අන්තිමට අපි නුවරට කිට්ටු උනා...දන්නවද මට දැනෙන හැගීම...නුවර අහස යට...දළදා හාමුදුරුවන්ගෙ පිහිට පතන්න මන් හීන දැකපු හීනෙ ඇත්ත වෙලා...ඒත් මට බයයි...සෙංකඩගල කියන්නෙම ආදරේ වෙන්කරන සාපකාරි නගරයක් කියලා සමහර උන් කියනවා..නුවර යනවා නම් තනිකඩව ඉන්දැද්දි යන්න කියනවා...ඒකත් එක හේතුවක් නිසා...ම්ම්..කමක් නෑ..බුදු හාමුදුරුවො අපිට උදව් කරයි...
මල් අරන් දෙන්නකො දේව්...
ම්ම්...කැමති තරමක් ගන්න වස්තුව...අම්මෙ ඔයත් ගන්න...
මන් එහෙමම ලොකු මල් වට්ටියකුයි නෙලුම් මල් දහයකුයි ගත්තා...අනේ ඒ මනුස්සයාගෙ සතුට කට පුරා හිනා වෙලා...
මෙන්න මහත්තයො...දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි...
එයාගෙන්ම අපි හදුන්කූරුත් ගත්තා...
යන්...
අපි කෙලින්ම ගියේ දළදා මැදුරට...අනේ...හරිම ලස්සනයි...හිත නිවෙනවා....
අවසානෙදි අපි වැන්ද...
දළදා හාමුදුරුවනේ...මන් ඉල්ලන්නෙ මෙච්චරයි...ඔබ වහන්සේගෙන් මන් ඉල්ලන්නෙ පොඩි දෙයයි...මගේ ජීවිතේ ලස්සන කරපු..මගෙ දේව්...වගේම අම්මා...අනේ ඒ දෙන්නාට කවදාවත් දුකක් දෙන්න එපා...මම ආදරේ කරන ඒ දෙන්නව මගෙන් කවදාවත් උදුර ගන්න එපා...අම්මා අප්පච්චි උදුරගත්තාට මන් ඔබ වහන්සේටවත් කිසිම කෙනෙකුටවත් සාප තිව්වෙ නෑ...අනේ ඒ නිසා..මන් ආදරේ කරන මේ දෙන්නාව සතුටින් තියන්න...
ඇස් පියාගෙන මන් ඒ ප්‍රාර්තනාව කරලා දේව් දිහා බලනකොට එයා උන්නෙ මගෙ මූණ දිහා බලන්...
මගේ වස්තුව පින් පාටයි...අහින්සකයි...
දේව්...
ම්ම්...අපේ ආදරේ සදාකාලික වෙන්න කියලා මන් මේ දළදා හාමුදුරුවන්ට ප්‍රාර්තනා කලා..අසම්මත උනත් අපේ ආදරේ හරි ලස්සනයි...ඈතින් උන්න ඕන කෙනෙකුට ඊරිසියා හිතෙන තරමට...මගේ වස්තුව...සංසාරේ කෙලවර වෙනකන්ම මගේ වෙන්න...මන් ප්‍රාර්තනා කරනවා...
මගේ දේව්...ඔයා හරි ආදරණීයයි...මන් මේ සංසාරේ කෙලවර වෙනකන්ම ඔයාගෙ වස්තුව වෙලාම ඉපදෙන්නම්....
ම්ම්...ආදරෙයි...දැන් යන්කො...නුවර ඇවිත් වැව රවුමට නොගියා කියන්නෙ අපරාදයක්...
අම්මා වදිනකන්ම ඉදලා අපි වැව රව්මට ආවා....වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නැත්තෙ දාරානිපාත වැස්සක් කඩන් වැටුන නිසා...ඒ හරියෙ හෙවණකට ගොඩ උන අපි වැස්ස දිහා බලන් උන්නා...ලස්සනයි...උදේ වරුව උනත් නුවර ලස්සනයි...වැස්ස නිසාම....ඒ අස්සෙ උණුවෙන් දුම් දාන කඩල කරත්තයක් අපි ඉස්සරහින් නැවැත්තුවෙ මන් දේව් දිහා බලද්දි...
ඕනද...
ඔව්නෙ...
මටත් ඕන සුදු මහත්තයා...
හරි හරි අම්මෙ...
දේව් උනුම උනු තෙල් දාලා පොල් කෑලි එහෙම දාපු කඩල ගොටු දෙකක් ගෙනාවා...එකක් මට අනික අම්මට...එතකොට කෝ දේව්ට...
ඔයාට කෝ දේව්...
