Ep 53
වේල්ස් එනගලන්ත ස්කොට් ලන්තෙ අයර්ලන්තෙ හැම පැත්තෙන්ම සෙනග පිරිලා
ලන්ඩන් මාලිගාව ඉස්සරහා ලක්ශයක විතර සෙනගක් පොදි කනවා
මිනිස්සු මහන්හයියෙන් කෑගනාවා
බෝඩ් ලෑලි උස්සගෙන
මම් මගේ වම් අතින් පෝල් ගෙ දකුනු අත අල්ලගෙන
අපි නිදහස් අත් අපිට සභ පතන්න ආව ජන ගන්ගාවට වනනවා
අපි ලගම ලොකු හිනාවකින් මූන සරසගෙන රැජිනයි බියට්‍රිස් හිටගෙන හිටියා
""මට නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්
රජපවුල රැකගෙන රට හොදින් පාලනය කරන්න පුලුවන්
ජනතාව ආදරේ කරන ජනතාවගේ පාලකයෙක් නිර්මානය උනා
මම නැතත් මහා බ්‍රිතාන්‍ය සුරක්ශිතයි""
රැජින හිනාවෙලා හරිම සතුටෙන් කියුවා
මිනිස්සු මල් පොකුරු උඩ දානවා
රැහිනගෙ පෝල්ගෙ මැඩෝනා කුමරියගෙ ( පෝල්ගෙ අම්මා) පින්තූර අල්ලගෙන සුභ පැතුම් වාක්‍ය කියලා කෑගහනව
යන්න දෙන්න එක්ක හිහින් මිනිසුන්ගෙ සුභ පැතුම් පිලිගන්න
රැජින අපි දෙන්නගෙ පිටට තට්ටු කරාලා කියුවා
අපි සදලු තලයෙන් බහින්න දොරරෙදි ව්ලින් ඇතුලට ආව ගමන් රැජින අපි දෙන්නව බදාගත්තා
"" මට හරි සතුටුයි....ඔයාල දෙන්නට මිනිස්සු ආදරෙයි
මේ වගේ මිනිස්සු ගොඩක් සතුටෙන් එක තැනක ඉන්නව මම දැක්කෙ ඔබේ අම්මගෙයි තාත්තගෙයි විවාහය දවසෙ
පෝල් ඔබ හොදටම දන්නව ඔවුන් දෙන්නට උනදේ
මේක ආරම්භය විතරයි
දෙන්න එකට ජීවත් වෙද්දි තමයි ප්‍රශ්න වැඩි වෙන්නෙ
ඔයාගෙ තාත්තයි අම්මයි විවාහ ජීවිතේ පටන්ගත්තෙ සුරන්ගනා කතාවක් වගේ ඒත් ඒක ත්‍රාශජනක කතාවක් වෙලා අන්තිම ශෝකාන්තටක් උනා
ඒකනම් ඔය දෙන්නට වෙනව දකින්න මම පොඩ්ඩක්වත් කැමති නෑ""
"" ඔවූ ආච්චි අපි දෙන්න හැම දේටම හොදට මුහුන දෙනවා
ඒකට අපි දෙන්නටම ආදරය විශ්වාසය ශක්තිය තියෙනව""
"" විශ්ඨයි...ඒකම තමයි අවශ්‍ය""
රැජින අපිට මිනිස්සු අතරට අයන්න අවසර දුන්නා
ඉන්ග්‍රීසි මිනිස්සුන්ට ඕනෙ උනා අපි දෙන්න එක්ක සෙල්ෆි ගන්න
එයාලගෙ ඔටෝ ග්රාප් වල අත්සන් ගන්න
එයාලගෙ සුභ පැතුම් කාඩ් මල් පොකුරු චොකලට් අපිට දෙන්න
"" ඇලෙක්ස් මොකද මූන අමුතු කරන් ඔයා සතුටෙන් නෙමෙයිද ඉන්නෙ"
"" මම මම ඉන්නෙ හරිම සතුටෙන්""
"" ඒත්මොයාගෙ ඇස් බෝල හෙලවෙන විදියෙන් මට කියන්න පුලුවන් ඔයා මොනව හරි ප්‍රශ්නෙක ඉන්නෙ
