"යකෝ අර එන්නෙ උඹෙ කොල්ල නෙ?"
"හ්ම්ම්"
පංතියෙ ඉදලම මගෙ දිහා බලං ආපු බටු ඇටේ එකපාරටම දුවගෙන ඇවිත් මාව තදින් බදාගත්තා . පපුවෙ ඔලුව ගහන් හිටපු එයා අඩනව කියලා දැනෙද්දි මං එයාව මගෙන් ටිකක් ඈත් කරා
"අඩන්ට තරං මක්කහරි උනා ද බබා?"
"මාව කොහේහරි එක්කං යන්න ශාන් අයියෙ ..මට..මට වලව්වට යන්න බෑ..අනෙ මාව ඇරන් යන්න දැන් ම ඇරන් යන්න ...
" බටු ඇටේ ..මෙතන මිනිස්සු බලනවා ..නගින්ට වීලෙට.."
" අනෙ..මෙයාගෙ.. බෑ ශාන් අයියෙ ..මං මෙ වලාට ආස නැ "
" විකාරද...ඌ එහෙම නැ..වෙන යන්ට එකක් නැ..නගිනවා "
විනාඩි පහක් යන්ට නැ නවියා අපිව උගෙ ගෙදර දාලා, එළියට වෙලා තනි රකිද්දි මං බටු ඇටේව ඇදන් ඉස්සරහ කාමරේට ගියත් මාව අත්නොහැරපු එයා බයවෙලා වගෙ හිටියේ , එහෙම්ම මං එයාව පපුවට තුරුළු කරං උන්නාම ඩිංග ඩිංග එයා සන්සුන් උනා
" බය වෙන්ට එපා ..කාටවත් අපිව පේන්නේ නැ .. දැන් කියන්ට මක්කයි උනෙ...අහු උනාද...?"
" නෑ...මද්දුන් අයියා ඇවිත් අප්පච්චි ට මොනවද කිව්වා..ඒ කියලා ඔයාගෙ අප්පච්චි ට බැන්නා ....
" බැන්නා ? මක්ක කියලා ?
" දන්නෙ නෑනේ ..මට ඒ පැත්තට යන්න දුන්නෙත් නෑනේ ....අතරින් පතර ඇහුනෙ මද්දුන් අයියගෙ කටහඬ විතරයි.. ඒකත් හංගපු කතාවකුයි ලැයිමෙ කතාවකුයි ..
පරයා..තෝ ආය ඇවිත් තියෙන්නේ වෙන දේකට එහෙනං
" එතකොට ඇඩුවෙ ?"
"...ඔයා එක්ක ආය සම්බන්ධයක් තිබිල අහුවෙන්න එපා කීවා ..බල බල ඉන්නේ නෑ..අප්පච්චි ට කියලා මාව රට අරිනවා කීවා..........,
'මට රට යන්න බෑ ශාන් අයියා ..ඔයාව දාල කොහෙවත් යන්න බෑ...අනේ මාව කොහේහරි එක්කං යන්න කෝ..."
" ඩිංගක් ඉන්නවා මං අප්පච්චි ගෙන් අහල ඉවරවෙනකං..
" බෑ බෑ ..ශාන් අයියෙ ...ඔයාව දැක දැක මේම ඉන්න අමාරුයි මාව පිච්චෙනව වගේ.."
"එහෙමයි කියලා අදම යන්ට බෑ නොවෑ ..බලනවා ඔයි ඇදුම ඇදන්ද..හැමදාම ඉන්නේ ? මුලින් ඉන්ට තැනක් හොයාගන්ට ඕන ..තමුසෙ ව ගෙදර දාල මං රස්සාවට හරි යන්ටෙපැ'යි, අනික තව දෙයක් ...ඉස්කොලෙ පංති ඔයි ඔක්කොම, ගියොත්...තමුසෙට නැති වෙනවා ...හිතේ වේගෙට තීරණ ඇරන්.. ආවට ගියාට මෙව්ව කරන්ට බැ බටු ඇටේ..පොඩ්ඩක් තේරුං ගන්නව...බාර් එකේ හිටියා කියලා ගන්නෙ සොච්චමයි.. සමරෙ අයියා අපිට උදව් කරයි..ඒත් ඒක දිගටම කරන්ටත් බැ.. මට තමුසෙගෙ ඉගෙනීම කඩාකප්පල් කරන්ටත් බෑ මට සහගහයි යකෝ...
..........................