ම්ම්...මට එපා..ඔයා කන්න...
එහෙම බෑනෙ අපි දෙන්නාම මේකෙන් කමු...
කවනවද...
හා...
මන් එකක් දේව්ට කවන ගමන් මාරුවෙන් මාර්‍ය්ව කෑවා..රසයි...
වැස්ස පෑව්වා නේහ්...යමුද දැන්...
හරි දේව්...
මන් හිතන්නෙ දෙක පහු වෙලා..යනවා කිව්වට අපි ආවෙ කෑම කන්න...මන්දා ඒ කඩේ දාලා තිබ්බ ටීවි එකේ ගියේ නිවුස්...ඒකෙ හිටියෙත් දේව්ගෙ අප්පච්චි...ඇමති පොරොන්දු දෙන ගමන්....
පෙනේද...පෙනේද...ඇමතියා...
ඒ පාර අම්මා පටන් ගත්තා...
අනේ අම්මෙ...ම්හ්ක්...එපා අනේ...දේව් කේන්ති ගන්නවනෙ...
ආ චූටි...කේන්ති ගන්න ඕන..අර හිකනලාට අප්පච්චි කියන්න මන් දේව්ට උගන්නලා නෑ...දේව්ගෙ අම්මත් මම අප්පච්චිත් මම...ඕකා ඔය මහ ලොකුවට දෙන්නෙ බොරු පොරොන්දු...ඉදකින් මෝඩ මිනිහා...
අනේ මේ දෙන්නම එකයි...මන් පාඩුවේ කන්න ගත්තා..ම්හ්ක්..
ආයෙම ඉතින් ගෙදර යන්න...ඔය කිව්වට මට බීච් යන්න ඕන...හවසට තමා ලස්සනම...
මට නින්ද ගියා...ඔලුව කඩා වැටුනත් ලාවට වගේ මට දැනුනා මගෙ ඔලුව කාගෙ හරි උරහිසක වැදුනා කියන්න...
දේව් pov
පව්...නිදිමතේ මගෙ කොල්ලගෙ ඔලුව කඩන් වැටුනා..මන් එහෙමම ඒ කඩන් වැටුන ඔලුව මගේ උරහිසට තද කරගත්තා...
අම්මා තමා තාම ඩ්‍රයිව් කරන්නෙ...
අම්මෙ...
ම්ම්..
ඇමතියා සහීට මොනවහරි කරයිද...
සුදු මහත්තයා..මන් කිව්වනෙ...චූටිව බලාගනින්...මන් චූටිගෙ අප්පච්චිව පරිස්සම් කරන්නම්..ඇමතියා පොලිස් බල්ලා වගේ...මොන දේ උනත් දේව්..මේ කොල්ලට අතක් තියන්න දෙන්න එපා...පොඩි කාලෙ ඉදන් මේ කොල්ලට දුක විතරයි...දේව්...මේ අම්මා හොදට හොදයි නරජට නරකයි කියන්න දන්නවනෙ...උබ මොන ගනුදෙනුව ඇමතියා එක්ක කරත්...මේ කොල්ලාට හානියක් උනොත් පුතේ උබව මන් දරුකමින් අයින් කරනවා...
හරි මනෝරි...අම්මෙ...
හ්ම් හ්ම්....
බීච් එක ගාවින් නවත්තන්න...සහී හරි ආසයි බීච් එකට වෙලා ඉන්න...
ඉස්සරහට අහු වෙනවා...සෙනග අඩු තැනක නවත්තන්නම්...
මන් එහෙමම මගෙ උරහිස උඩ ඔලුව තියන් උන්න සහීගෙ කෙස් ගස් අතරින් මගෙ ඇගිලි යැව්වා...මගෙ අහින්සකයා...පියවිලා තිබුන ඇස්...එකට එක බැදිලා තිබුන තොල් පෙති...රෝස පාට කම්මුල්...මගෙ වස්තුවට තව අහින්සක කම එකතු කරලා තිබුනා...
මන් හිතනවා...උබ පොරොන්දු උනා වගේම මගේ ආදරේ විශ්වාස කරයි කියලා...මොන දේ උනත් මාව මගෑරගන්න එකක් නෑ කියලා...ඉතින් වස්තුව...කිව්වා වගේම මන් උබව පරිස්සම් කරනවා..මලක් වගේ..උබ මගෙ හැමදේම...
අදුර වැටීගෙන එනවා...අම්මා බීච් එකක් ගාව මෙහායින් කාර් එක නවත්තලා කාර් එක පාක් කරා...
සහී..නැගිටින්න...
ම්හු...
නැගිටින්න ලමයො...