"" ඔවූ ඇත්තටම ඔවූ....පිලිප්ගෙ කාමරේ තිබුන පලිහ පිටිපස්සෙ ලියපු රහස් ව්චන ටික තෙරුම්ගත්තොත් අපේ වටේ සැරිසරන නපුරු බලවේග ජාලයෙ කොනක් හොයාගන්න පුලුවන් කියලා මට හිතෙනව
මොකද්ද ඒ රහස් වාක්‍ය
පෝල් මගෙ ෆෝන් එකට එබිලා ඇහුවා
ම්ම ෆෝන් එකේ ගැලරියෙ බල බල හිටියෙ පෝල්ට පිලිප් ගෙ කාමරේ තිබුන පලිහ පෙන්වන්න
""මේ තියෙන්නෙ මෙන්න මේක""
ටෝරෝ....ප්ලාඩි ටෝරස් ...මැටර්ඩෝර් ...ප්ල්කර්ඩෝර්
පෝල් මම පෙන්නපු ෆොටෝ එක දිහා ඇහිබැම හකුලගෙන බලන් හිටියා
"" ඇලෙක්ස් මේ වචන ඔයා දැනගන්නම ඕනෙ නෑ කියන්න බෑ""
"" ඔවූ මේව ස්පැනිශ් උච්චරනයක් තියෙන වචන ඒත් මට තේරෙන්නෙ නෑ""
"" ඇයි අනේ මේව ස්පැනිශ් ගොන් පොරවලදි නිතර කියැවෙන වචන ටිකක්නේ""
ටෝරෝ කියන්නෙ සටන්කාමී ගවයා
ප්ලාඩි ටෝරස් කියන්නෙ හරකගෙ නාස් මුද්ද
මැටර්ඩෝ කියන්නෙ ගවපොර සටන් සිදුවෙන තැන
පිකර්ඩෝ කියන්නෙ හරකගෙ පිට උඩ නගිනව කියන එක
"" හරි ඕව නිකම්ම වචන කිසි තේරුමක් නෑනෙ""
"" ඔවූ මේවයෙ තේරුමක් නෑ
ඔයා කියපු විදියට සැමුවෙල් බටහිර යුරෝපෙ හිටියනම් මිනිහා ගොන් පොර පිස්සෙක් වෙන්න ඇති
ඒ සටන් වල නිතර කියවෙන වචන ටිකක් ඔහේ ලියන්න ඇති""
"" ඔවූ ගොඩක් දුරට
ඒත් මට ස්පාන්නෙට යන්න හිතෙනව ඇත්තටම මේ වචන පිටිපස්සෙ""
"" ඔයා ඔය වචන පිටිපස්සෙ යනව කියල කොගේ කොහේ යන්නද ස්පැනිශ් රටේ ගොන් පිර ක්‍රීඩා පිටි 1000කට වැඩිය තියෙනව
ඔය ඔය හැම එකකටම ගිහින් බලන්න බෑනෙ
අනෙක බලන්නෙ මොනවද නොදැන ඔයා මොකද්ද හොයාගන්නෙ ""
මම සම්පූර්න විස්තරේ ස්ටීවුට යැවුවා
"" අපිට මේ සැමුවෙල් කියන මිනිහව හොයාගන්න වෙනව
ඩාක් වෙබ් එකෙන් සැමුවෙල් ඔඩ්ලේ එක්ක සම්බන්ධ වෙලා තියෙනව
මම එවපු පිලිප්ගෙ ෆෝන් එකෙනුයි ලැප් එකෙනුයි මොනව හරි දෙයක් හොයාගන්න පුලුවන් උනාද
මෙන්න මේ ෆොටෝ එක සැමුවෙල් කියන මිනිහා පිලිප්ට දීපු ප්ල්ටිනම් පලිහක පිටිපස්සෙ ලියල තිබුබා
මට හිතෙනව මේක රහස් කේතයක් බව
ඒක ඩිකෝඩ් කරන්න බලන්න""
මගේ මැසේජ් එකෙන් දවසකට පස්සෙ මෙන්න ස්ටීවූ මට කතා කරනව
"" සර් පිලිප් ගෙ අන්තර්ජාල ක්‍රියාකාරකම් අපි ඔක්කොම නිරීක්ශනය කරා
ඩාක් වෙබ් එකෙන් වීපීඑන් පාවිච්චිකරලා මිනිහට ඔඩ්ලෙගෙන් සැමුවෙල්ගෙන් මැසේජ් ඇවිත් තියෙනව
ඒ මැසේජ් වල බොරු අයිපී ඇඩ්රස් තියෙන්නෙ...ඒවයෙන් පෙන්වන්නෙ ඒ හැම මැසේජ් එකක්ම රුසියාවෙන් ආව කියලයි