"අඩන්ට එපා ඉතිං ...ඇඩුවැයි කියලා මේව විසදෙනවද ආ... මේ උන්නා වගේ..තව ටික කාලයක් ඉන්ට .....මං අප්පච්චි ගෙන් වෙච්චි සංහැදිය අහල වගීශ ව හම්බෙන්ට වලව්වට එන්නං..
" මාව රට යවන්න ද ඕන...?
" කියන දේ අහන්ට රත්තරං ...මාත් ආසම ඉගෙන ගන්ට මගේ කරුමෙට ඒක නැති උනා ..ඒත් ඔයා..ඔයාට බබා හැමදේම තියෙනවා ඉහළට ඉගෙන ගන්ට රට යන්ට උනත් පුළුවන් නං ඒක කරගන්ට ..මෙ ගොඩයා ඔයා එනකං අර දුප්පත් පැළට වෙලා ඉදිවී බලා...
"නවත්තගන්න අනෙ...කියෝනවා..ම්හ්හ්ක් "
"රත්තරං.. හදිසි වෙන්ටෙපා...කාලයට ඉඩ දීල බලං ඉන්ට..
" ඒක කරන්න බැරිවෙයි අයියෙ ..දැන් පංති ත් ඇරලා ඇති ....මද්දුන් අයියා මාව හොයනවත් ඇති ..
" හංසා... කතා කරල ඉවර නං උඹෙ බටු ඇටේ එවපං "..
ඒ අස්සෙ නවියා කෑ ගහනවා මූට මක්කටද මයෙ බටු ඇටේව
" අද මං පංති ඉවරවෙද්දි නැ කියලා දැන් මද්දුන් අයියා දන්නවා නෙ එයා මාව හොයනවැති..එයාට ඒම හොයාගන්න කියලා මාව ඇරන් යන්න කෝ...
" ඇරන් යනව රත්තරං.. හැබැයි දැන් ම නෙවෙ ..මං මට කියලා තැනක් හදාගෙන එනකං ඔයි උන්නා වගේ ඉන්ට කාලයක්...මං පංතිය ගාවට එන්නං ..මයෙ රත්තරං හොද ට ඉගෙන ගන්ට....ඒ ඇති මට..
" හංසා...ඔයි කොල්ලා ව එළියට දාපං ඔයි මැදෑ..."
පාහරයා තොගෙ කට
සැහෙන කාලෙකට පස්සෙ හම්බුණු මගෙ බටු ඇටේව හිත පිරෙනකං තුරුළ් කරං ඉඹල ඉඹල දැවට මට ඒත් මදි උනා..එයා සුවදයි..එයාගෙ බම්ප්වෙන මෘදු කම්ඹුල් දිගේ මං මගේ තොල් ගෙනිච්චෙ එයාගෙ මත්වෙන රෝස පෙති අල්ලගන්ට වගේම මේ මොහොත පවා අතෑරගන්ට හෙන ලෝභෙන් උනත් පාලනය නැ කියන්ට වගෙ මගෙ යටිකය ප්‍රණවත් වීමත් එක්ක මං සිපගැනීම නතරකොරා. මක්කරන්ටද.. බෑනේ ඉතිං වසන්ට මූත් එක්කල . ඒ අල්ලපනල්ලෙ මගේ බටු ඇටෙත් හිනාවෙනවා..අනේ මේකගේ සිරික්කිය ..
ඉඩෝරෙට හැළුණු පිණි වැස්සක් වගේ!
නවියගෙ වීලෙන්ම බටු ඇටේව වලව්වෙ ගේට්ටුව ළඟ ට දැම්මාම එයා බහින්ට කලින් නවියා අපි ගෙදර ඉද්දි ටවුන් ගොහින් ගෙනාපු ගෝල්ඩ් ෆිශ්ලා ජෝඩුවක් එයාට දුන්නා . අදිමදි කර කර හිටපු බටු ඇටේ ට මං ඒක ගන්ට කියලා කියද්දි ගත්තත් කැමැත්තෙන් ගනිපු පාටකුත් නැති උනා.
" හංසගේ ඇටේගෙන් ඇහුවොත් පරක්කු ඇයි කියලා...කියන්ට මාළු ගේන්ට ටවුන් ගියා කියලා "
නවියා එහෙම කියද්දී මාත් ඔලුව හෙල්ලුවා. හැබැයි ඌ කියපු ඇටේ කතාව ට නං මගේ කොල්ලා නවියට රැව්වා..
"මද්දුන් අයියා මට ගහයිද හිච්චොං අයියෙ ?"