ඇස් දෙක අතින් පොඩි කරන ගමන් සහී නැගිටලා වටපිට බැලුවා...මුහුද දැක්කා විතරයි අනේ කොල්ලාගෙ නින්ද කොහෙන් ගියාද දන්නෑ...
අනේහ් දේව්...බහිමු බහිමු...
මුහුද දැක්කා විතරයි මාවත් අමතක උන සහී කාර් එකේ දොරත් ඇරගෙන දිව්වා...නිකන් නෙවේ දාගෙන හිටපු සපත්තුත් ගලවලා කලිසමත් උස්සන ගමන්...මට බය හිතුනා...මේ හුරතල් කමට වටේ ඉන්න උන් කෙල හලයි කියලා...දුවන් ගිය සහීව ලගට අරන් මගේ අත ඒ අතට පටලැව්වෙ සහී මගේ දිහා බලද්දි...
ඇයි...මගේ නම් මගේ විතරයි...අනිත් උන්ගෙ ඇහැටවත් අහුවෙන්න දෙන්නෑ....යන්....
හරි හරි අනේ...ඔයා ඔය සපත්තු ගලව ගන්නකො...කාසමත් උඩට නවාගෙන...
ම්ම්....
කොල්ලා උඩ පැන පැන රැළි පාගනවා...ඒ විතරද වැලිත් කටේ...ලුනු රහ වතුර කටටත් යනවා...සමහර වෙලාවට ලොකු රැලි අපිව භාගයක් තෙමන තරමට...සමහර වෙලාවට ලගටවත් එන්න පින නැති රැළි...හරියට ඈතින් ඉදන් ආදරේ කරන කෙනෙක් වගේ...ලගටම කිට්ටු උනත් ආයෙම නො එන ඈතකට යන්න වෙන....
අම්මා ඈතින් ඉදන් බලන් උන්නා..අවසානෙදි සහීටම මහන්සි වෙලා අම්මා උන්න තැන බෙන්ච් එකෙන් වාඩි වුනා...අපි තුන් දෙනාම බැහැලා යන ඉර මුහුද සිප ගන්න විදිය බලන් උන්නා...
අපි යමු නේ දැන්...ම්ම්...රෑ වෙලානේ...
අනේ දේව් තව ටිකක්...
විනාඩි පහයි...
හා...
අවසානෙදි අපි ගෙදරට කිට්ටු උනා...මේ පාර මම ඩ්‍රයිව් කලා...අම්මා සහී නිදි...මහන්සියටම....ඇමතියා ගෙදර ඇත්තෙ...වගේම මට මැසේජ් එකක් ආවා...ඩ්‍රයිව් කරන ගමන්ම මම ඒක් බැලුවා...සහීගෙ බෝඩිමේ ෆොටෝ එකක්...මේ පාර උබට මොනවද ඕන...සීන් කරපු මම එහෙම්ම ඌට කෝල් එකක් ගත්තා..වෙන කවුද...ඇමති බල්ලා...
මොනාද තමුන්ට ඕන...
.....
මන් තමුන්ට කිව්වනෙ..ම්ම්..මන් හිතන්නෑ ඇමති තුමාට බලු භාශාවෙන් කියලා දෙන්න ඕන කියලා...
.....
තමුන් කියන වෙලාවට තමුන්ට ඒක දෙන්න මන් ලෑස්ති නෑ අයිසෙ...වෙලාව එනකන් ඉන්නවා...ඉවසන්න පුරුදු වෙයන්...නැත්තන්....
.....
ඕක තියනවා අයිසෙ...තමුන් හිතුවද මන් බය වෙයි කියලා...ඇමතියො...අහගනින් හොදට...උබ කියන්නෙ මට මේ දැන් උනත් හිරේ යවන්න පුලුවන් එකෙක්...ඒත් හිතයිද ලේසියෙන් යන්න දෙයි කියලා...උබ විදවන්න ඕන...මට අම්මට කරපු දේවල් වලට උබ විදවන්න ඕන...අහින්සක මිනිස්සුන්ට කරපු දේවල් වලට උබ නොමැරී මැරෙන්න ඕන යකෝ..තූහ්...තියපන් ඕක මාරයා අවුස්සගන්නැතුව...අප්පා කියලා බලන්නෑ උබගෙ බෙල්ල කපලා දානවා...
.....
මන් එහෙමම කට් කරා....ලේ පුච්චනවා....ම්ම්...ගනුදෙනුව..උබ ඕක මතක් කරන සැරයක් පාසා මට උබෙ මිනිය පේන්න ගන්නවා...ම්ම්...ඔහොම යන් ඇමතියො....
මන්
shadow
💚❤