අපේ නෙට්වර්ක් ස්පෙශලිස්ට්ලා ට්‍රයි කරනව හරිම ලිපිනය හොයාගන්න
ඒක වෙලා යනව
අපි කරන්නෙ ලෝකෙ එක එක ජීපීඑස් ලොකේශන් බොරු අයිපී එඩ්රස් වලට දදා ඒව කොයිතරම් දුරට හරියන සම්බාවිතාවක් තියෙනවද කියල බලන එක
දැනට අපිට වැඩිම සම්බාවිතා අගය ලැබුනෙ බටහිර යුරෝපෙන්
ඒ කියන්නෙ මේ මැසේජ් බටහිර යුරෝපෙන් එන්න තියෙන ඉඩකඩ වැඩී
ගොඩක් දුරට ස්පාන්නෙන් වෙන්න පුලුවන්
සර්ගෙන් ලැබුන වචන කීපෙන් අපිට හිතෙනව මේව අතරෙ සම්බන්දයක් තියෙනව කියල
ස්පැනිශ් ගොන් පොර තරග බිම් ගොඩක් තියෙනව ටෝරෝ කියල නම තියෙන
ඒවයෙන් මැටඩෝර් කියන නගරෙ තියෙන්නෙ එක බුල් ෆයිටින් ග්‍රවුන්ඩ් එකක් විතරයි ටෝරස් නම තියෙන
අපි ටෝරස් ග්‍රවුන්ඩ් එක වටේම සිතියම බැලුවා....තරගබිම ලගම ප්ලැකර්ඩෝර් කියල මන්දිරයක් තියෙනව
අපි නිකමට ඒ මන්දිරේ ලොකේශන් එක අපේ අයිපී එඩ්රස් බේකර් එකට දැම්ම
සීයට සීයක සම්බාවිතාවක් පෙන්වනව
ඒකියන්නෙ මේ ඩාක් වෙබ් එක ක්‍රියාත්මක වෙන්නෙ ප්ලැජඩෝර් වලින් ""
"" නියමයි ස්ටීවූ නියමයි
දැන් තමුසෙලා එතැන පරික්ශා කරන්න මොනව හරි දෙයක් කරාද""
"" සර් මේ දැන් අපි ඕක දැනගත්තෙ...අපේ රහස් ඔත්තුකාරයො කන්ඩායමක් අපි මේ දැන්ම ස්පැනිශ් භූමියට යවනව""
"" ඒක හොදයි....මමත් මේ මිශන් එකට ජොයින් වෙනව""
"" එපා සර් එපා...ඒක භයානකයි
වෙනද වගේ අපි සර්ට ලයිවූ අප්ඩේට්ස් දෙන්නම්""
"" නෑ මට ඔයාල එක්ක යන්න ඕනෙ
අඩුමගානෙ මම ඔය ලගටවත් ඇවිත් ඉන්නම් ""
මම ෆෝන් එක කට් කරා
මගෙ හිත මට බලකරනව මේ සෙල්ලමේ අන්තිම කොටස ඇස් දෙකෙන්ම බලාගන්න
ඔඩ්ලේ අහුවෙන වෙලාවෙ මම එතැන ඉන්න ඕබෙ
ඔය කාලකන්නි ගෑනි මගේ ජීවිතේ විනාශකරන්න හැදුවතරමට ඒ ගෑනි පරාද වෙන සිද්දිය මම බලන්නම ඕනෙ
මම තවත් වෙලා කල්පනා කරා
පෝල්ව නම් අරගෙන මේවයෙ යන්න බෑ ...පෝල් එද්දි එයාගෙ ආරක්ශකයො මහගොඩක් එනවා
මගේ උන් වගේ උන්ව භයකරලා එලවන්නත් බෑ
මහ ගොඩක් සෙනග අරගෙන ගිහින් ඔඩ්ලේව අල්ලගන්න බැහැ
ඒ නිසා මේ වගේ මජරි වැඩ වලදි හැම වෙලේම මගේ ලගින් හිටියෙ ඩියේගෝව සම්බන්ද කරගන්න මම හිතුවා
"" ඕයී ඩියෝගෝ මේදවස්වල කොහෙද""
"" ඇලෙක්ස් ...මේ උබමද ...හිතුවෙ නෑ අදවගේ දවසක කතාකරයි කියල...කන්ග්රැටුලේශන්...""
