කෑගල්ලට ලං වෙද්දි වට පිට අදුරු වීගෙන ආවේ හීනියට කඩා හැලුන ලා පොදක් එක්ක. දේව්‍යන්ගේ වාහනේ ඇහුන සිංදු ගමනේ විඩාව අඩු කරමිනුයි තිබුනේ.
පහු වෙමින් තිබුන පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන කුඩා පොල් අතු මඩුවක් ලග දේව්‍යන් කාර් එක නතර කරේ අශ්චර්යගෙන් තේකක් බොමුද කියලා අහන ගමන්.
ඒ වෙලාවේ අශ්චර්යා කලින් හිතුවට වඩා දේව්‍යන්ගේ ගති පැවතුම් හැම දෙයක් හරි සරලයි කියලා ආශ්චර්යට හිතුනා. අශ්චර්යා මුළු ජීවිත කාලෙටම අහලා තිබුන සල්ලිකාරයොන්ට තියනවා කියන ඒ කිසිම උඩගු කමක් ආශ්චර්යා දේව්‍යන් ලගින් ගත කරපු මේ එක තප්පරේකවත් දේව්‍යන්ගෙන් දැක්කේ නැති එක පුදුමයක්.
හැබැයි දේව්‍යන්ගේ ඒ සරලකම එක්කම ආඩම්බරයක් නොතිබ්බාම කියන්නත් බැහැ. ඒත් දේව්‍යන්ට තිබුනේ නිකන්ම නිකන් ආඩම්බරයකටත් වඩා තමන් ගැන තිබුන ආත්ම තෘප්තියක් එක්ක ආව ආඩම්බරයක්, ආශ්චර්යටත් ඒක අඩු නැතුව ඒ විදිහටම තිබුනා.
ඒත් අදින පලදින කතා කරන විලාශේ මේ හැමදේකින්ම දේව්‍යන් නියෝජනය කරන ඒ ධනවත් පංතිය දේව්‍යන් උජාරුවට විදහා දැක්වුනා.
එහෙම පිටට පෙන්වන කෙනෙක් අද ආශ්චර්යා එක්ක පොල අතු වලින් හදලා තිබුන කඩයකට තේකක් බොන්න රිංගනවා කියන එකත් විහිලුවක් වගේ, විශේෂයෙන්ම මසරාටියකින් බැහැලා ඇවිත්.
ඒ කඩය ආශ්චර්යට මතක් කරේ ගීතා නැන්දගේ කෑම කඩේ. ඒත් ගීතා නැන්දගේ දවල් කෑම වෙනුවට තිබුනේ හවසට තේකක් බොන ගමන් කන්න හොද කෑම වර්ග.
පොල් රොටි හතරකුයි තේ දෙකකුයි ඕඩර් කරලා ඉස්සරහා ඇගට දැනෙන නොදැනෙන ගානට තුවානමක් ආව ලී මේසෙක අශ්චර්යා වාඩි වුනේ දේව්‍යන්ට මුහුණලා.
"මාසෙකට කලින් මොකෙක් හරි ඇවිත් මට කිව්වනම් 'ආශ්චර්යා ඔයා දේව්‍යන් එක්ක සීතල දවසක එකට ඉදන් තේකක් බොයි' කියල මන් ජීවිතේට විශ්වාස කරන්නෑ."
වැස්ස දිහා බලන් හිටිය දේව්‍යන් ආශ්චර්යා දිහාට හැරුනේ සෙල්ලක්කාර හිනාවක් එක්ක.
"මටත් එසේම තමා මැඩම්. මට තාමත් හිතෙන්නේ හීනයක් කියලා"
"මාත් එක්ක තේ බොන එක? "
"ඒකයි තව ඔයා මාව මරන්න ප්ලෑන් කරන්නැතුව තප්පරයක් හරි මා එක්ක සහයෝගයෙන් ඉන්න එකයි."
"හිතාගෙන ඇති! මෙහෙම හොදින් හිටියට ඔලුවෙන් ඒවා ඔක්කොම මම ප්ලෑන් කරන ගමනුයි ඉන්නේ බබා"
දේව්‍යන් සද්දෙන් හිනා වුනේ ආශ්චර්යව තව පාරක් පුදුම කරවමින්. දේව්‍යන් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවා ආශ්චර්යට හුරු නැති සෑහෙන අලුත් දෙයක්.
"කියලා තිබ්බ එක නම් හොදයි කෝකටත්."