"ඌ ගෙදර නෑනේ රත්තරං ...වාහනෙ තවම ඇවිල්ලත් නැ ..යන්ට දැන් ඉක්මනට ..පරිස්සමට ඉන්ටෝන හොදේ"
"ම්න්! ඔයත් ...ආය සිගරට් බීල අහුවෙන්න එපා ම්හ්හ් ! අදට සමාව දුන්නා හොදද"..
"හ්ම්..හා හා..ආය බොන්නැ..
" සත්තයි කියන්න ..
"හරි හරි බං ..සත්තයි බොන්..නැ................!"
සැරෙන් තමා කියවුනේ..හැබැයි වෙන වෙලාවක නං මූණත් දෙක කරගන්ට තනන මෙයා නවියා දිහා හොරෙන් බලලා මයෙ කම්ඹුල ට හාද්දක් තියලා පැනල දිව්වෙ නැතැ'යි..
මහකෝලං කොල්ලෙක් !
•
•
•
අලසව දින ගණං ගෙවුනත් උදේට සමරෙ අයියගෙ ගෙස්ට් හවුස් එකෙයි හවසට මගෙ බටු ඇටේගෙ පංතිය අස්සෙයි රෑට බාර් එකෙයි ඉද්දි දවස නිමාවෙද්දි කොච්චර කියුවත් සමරෙ අයියා අහා නොනැවතී ගෙදර යන්නෙ අප්පච්චි නිසා ම වෙද්දි අනේ උන්දැට නං හිච්චා කියලා එකෙක් උන්නද මළාද කියලවත් හොයන්ට උවමනාව ක් වත් නැති වෙලා. රෑ දෙගොඩහරියට ඈත තියා ඇහෙන අප්පච්චි ගෙ මනස්ගාත දෙඩවිල්ලයි සුමුධුර ගායනයයි නිසා පිළ් කඩින් පැනලා උණ බම්බු ටික පාත්කොරලා ඉද්දි අප්පච්චි ගියේ වැනි වැනි ..මට මතකයි ඔය වගේම දවසක අප්පච්චි එන්ට පරක්කු වෙලා මං උන්නාම එදා එයා මට බැන්නා ගොම්මනේ එළියට වෙලා ඉන්නවැයි කියෝලා..දැන් ඒ අප්පච්චි මාව තඹේකටවත් ගනං නොගෙන නොදැක ම ඉද්දි වැට වහලා මං ගෙට ආවෙ අප්පච්චි ට කෑම දෙන්ට උනත් අනෙ එයා බූරු ඇදේ ඒ ඩිංගට ගොරවනවා. හොද සිහියෙන් ඉන්ට දවසක් අප්පච්චි මට දෙන්නැ වගේම එයාගෙ ආදරෙත් හව්හරනත් දවසින් දවස මාව දුරස් කරා. අප්පච්චි මගෙන් වැරැද්දක් වත් උනා ද ...කතා නොකරන්ට තරං ඒ වැරැද්ද හුඟක් විසාල එකක් වෙන්ටැති නේද
අප්පච්චි නොසෑහෙන්න මයෙ හිත කකියනවා .. කවදාකවත් නැති ව අප්පච්චි උඹ මයෙත් එක්කලා තරහ වෙලාද?... හේනං කටක්හැරෝලා කියෝපං තරහයි කියලවත් ...
එන්ට එන්ට ම දුරස් වෙන අප්පච්චි යි මායි අතර හිඩස නිසා දැන් දැන් අප්පච්චි ගෙදරවත් නොඑන තත්ත්වයක් උනා..හේතුවවත් නොදැන පිළියමක් කරන්ට වත් නොහැකි නිසා ජේම්ස් සීයා මුණගැහෙන්ට හිතුවත් උන්දැ ඉන්නා ගම විතරයි මං දන්න එකම කාරණාව උනෙත් . මත්තල ....මත්තල කොයිද..මාතර ඉදලා මත්තල ට කොයිතරං නං දුරද හ්ම් !
බෝසර ට නොකිය මත්තල යෑමට ඉටාගත්තත් ඒ රුව නොදැක යන්ට බැරි නිසා මං වලව්වට පය ඉක්මන් කරේ නවියව මග නවත්තලා.
මහ රෑ දහය පහුවෙලා එකොළහෙ කණිසම වැදෙන්ට කළියෙන් තාප්පෙන් පැන්න මං මුරට හිටපු සීයා එහෙට මෙහෙට වෙනකං බලලා බෝසරගෙ ජනේලෙ ගාවට ගොහින් තට්ටු කරා.
මට ඕන ඒ මූණ බලන්ට විතරයි
"කවුද...