"" තමුසෙව එහෙම අමතකවෙනවද ඕයී...අපි දෙන්න වැඩේ ගොඩ දැම්ම...දැන් පෝල්ට කිසිම බාදාවක් නෑ මාව බදින්න""
"" ම්ම්ම්ම්....ඒක ඔයාට සතුටුයි මට දුකයි
ඒ කියන්නෙ ඔෆීශියලිම මට උබව නැතුව යනව""
"" ඔන්න ඔන්න බයිලා වයන්න ගත්තා
තමුසෙට මාව නැතිවෙන්නෙ නෑ ඕයී...ඕනෙ වෙලාවක මම උබ වෙනුවෙන් ඉන්නව
ඒක නෙමෙයි ලොකු වැඩක් තියෙනව අපි දෙන්නට කරන්න""
"" ඒ මොකද්ද""
"" ඒක කියන්නම් අපි මුනගැහුනම
කියනවකො දැන් කොහෙද ඉන්නෙ ""
"" මම එන්ගලන්තෙටා ආවා පෝල්ගෙ ජනමත විචාරනය වාර්තාකරන්න""
"" ආඅ...තමුසෙ එන්ගලන්තෙද ඉන්නෙ
ඕයි මෙහෙ ආවනම් මට කෝල් එකක් දෙන්න එපැයි""
"" මම ඔයාල දෙන්න පැලස් එකෙන් සැලියුට් කරන වෙලාවෙත් හිටියා කැමරාකාරයො අතරෙ""
"" ඉතින් ලගට ඇවිත් කතා කරන්න එපැයි""
"" නෑ ඒක හරි නෑ
ලොකු ඉවෙන්ට් එකක් යන වෙලාවෙ මම ඇවිත් භාදාකරන එක හොද නෑ
අනෙක පෝල් මම දැක්කන්ම් මූන දෙල් කරගන්නව
ඒ නිසා මම වැඩිය හයිලයිට් නොවී මගෙ වාර්තාවැඩ සටහනට ඕනෙ කරුනු ටික එකතුකරගත්තා""
""දැන් කොහෙද ඉන්නෙ...මම උබ ඉන්න තැනකට එන්නම්""
"" දැන්නම් මම් ප්‍රන්ශෙ ඉන්නෙ
ඔයාලගෙ වැඩ සටහන ඉවර උන ගමන් මම ප්‍රන්ශෙට ආවා
ප්‍රන්ශ ජනාධිපති ඉතාලි අගැමැතිනිත් එක්ක වලියක් දාගෙන
ඔයාල දෙන්නගෙ පෘවෘත්ති වලට පස්සෙ ඒක තමයි රසවත්ම මාතෘකාව
අප්‍රිකාවෙන් එන සරනාගතයො ඔක්කොම ඉතාලිය භාරගන්න ඕනෙ කියල ප්‍රන්ශ ජනාධිපති කියලා...ඒකට ඉතාලියට තරහ ගිහින්
ප්‍රන්ශෙ මුලු අප්‍රිකාවම යටත් කරගෙන එහේ තියෙන සම්පත් හූරගෙන කන නිසා ජීවත් වෙන්න විදියක් නැතුව අප්‍රිකානු සරනාගතයො මධ්‍යදරනී මුහුද හරහා ඉතාලියට එනවා...ඒ සරණාගතයො ඉතාලියට භාරගන්න බෑ ප්‍රන්ශෙ,අ ගන්න කියල ඉතාලියෙන් බනිනව
ඉතාලි අගමැතිනි මහ කටහැකර අම්මන්ඩි කෙනෙක්
අද ප්‍රන්ශෙ ඔසිටේන් පලාතෙ තියෙන ඉතාලි සමුලුවකදි ඔය ගෑනි ප්‍රන්ශෙට හොදට දෙහිකපනව
ඒ විසිවෙන රසකතා කෑලි ටිකක් එකතු කරගත්තනම් හොද උනුහුනට නැගල යන ආටිකල් එකක් ලියාගන්න පුලුවන්""
"" අපෝ උබනම් කපුටෙක් වගේ කොහේ හරි අන්තර්ජාතික කුනුවල හාරනවනම් උබ එතැන
මේ ඒකෙන් වැඩක් නෑ තමුසෙ ඔසිටේන් වල ඉන්න එක තමයි මට වැදගත්ම
මම තව පැය පහකින් ඔසිටේන් වලට එනව
තමුසෙගෙ ඔය බඩකඩිත්තු සමුලුව ඉවර වෙලා තියෙයි නේද එතකොට""