වීදුරු කෝප්පෙක දුම්දාන තේකක් මේසේ උඩ තියන මොහොත වෙද්දි ආශ්චර්යගේ හිත ආයෙමත් ගිහින් තිබුනේ කේස් එකේ අලුත්ම තත්වේ ලගට.
"දේව්‍යන්"
"හ්ම්"
"ඔයාට මොකද හිතෙන්නේ මේ කේස් එක ගැන?"
"මට නම් ස්කෑන් රිපෝට් එකත් එක්ක හිතන් හිටිය සෑහෙන දේවල් ගොඩක් වෙනස් වුනා."
"ඇයි ඒ?"
"මට එක වෙලාවකට හිතෙනවා මේ ගෑනු ලමයා තාම ඉන්නවත් ඇති කියලා. "
"අවුරුදු දෙකක් ගිහිල්ලත් කිසිම කෝල් එකක් නැතුව? "
"අපි දන්නෑනේ මන්දෝදරී මේ ගෑනු ලමයගේ හැටි, තව එයාගේ ගෙදර තත්වේ කිසි දෙයක්."
"හරි ඒක අපි දන්නෑ තමයි, ඇයි ඉතින් ඔයාට එයා තාම ඇති කියලා හිතෙන්නේ?"
"ඉතින් ඔයා හිතන්න අවුරුදු 21 එකක ගෑනු ලමයෙක්, ඉස්කෝලෙන් අවුට් වුන අලුතම ලමයෙක් හම්බෙන්න ඉන්නවා, එයාගේ පැත්තෙන් හිතන්න මොන වගේ මානසික මට්ටමක්ද තියෙන්න ඇත්තේ කියලා"
"ඒ විදිහට බැලුවොත් ඔයා කියන එකත් වෙන්න පුලුවන්. අපි හිතුවා වගේ මේ ගෑණු ලමයා කොටින්ම එදා දවසේ හන්තානේ නොගිහින් තියෙන්නත් පුළුවන්."
"වෙන්න පුලුවන්."
"එහෙම වුනා නම් මේ සමුද්‍ර කියන කෙනාගේ සම්බන්දේ මොකද්ද ? එයා තනියම ගිය කෙනෙක්ද හන්තානෙට? "
"තනියම වෙන්න බැහැ මන්දෝදරී, එයාව හම්බුන තැන ගෑනු කෙනෙක්ගේ බඩු බෑග් එකකුත් හම්බෙලා තියනවා පස්සෙ ඒක මේ නැති වෙලා ඉන්න කෙනාගෙ කියලත් හොයාගෙන තියනවා."
"ඔව් ඇත්ත, අනික අපි හිතමු මේ සමුද්‍ර කියන කෙනා මේකට හවුල්, එයා මේ ගෑනු කෙනා එයා එක්ක හිටියා කියලා අගවන්න බෑග් එකක් අරන් ආවා කියලා ඒත් එතන ටෙන්ට් ගහන්න ගෙනාව කෑම බීම බඩු ජාති සෑහෙන ගොඩක් තිබිලා තියනවා එහෙම බඩු තොගයක් එක් කෙනෙක්ට තනියම අරන් එන්න පුලුවන් කමකුත් නැහැල්ලු."
"මේක කිසිම අගක් මුලක් නැති ප්‍රශ්නයක් නේ මන්දෝදරී "
"අපි ඉක්මන් කරලා සමුද්‍රව හම්බෙන්න ඕනා දේව්‍යන, මට එයාව දකින කල් කිසිම දෙයක් හිතා ගන්න බැහැ වගේ ගතියක් තියනවා. "
ඒත් කොච්චහර හදිස්සි වුනත් ඒ වෙලාවේ දෙන්නම තේ එක්ක පොල් රොටි රසවින්දේ හැම ප්‍රශ්නයක්ම පැත්තකට දාලා.
ටික දුරක් එනකොට ආශ්චර්යට කතා කරේ තාන්වි, ආශ්චර්යට මේ වැඩ අස්සේ කවීන් ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලයි තිබුනේ.
ආශ්චර්යගේ ෆෝන් එක රින්ග් වෙනවා දැකලා දේව්‍යන් ප්ලේ වෙමින් තිබුන සිංදුවේ සද්දේ අඩු කරේ ආශ්චර්යට කතා කරන්න කියලා ඉගි කරමින්.
"තාන්වි"
"ආශූ..."
