විදින්න ඉඩ තියන්නෙ නෑ....."
" වචනෙන් නෙමෙයි ආරුල්....කරලා පෙන්නපන්....මට පෙන්නපන් උඹ කවදාවත්ම චූටිට දුක් විදින්න ඉඩ තියන්නෙ නෑ කියලා "
ආරුල් කිරිකෝපි කෝප්පෙ අත් දෙකෙන්ම අල්ලන් වීදුරු ජනේලෙන් ඈත අහස දිහා බැලුවා.ආරුල්ගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් උන්න විසල් එයත් එක්කම හිනාවෙලා ආරුල් බලන් ඉන්න වැහි අහස දිහා බැලුවා.
" Singer කෙනෙක් වෙන එක ලේසි නෑ....උත්සහා කරොත් බැරිත් නෑ "
අහස දිහා බලන් උන්න ආරුල් ගැස්සිලා වගේ විසල් දිහා බැලුවා.
" ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ ආරුල්...මං උඹේ හොදම යාලුවා....මං උඹව හොදට දන්නවා... Maths කරාට උඹ හැමදාම ආස කරේ Art කරන්න. Cricket ගැහුවට foot ball ගැහුවට උඹට හැමදාම ඕනා උනෙ මියුසික් රූම් එකට රිංගන්න... "
විසල් පුදුම වෙලා එයා දිහා බලන් ඉන්න ආරුල්ගෙ මූණ දිහා බලලා හිනා උනා.
" මං අහලා තියනවා කලාවට ආදරේ මිනිස්සු හරි සංවේදියි කියලා....බලන්නකො අපේ චූටියි සකුලුයි....පොඩ්ඩ ඇතිනෙ උණු වෙලා වැක්කෙරෙන්න...අන්න ඒ වගේ තමා උඹත්....මොකක්දෝ කරුමෙකට උඹව තේරුම් ගන්න බැරි පවුලක ඉපදිලා උඹේ ආසාවල් උන්ගෙ ආසාවල් වලට කොටු කරලා දාපු නිසා තද මනුස්සයෙක් වෙන්න උනාට උඹ අපේ චූටිටත් වඩා සංවේදි මනුස්සයෙක් කියන්න මං හොදට දන්නවා "
" මට ඇහුනා කවුදෝ කෙනෙක් කාටදෝ කියනවා හීන තියෙන්නෙ හැබෑ කරගන්න කියලා.ම්ම්ම් තව කිව්වා දිනන්න ඕන් නම් දිනන්න හති වැටෙනකන් දිනුම් කනුව හොයන් දුවලා අත අරින්න හිතුනොත් අත අරින්න මං උඹව අල්ලගන්නම් අශස් කියලා "
" ප්රමෝධ !!! "
" මට උඹට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා ආරුල්....හීන තියෙන්නෙ හැබෑ කරගන්න.....දිනන්න ඕන් නම් දිනන්න...හති වැටෙනකන් දිනුම් කනුව හොයන් දුවලා අත අරින්න හිතුනොත් අත ඇරපන්....මං උඹව අල්ලගන්නම් ආරුල් "
කෝපි කෝප්පෙ බිමින් තිබ්බ ආරුල් විසල්ව බදාගත්තා....සාමාන්‍යයෙන් අශසුයි සකුලුයි වගේ නෙමෙයි ආරුලුයි විසලුයි....අශස් සකුල් කියන්නෙ කොයිවෙලෙත් එකට ඇලිලා ඉන්න physical touch වැඩි දෙන්නෙක් උනාට ආරුල්ගෙයි විසල්ගෙයි අතර වැළදගැනීමක් උනත් වෙන්නෙ කලාතුරකින්. ඒ නිසාමද කොහෙද ඒ වැලද ගැනීම හරි ශක්තිමත්.
" දන්නවද ප්රමෝධ....මට දැන් මං ගත්තු එක තීරණයක් ගැන ඕනවටත් වඩා සතුටු හිතෙනවා. "
" ඒ මොකක්ද "
" මගෙ පොඩීව උඹට දෙන්න ගත්තු තීරණේ.... "
ආරුල් විසල් එක්කම හිනා උනා.
" මට සීයට දාහක් විශ්වාසයි....කවදාහරි පොඩී උඹ ගාවට ආවට පස්සෙ හරි සතුටින් ජීවත් වෙයි....ඇත්තමයි උඹට ටුවින් කෙනෙක් හරි හිටියා නම් රූහිවත් දෙනවා මං.... "
" ඒ බලු වැඩ කරන්න එපා යකෝ...රූහි නංගිට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ...අනික උඹ නිකමට හිතපන්කො මං වගේ තව එකෙක් හිටියොත් සකුල් මොනා කරයිද කියලා "
එක තත්පරේකට ආරුල්ගෙ හිතෙයි විසල්ගෙ හිතෙයි එහෙම සිටුවේශන් එකක් ආවොත් මොනා වෙයිද කියලා මැවුන නිසා දෙන්නටන හයියෙන් හිනා ගියා.
" අම්මෝ 😹😹 සිරාවටම උඹටයි උඹේ ටුවින්ටයි පොඩී එක්ක එකගෙයි කන්න තමා වෙන්නෙ "
" නැත්තන් යකෝ....ඔය පොඩි ඇටයාගෙ තියන ඊරිසියාවෙ හැටියට මං වගේ තව එකෙක් හිටියොත් ඌව වෙන කාටහරි දෙයි කියලා හිතනවද....ජීවිතේට නෑ බන් ජීවිතේට නෑ....උඹත් මගෙ මූත් මගෙ කියලා බදාගෙන ඉදී "
ඒක ඇත්ත. පොඩියට හිටියාට ඕකා තරම් ඊරිසියාකාර ඇම්බැට්ටයෙක් වෙන කොහෙවත් නෑනේ.... සකුල් ආදරේ කරන අයගෙ ලිස්ට් එකේ කෙනෙක් නම්...මගෙ මගෙ මගෙ ඔයත් මගෙ මෙයත් මගෙ ඔක්කොම මගෙ.....
ඔන්න ඕක තමා සකුල්ගෙ තියරිය.
guki flower 💛
කොහොමද මගෙ පැංචියනේ.......
ඔයාලා මං එනකන් බලන් හිටියා නේද...
sry වෙන්නෝනෙ....පැංචිගෙ පෝන් එක පිස්සු කෙලින්න පටන් අරන් අනේ....එකපාරට off වෙනවා on වෙනවා....type කර කර ඉද්දි off උනාම මට යකා නගිනවා 😪 උපරිම සංයමයෙන් පාවිච් කරන්නෙ....අලුත් එකක් ගන්නෙත් නෑ.... පැංචිගෙ කැඩුන පෝන් එකේ කටුක බව කියලා තාත්තා phone එකක් එවනකන් බලන් ඉන්නවා ...ඒක එන්න තව ටික දවසක් යනවා....ලංකාවෙන් ගන්නත් බෑ තාත්තා එවන්නෙ හොදම එකක් නෙ.මෙහෙන් ගත්තොත් එතකොට තාත්තා එවන එක නැති වෙනවා👉👈 ( හරි කපටි මං 😹 )
පුලුවන් තරම් ඉක්මනට update දෙන්න බලන්නම් හාත !!
ආතරෙයි 💗