"" ඔවූ තව ටිකකින් පටන් ගන්නව...මම ඔසිටේන් එයාපෝට් එකට එන්නම්""
"" නියමයි සුද්දෝ...අපි එහෙදි මුන ගැහිලා කතා කරමු""
මට නිදහස් වෙන්න ලොකු බොරු ගොඩක් කියන්න උනා
පෝල්ට වෙල්මට ජැකීට මාලිගා ආරක්ශකයන්ට ඔක්කොටම ඒකම බොරුව අතේ ඇදලා කියන්න උනා
වී අයි පී උනාම හිතේ හැටියට කිසිදෙයක් කරන්න බෑ
චූ කරන්න ගියත් දහපාලොස් දෙනෙක්ව දැනුවත් කරන්න ඕනෙ
කොහොමින් කොහොම හරි මම හති හලාගෙන කියපු වෙලාවට ඔසිටේන් එයාපෝට් එකට ගියා
ඒකෙදි ඩියෝගෝ මුන ගැහුනා
"" ස්වර්ගය ඔලුව මත පතිත වෙත්වා...මිනිහෝ මොකද්ද මේ වෙලා තියෙන්නෙ""
මට ඩියෝගෝ දැකලා පුදුම හිතුනා මිනිහා හොදටම ඇදිලා ගිහින් අwස් යට කලුවෙලා කොන්ඩෙත් සුදුවෙලා
"" කිසි දෙයක් වෙලා නෑ...මේ ඉන්නෙ කොල්ල ටොපට"
"" කොල්ල...කොල්ල කියන්නෙ කොහොමද...තමුසෙ අවුරුදු 30ක් විතර නාකිවෙලා වගේනෙ
ඩියෝගෝ මොකද්ද ප්‍රශ්නෙ""
"" කිසි ප්‍රශ්නයක් නෑ...වැඩ වැඩී එච්චරයි""
"" නෑ තමුසෙට මොකක් හරි අසනීපයක් තියෙනව""
"" ඇග නෙමෙයි බන් හිත ලෙඩ වෙලා තියෙන්නෙ
ආදරේකරන්න කාත්කවුරුත් නැති උනාම මිනිස්සු ලෙඩ වෙනව""
"" අනේ කොල්ලෝ....ඕක ගැන හිතන්න එපා බන්...මම ආදරවන්තයෙක් විඩ්ගියට නොවුනත් යාලුවෙක් විදියට උබ එක්ක ඉන්නවනෙ""
"" කියන්න ලේසී කරන්න අමාරුයි...මගෙ හිත උබට ඇබ්බැහිවෙලා
මට හෙනගහපු දෙන්...ම්ගෙන් වැඩක් නෑ
උබේ වැඩේ කියපන්""
"" හරි...මගේ මේ වැඩේ ඉවර උන ගමන්...අපි යනව හොස්පිටල් එකකට...ෆුල් බොඩි චෙක් අප් එඅකක් කරල ඔයා බෙහෙත් ගන්න ඕනි...මම ඔයත් එක්ක ඉන්නව""
"" ම්ම්ම් බලමු...මට ජීවත් වෙන්න ලොකු ආශාවක් නෑ"
"" කටවහපන්...ඔය මැරෙන කතා කියන්න එපා""
"" හරි...දැන් කියන්න මොකද්ද ඔයාගෙ වැඩේ""
මම මගේ කතාව සම්පූර්නයෙන්ම ඩියෝගෝට කියුවා
මම හොයගනිපු දේවල් අහල කොල්ලා පුදුම උනා
""මේ ගෑනි ගෙලටින් එකේ දාල මරන්න එපැයි කරල තියෙන දේවල් වලට""
"" ඩියෝගෝ අපි ගානට හුබහ ලගටම ඇවිත් ඉන්නෙ බෙල්ල මුලින් අල්ලගන්න තියෙන්නෙ""
"" හරිම්වැඩේ කරමු
ඔයා කියුව මාලිගාව ලොකු දුරක නෙවෙයි තියෙන්නෙ
අපි ඉන්නෙ ඔසිටේන් වල එතැන ඉදලා කිලෝමීටර් තිහයි සිපැනිශ් බෝඩර් එකට
බෝඩරේ ඉදල කිලෝමීටර් හතලිහක් ඇති මැටඩෝර් නගරෙ ප්ලැකඩෝර් මාලිගාවට