"මොකක් හරි හදිස්සියක්ද ඇයි කතා කරේ"
"වැඩකද ඉන්නේ කතා කරන්න පුලුවන්ද?"
"නැහැ නැහැ කතා කරන්න පුලුවන් තාන්වී කියන්න"
"කවීන් ආවා ආශ්චර්යා"
"කවීන්? කොහෙටද ආවේ?"
"මෙහෙ ගෙදරට අප්පා"
"ඇයි ඇවිත් තියෙන්නේ? "
"වෙන මොකටද අලුත් ටයර් ටික පෙන්නලා යන්න"
"බොරූ... මන් ඌට කිව්වා මන්-"
"මන් දන්නවනේ ආශූ ඌ ගැන, මෙහෙට ඇවිත් මට කෑ ගහලා කෑ ගහලා ගියා."
"මොකටද ඔයාට කෑ ගහන්නේ? "
"මන් දන්නෑ ආශ්චර්යා, ඌ නිසා මට මේ ගෙදරිනුත් යන්න වෙන සීන් එකක් වෙන්නේ"
"මාර මනුස්සයෙක් නේ- එහෙම කොහොමද"
"කතා කරල වැඩක් නැහැ අශ්චර්යා එක අතකට.මට නම් දැන් සල්ලිත් එපා අයියා එවලා අම්මට සල්ලි බෙහෙත් ගන්න. මට මූගෙන් ගැල වෙන්න තිබ්බ නම් ඇති."
"කිසිම බයක් සැකක් නැතුව ගෙදරට ඇවිල්ලා කෑකෝ ගහන්න තරන් ඌට තියන බලේ මොකද්ද"
"ඇමති බල තමා අශ්චර්යා වෙන මොනාද"
"ඕවා ඔක්කොම තව ටික දවසයි හැබැයි."
"මටත් ආරංචියී. ඒක තමා මූ සල්ලි තියන කෙල්ලො පස්සේ යන්න අරන් තියෙන්නේ හිගන්නෙක් වගේ."
" හම්... "
"ඔයා ආයේ කතා කරන්න යන්න එපා ආශු මෙහෙ ඇවිත් තියන කුණුහරප ඔක්කොම කියලා ඔයාටත් එක්ක තමා බැනලා ගියේ.මන් බයේ හිටියේ ගිතා නැන්දලගේ ගෙදරටත් යයි කියලා."
"මටත් බැන්නා!? ඇත්තමයි මන් හිටිය නම්- "
"ඒකෙන් වැඩක් නැහැ ආශ්චර්යා මගෙ වැරැද්ද ඔහොම වුන්ව ලන් කර ගත්ත එක, අන්තිමේ ඔයාවත් පටලව ගත්තා."
"එහෙම නැහැ තාන්වි, මන් මේ එන ගමන් තාම, අපි ඇවිත් කතා කරමු විස්තරේ?"
"අහ් හරි හරි එන්නකො පරිස්සමින්"
"හරී."
"සැර මැඩම්ගේ" දේව්‍යන් කතා කරේ ආශ්චර්යා ඔලුවටත් අතක් ගහගෙන සීට් එකට බර වෙනකොට.
"ඇයි මාව පෙන්නේ අහිංසකයි වගේද?
"එහෙම නම් පේන්නෑ ඒත් ඔච්චර සැරයි කියලා හිතෙන්නෑ."
දේව්‍යන් දැක්කේ ආශ්චර්යගේ තොල් ලාවට හිනාවකින් ඇදෙනවා.
"කවුද දැන් මගෙ මැඩම්ව තරහ අවුස්සන්නේ?"
"එයාවනම් ඔයා දන්නවත් ඇති"
"මන් දන්නවා? කවුද ඒ?" නලල රැලි කරන් දේව්‍යන් ඇහුවේ ගැබුරු කටහඩකින්.
"කවීන් බණ්ඩාර- අර සෞඛ්‍ය ඇමතිගේ පුතා"
"රේස් පදින එකෙක් නේ? මන් දැකල නම් නෑ. ඩයල් එක ගැන අහලා තියනවා."
"හ්ම් හ්ම් එයා තමා."
"මොකද්ද ඔයාට එයා එක්ක තියන සම්බන්දේ?" දේව්‍යන්ගේ කටහඩේ තිබුනේ මීට කලින් ආශ්චර්යා අහලා තිබුනේ නැති විදිහේ ස්වරයක්, හරියට කේන්තියක් වගේ.