" මං....
සැණින් ඇරැණු ජනෙල් පියන් පතක් අස්සෙන් මතුඋනු මගෙ බටු ඇටේ ,
" අහ්හ් !.. අයියා ...ඔ..ඔයා.. කොහොමද ආවෙ...
"ශ්..බටුඇටේ හයියෙන් කෑ ගහන්ට එපා..මං යන්ට ත් ඕනෙ "
"අනෙ...
"මං හෙට ගමනක් යනවා එනකං පරිස්සමෙන් ඉන්ට හරිද"
"කොහෙද..කා එක්ක ද..
උදෙන්ම යනවද"
"මත්තල..ටිකක් දුරට.. නවියා එක්කල යන්නෙ ..."
"ම්න්!
අපි දෙන්න කතා කරද්දි ත් බෝසර ගෙ ඇස් පියල්ලක් නොගහම මා දිහා බලං හිටියා. වදනින් නොදොඩාම උනත් ඒ ඇස් දිලිසුනා.
"දවස් කීයක් ඉන්න ද යන්නෙ "
"එහෙමට කියලා ලොකු දවසක් නැ පැටියෝ.. ජේම්ස් සීයා හම්බෙන්ට විතරයි "
"ම්න්!
"මොටෝ....ම්ම්..
"ඔයා නැති ව පාළුයි නෙ ...
"මං ගොහින් ඉක්මනින් එනවා..පරිස්සමෙන් ඉන්ට අර යකා එක්ක කතාවට නොයා"
"ම්න්!
මං ඒ ටික කීවෙත් ජනෙල් පොලු අල්ලං ඉන්නා එයාගෙ අතැගිළි අතගාමින් උවත් බෝසර ගෙ ඇස් තිබ්බෙම මා ගාවම උනා. වැඩි වෙලා ඉන්ටත් බැරි එකේ මං යන්නං කියද්දී ඒ ඇගිළි ගිලිහිලා මගේ අත තද කරල අල්ල ගත්තා
" නවීන් එක්ක ගමන් බිමන් යනවට මම ආස නෑනේ ...
"ඈහ් ! මොටෝ අර?"
"දන්නැ....මම එයාට ආස නැ...
" හ්ම්ම් ! ඌ නරක කොල්ලෙක් නෙවෙ බටු ඇටේ... මං ගොහින් එන්නං"
" ම්න් !තෙරුවන් සරණයි .. හිච්චොං අයියෙ පරිස්සමෙන් ගිහින් එන්න ....."
තෙරුවන් සරණයි කියපුු මගෙ බටු ඇටේගෙ ඔලුව ඉඹල මං ආය හැරිලා දිව්වා.
•
•
•
පාර දෙපස බලාගෙන ආවත් හද්ද මූකලානෙහි එකදු ගෙයක්වත් නොමැති උනා වගේම මිනිස් පුළුටක්වත් නොමැති පාරේ දූවිලි අවුස්සාගෙන ට්‍රක් රථයක් පමණක් යද්දි නවියා වේගෙන් ගිහිල්ලා හෝන් කරල ඒක නවත්තා ගත්තා.
"අයියෙ මේ පාරේ ජේමිස් කියලා සීයා කෙනෙක් ඉන්නවද අර සාත්තර කියන.."
"ඇ! ඔයි කියනවා ඇත්තේ ගුරැන්නාන්සෙ මාමා වෙන්ටැති ...වෙන සාත්තර කියන කෙනෙක් මේ ගම්පත්තුවෙ නං නැතුවා "
"ඇහ්!...ඕ..ඕ..එයා තමා...අපිට කියනවද ඉන්...
"දැන් නං උන්දැව හොයාගන්ට බැරිවෙයි.. ගොහින් තියෙන්නෙත් හැතැහ්ම ගානකට එහා නොවෑ .....දවල් වෙලා එයි"
"ආ...එහෙමද අයියෙ ...කොයිබද දන්නැ ගෙවල්
" වැඩිය නැ...ඕං ඔහොම ඉස්සරහට ගොහින් වමට වෙන්ට තියෙනවා අඩිපාරක්..වීල් වලට නං යන්ට බෑ එහේ බැද්ද නොවෑ..මග දාලා යන්ටත් එපා අලි ඉන්නවා ...."
" හේනං මොකෑ කරන්නේ...?"
අපි දෙන්න මූණ ට මූණ බලාගත්තෙ වීලෙන් යන්ට බෑ කීවම
" පන්සල තියෙන්නේ දකුණ ට වෙන්ටලා.. එහෙට්ට ගොහින් ඉන්ට දවාල වෙනකංවත්.. හරිනෙ ඒනං ඕං අපි යන්ට කියලා මල්ලිලා ..