ටෝරස් ගවපොර් පිටියෙ ඉදලා මීටර් පන්සීයයි හරියටම මාලිගාවට""
" ඕයි තමුසෙ කොහොමද ඔය තරම් හොදට ඔය මාලිගාව ගැන දන්නෙ""
"" මම මැටඩෝර් වල කොල්ලෙක් මම ඉපදිලා හැදිලා වැඩුනෙ එහේ
ටෝරස් මම කැමතිම තැනක්
හරක් සටන් වලදි මහ ගොඩක් ගොම හලනව
බුල් ෆයිට් වලින් පස්සෙ පොඩි කොල්ලන්ට පාර සුද්දකරන්න ලැබෙනව
ප්රොපිටාරියෝ ( ඉඩම්හිමි රදලයා) අපිට ඒකට පෙස්ටා ( ස්පැනිශ් මුදල් ඒකකය යුරෝ භාවිතයට පෙර) දෙකක් ගෙවනව
අපි ඔය මාලිගාවෙ හේසල් ඇට කඩන්න ගිහින් තියෙනව""
"" ඒකියන්නෙ තමුසෙ මේ මාලිගාව දන්නව""
"" ඔවූ ඕකෙ ඉස්සර හිටියෙ පේද්රෝ සිටුතුමා...එයාගෙ පුතා විකී....ඒක කෙටිනමක් විකී ගෙන් පස්සෙ ඕක සැමුවෙල්ට
ලැබෙන්න තිබුනේ මොනව හරි හේතුවක් නිසා විකී නට්ටන් වෙලා මිනිහා ඔය ගෙදර විකුනුව
ගත්තු අය ඕක හොටෙල් එකක් කරන්න හිටියත් මොනවත් උනේ නෑ කාලයක් වහල දාල තිබුනා
සැමුවෙල් මගේ වයසෙම පන්ඩිත කොල්ලෙක්
උගේ වන්ශෙ කබල් ගාන ගතිය නිසා අපි කවුරුත් ඌට කැමති උනේ නෑ
පන්ඩිතයා අපිව ගනන්ගත්තෙත් නෑ
තාත්තගෙ සල්ලි හිදිලා ගේත් විකුනුවට පස්සෙ සැමුවෙලුත් කොහේහරි ගිහින්...අපේ අනෙක් යාලුවො කියුවෙ මිනිහා රුසියාවට ගියා කියලයි
හැබැයි ටික කාලෙකින් සැමුවෙල් හොද සල්ලිකාරයෙක් වෙලා ආයෙ ගමට ඇවිත්
විකුනපු ඉඩම අරන් තිබුනට වඩා හොදට මදිරේ අලුත් වැඩියා කරාලු
දැන්නම් මිනිහා ඉදල හිටල මෙහේ ඉන්නව අපේ යාලුවො දැකලා තියෙනව""
"" තමුසෙ මහගොඩක් විස්තර දන්නවනෙ සැමුවෙල් ගැන""
"" ඔවූ මගේ ඉස්කෝලෙ යාලුවන්ගෙ වට්සැප් ගෲප් එකක් තියෙනව...මම නම් වැඩිය චැට් කරන්නෙ නෑ
ඒත් අනික් උන් දාන මැසේජ් බලනව
අපේ පැත්තට තියෙන ලොකුම මන්ධිරේ ඕක නිසා මිනිස්සු නිතර ඕක ගැන කතා වෙනව
මගෙත් පොඩි කාලෙ ඔය මන්ධිරේ වැඩ කරලා තියෙන නිසා ගෲප් එකේ ඕක ගැන මොනව හරි යද්දි මම උනන්දුවෙන් බලනව""""
"" හරියට හරි...උබ නියමෙටම දන්නව
සැමුවෙල් කියන මිනිහව තමයි අපි හොයාගන්න ඕනෙ
පෝල් ගෙ අම්ම විකී කියන මිනිහ එක්ක සම්බන්දයක් තිබ්බලු
ඒ මිනිහගෙ ලොකු පුතා සැමුවෙල්
ඔයා දන්නවනෙ පිලිප් බියට්‍රිස් ඒ දෙන්නගෙ තාත්තත් විකීමයි""
"" අපෝ මේ රජපවුලනම් කිසි චාරයක් නැනෙ
බල්ලො බලලු වගේ ලගින හැම තැනම හැමිනිලා ලමයි හදනවනෙ"