"මට නෙමේ අනේ, මගෙ යාලුවෙක්ගේ ප්‍රශ්නයක්."
"ආහ්... මගෙන් උදව්වක් ඕනද ?"
ආශ්චර්යා තත්පර කිහිපයකට දේව්‍යන්ගේ වචන ඇතුලේ අතරමං වුනා. ඒ වාක්‍ය ආශ්චර්යගේ පපුවට දැනුනේ සෑහෙන බරකින්, දේව්‍යන් ආශ්චර්යගේ යාලුවෙක් කියන්න බැරි උනත් ඒ වගේ දැනෙන්න පටන් අරන්දෝ කියලා ආශ්චර්යට හිතුනා.
ඒත් මේ හැම දේම හන්තාන කේස් එකෙන් පස්සේ ආයෙම පරණ අතට හැරෙනවා කියලා අමතක නොවෙන්න ආශ්චර්යගේ යටි හිත හැමතිස්සෙම ආශ්චර්යට කෙදිරුවා.
"නැහැ ඒක ඉවරයි" ආශ්චර්යා කිව්වේ ගැබුරු හුස්මක් පහල දාමින්.
දේව්‍යන් ආයෙම කේස් එක පැත්තට අවදානේ දුන්නේ කාර් එකේ තිබුන නිශ්ශබ්දතාවය බිදිමින්.
"මන්දෝදරී බැරි වෙලාවත් මේ ලමයා සමුද්‍රගේ නම් අපි මොකද කරන්නේ?"
"ඒත් සමුද්‍රගේ කියලා හොයා ගන්නේ කොහොමද දේව්‍යන්?"
"මන් දන්නෑ ඒත් එයාලා අතර මොනාමහරි සම්බන්ධයක් තිබිලා තියනවා කියලා ශුවර් නේ"
"ඒක යාලුකමක් වෙන්නත් පුලුවන් නේ ? සමුද්‍රගේ සීයා සෑම් කිව්වෙත් එහෙමයි කියලා."
"යාලුවෝ කියලද?"
"හ්ම්, මට පෙන්නපු ෆොටෝ එකෙත් ඒ දෙන්නා සැලකිය යුතු පරතරයක් තියලා හිටන් ඉන්නෙත්."
"මොන ෆොටෝද?"
"ඔයා ඒ වෙලේ සීයා දුන්න තේක අරගෙන ආයෙම කාමරේට ගියා."
"අහ් වෙන්න ඇති මන් දැක්කේ නැහැ එහෙම එකක්."
"හ්ම්... ඒත් දේව්‍යන්, ඔයා හිතනවද පිරිමි කෙනෙක්ටයි ගෑණු කෙනෙක්ටයි යාලුවෝ වගේ ඉන්න පුලුවන් කියලා මෙච්චර කාලයක්."
"මන් එහෙම ඉදලා නැහැ ඒත් ආශ්‍රය කරන හැම කෙනා එක්කම මිනිස්සු ආදරෙන් බැඳෙන්නේ නෑ නේ මන්දෝදරී."
"ඒ කියන්නේ අනිත් කෙනා කොච්චර ලස්සන වුනත් කොච්වර ගැලපුනත් සමහර විට එහෙම දෙයක් ඇති නොවෙන්න පුලුවන්."
"ඓහෙම සම්බන්ධකන් ඇති කරගන්න පිරිමිත් ඇති මන්දෝදරී, ඒත් සමහර පිරිමි ඉන්නවා එකම කෙල්ලෙක්ට පණ ඇරලා ආදරේ කරන. සමහර වුන් එහෙම ඉන්නේ ඒ කෙල්ලව අයිති කර ගන්නත් කලින් ඉදලා. "
"එහෙම වුනත් ගොඩක් අය කියනවා නේ ඒ ඔක්කොම වටිනාකම් ඒ කෙනාව තමන්ගේ කර ගන්නකන් විතරයි කියලා."
"එහෙම නෑ, සමහර වුන් ඉන්නවා ලැබුනොත් ඒ කෙල්ලව අදහන්න බලන් ඉන්න."