"ආ..බොහොම ස්තූති අයියෙ
"පරිස්සමෙන් මල්ලිලා මේ අහා වැඩිය කරකැවෙන්නැතුව පන්සල ට ගොහිල්ලා ඉන්ට.."
ට්‍රක් එකේ අයියලා එහෙම කියං ගියාට පස්සෙ ඈතින් කුංචනාද කරනව ඇහුණු හන්දාම අප්පච්චි ජේම්ස් සීයා ගැන කියාපු කතාවකුත් මට මතක්වුණා
"මක්කයි බං කරන්නෙ ...අලියෙක් වත් ආවොත් ඉස්සරහට ?"
"මක්ක කරන්ටද...ඊට විරුද්ධ දිහාට දුවනව මිසක් "
"හොදට හිටී..උඹ දුවයි මටනෙ ඒකත් බැරි "
"කියව කියව ඉන්නැතිව යමං යකෝ පන්සල ට"
"අම්මපා තොගෙ මුත්තත් වෙන යන්ට තැනක් නැතුවාට මේකෙ අස්සේම ගාල්වෙලා..බලාපං ඉතිං තෝත් එක්කම එන්ට උනා නෙ...අලි හුත්තකට
" ඉතිං තෝ මට කියවන්නෙ...මං කියලා නැවැත්තුවා වගේනෙ ..හුත්තක් කියවන්නැතිව හිටහං රෙද්ද ! වරෙං නැගල ඉක්මනට යන්ට "
අම්මපල්ලා අර තරං ගෙදට්ට ආව ගියා .. අලි මන්තරයක්වත් කියා දුන්නේ නෑනේ මුන්දෑ
•
•
•
වර්ථමානය 🌻
ඇදේ හිටපු මට බුදියාගෙනම එනකොට කාමරෙ ළඟින් ඇහුනෙ අප්පච්චි ගෙ කටහඬ වෙද්දි බුදියන එකත් පසකලා ඇදේ ඇදි ගත්තා .
"කියන්න අප්පච්චි "
"සාලෙට ආවානම් දෙන්න ත් එක්කලා මට කතා කරන්න ඕනෙ "
"බෝ බුදිනෙ අප්පච්චි "
"ඇයි මොකද.. සදිව් බැලුවෙලාවෙ ඇත්නම් කාමරේටම වෙලා ?"
"එයාට මහන්සි "
"හ්ම්ම් ! මට දෙන්න ත් එක්ක ම කතා කරන්න ඕනෙ ..ඉශාන් එන්...
"අප්පච්චි මං ටිකක් බුදියන්ට කියලා හැදුවේ.."
"ඇයි ඉශාන්ටත් මහන්සි ද.. තුන්සිය හැටපස්දවසෙම මහ උළු ගෙදර තපිද්දි මහන්සියි කියලා හිතුන් නැද්ද ? මං කිව්වා බල්ලොත් එක්ක ලැග්ගම බලු මැක්කොත් එක්කයි නැගිටින්න වෙන්නෙ කියලා ..ඕකුන් කිසි චාරයක් නැති එවුන් ...වලව්වට ඔබින දෙයක් ද පවුලෙ වැඩිමලා වසයෙන් කොරේ?"
"අප්පච්චි ...
"මං තාම කියලා ඉවර නැ ඉශාන් කටවහගෙන ඇහුම්කන් දෙනවා,
මීට පස්සෙ කිසිකෙනෙක් එක්ක ඇයිහොදයි තියාගෙන මට අහුවෙන්න එපා ..මේවා මෙහෙම පාළුවට යන්න ඉඩ දීලා මොනවා කරන්න ද...මුදියන්සෙගෙ කෙල්ල ඇරන් පෙළවහක් කරගන්න කාලෙ හරි.ලැහැස්ති වෙනවා මෙදාපාරවත් මගාරින්නැතිව "
"අප්පච්චි...........
"මං සදිව්ටත් හොයල තියෙන්නේ මාතලෙන්..ලොකු අප්පච්චි ත් නැති එකේ වගීශ ආගිය අතකුත් නැ ...කවුද ඕවා බලාහොයාගෙන වැඩ කරන්නෙ? වගකීමක් අතට ඇරන් කටයුතු කරන්න බැරිනං හිටපු තැනටම වෙලා ඉන්න පිළිවන්"
•
•
•
•
😌 එන්නං