"" අනේ මේ උබ ශුද්ධවන්තයා වගෙ චාරය ගැන කියන්න එපා
අපිත් හොද මිනිස්සු නෙවෙයිනේ"
" ආ,.ආ...මට අමතක උනා දැන් උබත් රජපවුලෙ සුවච කීකරු සහචරයෙක්නෙ
රජපවුලට බනිද්දි හොදටම තරහ යනව නේ""
"" ඕයි ඕයි අනවශ්‍යකතා එපා අපි දැන් මාලිගාවට පනින්න ඕනෙ
ඔඩ්ලෙ ගැන ...ඩාක් වෙබ් එක ගැන...සැමුවෙල්ගෙ නරක බිස්නස් ගැන මොනව හරි හොයාගන්න ඕනෙ
තව ටිකකින් ඇමරිකන් රහසොත්තු සේවෙ මගේ මිනිස්සු මෙහෙට එනවා
එයාල ආවම අපිත් යන් මාලිගාවට""
"" ටීම් එක දැන් කොහෙද""
"" හරිනම් දැන් එන්න ඕනෙ
ඇමරිකාවට වැහින්කුනාටුවක් එනව ට්රොනෑඩෝවක් එක්කම
අපේ අයට උන්ගෙ ජෙට් එක උඩට නග්ග ගන්න බෑරුව ඉන්නෙ
පුලුවන්තරම් ඉක්මනට එයි""
"" මේ ඔය මාලිගාව සර්ච් කරන්න මහ සෙනගක් ඕනෙ නෑ
ඕකෙ හැම තැනම මම දන්නව...හැබැයි අවුරුදු 20කින් විතර ගියේ නැති නිසා මොන මොනව හරි වෙනස් කම් කරලද දන්නෙ නෑ
අපි දෙන්න දැන්ම යන්ද එහේ""
" ඉන්නව එහෙනම් මම ජැකීටයි මගෙ බොඩිගාඩ්ලටයි කියන්නම් මම එක්ක එන්න කියලා""
"" මේ හලෝ අපිට මහ සෙනගක් අරන් යන්න බෑ ක්‍රිස්මස් කැරොල් කියන්න යනව වගේ
ඔඩ්ලේ කියන්නෙ ලේ බීල බඩ තඩි උන මදුරුවෙක් නෙවෙයි ..ආඅ තලපිය තලපිය කිටල එක තැනම ලැගන් ඉන්න
ඒ කි විදපු ක්ෂනිකව අතුරු දහන් වෙන වැලි මැක්කෙක් වගේ අපි එන පොඩි ඡායාවක් දැනුනත් ඕකි පනිනව හොයාගන්න බෑරිවෙන්න
අපි දෙන්නට උනත් යන්න වෙන්නෙ වෙස් වලාගෙන
අවුරුදු 50ක් 60ක් විතර වෙන පයිප්ප බාස් ලා දෙන්නෙක් වගේ වෙස්වලාගෙන යමු එතකොට කවුරුත් සැක හිතන්නෙ නෑ""
"" ඒකෙ අවධානමක් නැද්ද""
"" මේ බොහෝම සුරක්ශිතව ඉදගෙන හොරු අල්ලන්න බෑ
අවධානමක් ගන්න ඕනෙ...මම බම් කාලෙකින් මේ වගේ ත්‍රාශජනක දෙයක් නොකරපු නිසා කැමැත්තෙන් හිටියෙ මෙහෙම දේකට අතගහන්න""
"" දැන් කොහෙද අපිට වෙස් වලාගන්න බඩු""
"" තමුසෙ කියනව තමුසෙගෙ ටීම් එකට පොඩ්ඩක් විවේක ගන්න හොටෙල් එකක නිදියනව ඩිස්ටර්බ් කරන්න එපා කියල
මම ඒ හොටෙල් එකට එන්නම් වෙස්වලාගන්න ඕනෙ දේවල් අරගෙන
මේ පැත්තෙ මේකප් බඩු විකුනන කඩවල හැලෝවීන් කොස්ටියුම් විකුනන ශොප් වල මට ඕනෙ දේවල් ඇති""
ඩියෝගෝ කියුව විදියට මම එයාපෝට් එක ලග හෝටලේක නැවතුනා...එයෝගෝ කොහෙන්ද මන්ද අඩුම කුඩුම ගොඩක් උස්ස්ගෙන ඇවිත් මාව අවුරුදු 50ට වැඩි වයසක කෙනෙක් වගේ මේකප් කරා