දේව්‍යන්ගේ කතාව එක්ක වාහනය පුරාම පැතිරුණේ සෑහෙන ගැඹුරු නිශ්ශබ්දතාවයක්. ආශ්චර්යගේ ජීවිතේ කොල්ලෙක් ආදරේ කරන හරි, කරන්න ඉන්න හරි කෙල්ලෙක් ගැන මේ විදිහට කතා කරනවා ආශ්චර්යා අහපු පලවෙනි වතාව. ඒකත් දවසකට කලින් වෙනකන් ආශ්චර්යට දෑහෙට පේන්න බැරුව හිටිය දේව්‍යන්ගෙන්. ආශ්චර්යට ලෝභ හිතුනා.
"ඔයත් එහෙමයි?" ආශ්චර්යා මවා ගත්ත සැහැල්ලු කටහඩකින් ඇහුවේ දේව්‍යන් දිහා බලමින්.
"අනිවාර්යයෙන්." දේව්‍යන් උත්තර දුන්නේ තත්පරයක්වත් නාස්ති නොකර.
හොස්පිට්ල් එකේ පාකින් එකට වාහනය දානකොට හීනි පොදක් වැටෙමිනුයි තිබුනේ.
"ගුඩ් ඊව්නින් සර්! ගුඩ් ඊව්නින් මිස්!
මිස්ට' එල්. එස් හේරත් ඉන්නේ රූම් 403 එකේ"
තුන්වෙනි තට්ටුවේ තිබුනේ සෑහෙන පාළු පාටක් 403 කාමරය ඉස්සරහ හිටගෙන හිටියේ සුදු කමිසක් එක්ක කලු කලිසමක් ඇදගෙන හිටිය හැඩි දැඩි පුද්ගලයෙක්. ආශ්චර්යගේ අවදානේ ගත්තේ ඒ කෙනාගේ ඉන හරියේ රදවලා තිබුන පිස්තෝලයක්.
"සර්! ගුඩ් ඊව්නින්" දේව්‍යන් ව දැක්ක ගමන් ඔහු තවත් ගාම්බීර ලෙස උරහිස් කෙලින් කරන් හිට ගත්තා.
"ගුඩ් ඊව්නින්! අපි එනකන් කාටවත් ඇතුලට එන්න දෙන්න එපා."
"ඕකේ සර්"
"මිස්ට සමරනායක ගාඩ් කෙනෙක්ව දාන්න ඕනා කිව්වා, මන් හිතන්නේ ඒ එයා." දේව්‍යන් කිව්වේ අශ්චර්යගේ හිතේ තිබුන ප්‍රශ්නේ අහන්න කලින්.
"අහ්..."
ලා කහ එලියක් කාමරේ ආලෝකමත් කරලා තිබුනා ඒ කහ පාට එලිය කාමරේ එලිය කරනවට වඩා කාමරේ අදුරු කරලා තිබුනා.
"සමුද්‍ර අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද?"
ආශ්චර්යා ලන් වෙන ගමන් කතා කරේ කාමරේ අයිනකට වෙන්න තිබුන සුදු උස ඇදේ වැතිරිලා එක අතක් ඇස් දෙක උඩින් දාගෙන හිටිය සමුද්‍රට.
ආශ්චර්යගේ කටහඩට තිගැස්සුන සමුද්‍ර වැලමිටින් ඉස්සුනේ කාමරේ කහ එලියෙන් අමාරුවෙන් , ආවේ කවුද කියලා පැහැදිලිව අදුන ගන්න ගමන්.
තත්පර ගානකට ආශ්චර්යා ගාව නතර වුන ඒ ඇස් වල ආශ්චර්යා දැක්කේ පිංතූරෙ තිබ්බ ඒ හිස් පෙනුමමයි. සමුද්‍රට තිබුනෙත් දේව්‍යන්ගෙ වගේම රළු නමුත් කඩවසම් පෙනුමක්. ලෙඩ වෙලා නිසා සමුද්‍ර ගේ මූණ තිබුනේ මලානික විදිහට සුදුමැලි වෙලා. තොල් අසාමාන්‍ය විදිහට රතු පාටට හුරු රෝස පාටක් වෙලා තිබුනා. කොණ්ඩෙ පස්සට කරන්න උස්සපු අතේ වැලමිටේ ඇතුල් පැත්ත දරුණු විදිහට නිල් දම් පාටක් වෙලා තියනවා ආශ්චර්යා දැක්කා.
ආශ්චර්යගෙන් මිදුනු ඒ ඇස් වෙනස්ම බැල්මකින් දේව්‍යන් ලග නතර වුනේ ආශ්චර්යගේ කුතුහලය අවුස්සමින්.
"තේරොන්?"