"" කොහොමද හලෝ තමුසෙ මේව දැනගත්තෙ ...නියමෙට මේපක් කරනවනෙ""
"" මම ඩිග්‍රියෙ විශයක් විදියට අන්ගරචනය ඉගන ගත්ත
පස්සෙ පොඩි ඩිප්ලෝමා එකකුත් කරා
ඒක නිසා මේව සිම්පල්""
ඩියෝගෝ හොලිවුඩ් ක්ලාස් මේකප් එකක් දැම්මා...මටම මාව හොයාගන්න බැරිවෙන්නම
පයිප බාස්ල ගේන ජාතියෙ උපකරන මලු දෙකකුත් ගෙනත් තිබුනා
අපි දෙන්න ජැකී අනෙක් ආරක්ශකයො ඉස්සරහිනුයි ගියා හැමෝම ඕප දූප කතාකර කර ෆෝන් ඔබ ඔබ හිටියා විතරයි අපි ගැන උනන්දු උනේ නෑ
"" කොහොමද මගේ මේකප්...තමුසෙගෙම මිනිස්සුන්ටත් අපිව අදුනගන්න බැරි උනානෙ""
ඩියෝගෝ පොර ටෝක්ස් දෙනව
දැන් කොහොමද යන්නෙ ...ටැක්සියක් කතා කරමු""
"" මැට්ටො පයිප්ප බාස්ලා ටැක්සි වලින් යන්නෙ නෑනෙ...මේ හරියෙ හොයලා බලමු වාහනයක් කුලියට ගන්න තැනක්...ඩබල් කැබ් එකක් වැඩිපුරම හොදයි බාස්ලා යන්නෙ ඒවයිනෙ""
ඩියෝගෝ ෆෝන් එකෙන් වාහන කුලියට දෙන තැනක් බලලා අපි එතැනට ගියා
මම අලුත් එකක් ගමු කියුවම ඩියෝගෝ තේරුවෙ පරන මොඩ්ල් එකක් ...බාස් ලා අලුතම වාහන වල වැඩට යන්නෙ නෑලු මේ පැත්තෙ
ටික දුරයි යන්න උනේ ලදරන් වාහනේ පැච් එකක්
"" බූරුව මම කියුවා අලුත් එකක් රෙන්ට් කරමු කියල බලනවකො දැන් හබක් නේ""
"" අඩන්න එපා මේ පැච් එකක් එනව රෝදෙ මාරු කරමු"ඩියෝගෝ ඩ්‍රයිවින් ශීට් අස්සෙ අවුස්සල අඩු ඩෙට් එකක් හොයාගත්තා
"" ආඅ...ඔය කරල තියෙන්නෙ...මේ ලබ්බෙ ස්පෙයාර් වීල් එකක් නෑ,..උබනම් රට ගොනෙක්""
මම ඩියෝගෝට බනින්න ගත්තා
"" මේ මට විතරක් බනින්න එපා...තමුසෙත් හිටියනෙ වාහනේ තෝරපු තැන..ස්පෙයාර් වීල් තියෙද කියල චෙක් කරන්න එපැයි""
"" ශික් ...මේ වැඩේ තමුසෙ එපා කරනව""
"" ඇලෙක්ස් චරු චුරු ගාන්න එපා,..සයිමන් හරි ඔඩ්ලේ හරි අල්ලගන්න ඕනෙනම් මට උදවු කරනව මේ ටයර් එක ගැරෑජ් එකකට තල්ලු කරන් යන්න"
අපි දෙන්න රන්ඩු වෙවී බැන බැන හැතැම්මක් විතර දුර තිබුන ගැර්රෑජ් එකක්කින් රෝදෙ හදාගෙන එද්දි පැය දෙකක්ම පරක්කු වෙලා
අපි දාඩිය පෙරාගෙන මන්දිරේ අලගට ගියේ
දූවිලි දාඩිය නිසා අපි නියම පයිප්ප බාස්ලා වගේ පෙනුනා
ඒ පැත්ත ගොන් පොරවලටම හරියන පැත්තක්
මග දිගට අලි වගේ විශාල හරක් හොදට උල් කරපු අන් වන වනා පාර දිගේ යනව දැක්කම බය හිතෙනව