මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

By ZHAYI_1085

233K 22K 7.6K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi More

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
09.කොටස
10.කොටස
11.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
23.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
47.කොටස
48.කොටස
49.කොටස
50.කොටස
51.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

08.කොටස

4.8K 511 239
By ZHAYI_1085

"අශූ.....!! අශූ බබාහ්.....!!"

එයාගෙ කල්පාවෙන් හිටපු මං ඒ රළු කටහඩට ගැස්සෙනකොට මගෙ උකුලෙ නිදාගෙන හිටපු බෝබෝ එකපාරටම නැගිටලා බය වෙලා ඒ ආපු කෙනා දිහා බලනකොට මාත් ඒ පැත්ත බැලුවා....

*
*
*
*
ඉස්සරහ දොර ලග හිටගෙන හිටියෙ සුදු උස මහත කොල්ලෙක්... කඩවසම් කියල කියන්නත් පුළුවන්... උසයි කිව්වට මගෙ උසම වගේ ඇති.... ඒ කොල්ලා මගෙයි බෝගෙයි දිහා බලනගමන් ටික ටික අපි ලගට ඇවිදන් එනකොට මමත් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා....

"තෙ..තේජාන් අයියෙ....."

තේජාන්

මගෙ ලග හිටපු බෝ එහෙම කියගෙන හිනා වෙලා ඒ කොල්ලා ලගට යද්දි මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියෙ.... කලින් බය වෙලා වගේ බලන් හිටපු කොල්ලා මෙහෙම හිනා වෙලා කතා කරද්දි මං බෝගෙ දිහා හොදට බැලුවා... එයා හිනා උනාට ඒ හදවතින් නෙමෙයි කියල මට දැනුනා.... ඒක මවාගත්ත හිනාවක්....

"ඕහ්..මයි ගෝඩ් අශූ......! මගෙ කොල්ලා දැන් ගොඩාක් ලොකුයිනෙ.....ෆොටෝස් , වීඩියෝස් වලින් දැක්කට වඩා පට්ට ලස්සනයිනෙ...."

මට ආවෙ කේන්තියක්... ඒකගෙ බැල්ම බෝබෝගෙ උඩට ඉදන් යටට වෙනකන් යද්දි ඒ ඇස් වලින් දැකපු දේ මගෙ ඇග හිරිවැට්ටුවා....ඒ කොල්ලත් බෝට කතා කලේ අශූ කියල......ඒත් කවුද මේ තේජාන්...? නම ටිකක් අහලා තියෙනවා වගෙත් මතකයි....

"තේජාන් අයියා...ඔයා කවදද ආවේ..? නැන්දි මට කිව්වෙවත් නැහැනෙ ඔයා එනවා කියල....?"

ආහ්... දැනුයි මතක් උනේ...එදා බෝගෙ නැන්දා බැල්කනි එකේදි කාත් එක්කද කතා කලේ මේ නම කියල තමයි... එතකොට ඒ මෙයා ද..? නැන්දගෙ පුතෙක්ද..? පුත්තු දෙන්නෙක් ඉන්නවා කිව්වනෙ... මේ එකෙක් වෙන්න ඇති....

"නොකියම ආවෙ මගෙ බට්ටව ස්ප්‍රායිස් කරන්න තමයි.... ඒත් දැන් ඒ බට්ටව දැකලා මං ස්ප්‍රායිස් වෙලා ඉන්නෙ.... කෝ කෝ මෙහෙට එනවා මට තමුසෙව බදාගන්න ඕනෙ...."

"අයියෝ මේහ් මං බට්ටෙක් නෙමෙයි හරිද...?"

එහෙම කියනගමන් බෝ අර තේජාන් කියන එකා දිග ඇරගෙන හිටපු අත් අස්සට යද්දි ඒ දිහා බලන් හිටපු මට ඒකත් වේදනාවක් උනා... එයාලා සහෝදරයො.... ඒත් මගෙ හිත රිදුනා.... හේතුව, අරූට තිබුනෙ සහෝදරයෙක් දිහා බලන බැල්මක් නෙමෙයි ...

" අයි මිස් යූ අශූ....උබ ගොඩාක් ලස්සන වෙලා බන්...කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් පිස්සු වට්ටන්න තරමට..."

"අනේ මේ යනවා තේජාන් අයියා විකාර කියවන්නෙ නැතුව....අත අරිනවකො මට රිදෙනවා ඕයී... ආව්ව්හ්... බූරුවෝ...!!"

තේජාන් කියන එකා බෝගෙ මොකා උනත් මට ඌව මරාගෙන මැරෙන්න හිතුනා... මූ බෝගෙ සහෝදරයෙක්නෙ කියලා මං හිත හදාගන්න හැදුවට මූ හෙන වලත්තයෙක්.... සහෝදරයෙක් ඔහොම හැසිරෙන්නෙ නෑ.... මගෙ කොල්ලව බදාගෙන ඒ ඇග වටේ තිබුන ඌගෙ අත් වලින් එයාගෙ ඇග මිරිකෙනකොට මගෙ අත් කේන්තියෙන් මිටි මෙලවුනා.... බෝ අමාරුවෙන් ඌගෙන් ගැලවෙන්න දගලනකොට ඌ ඒ දරදඩු අත් වලින් එයාව තවත් හිර කරගෙන ඒ ඉන තදින් අල්ලනවා මං දැක්කා...

මගෙ කේන්තිය උපරිමයට නගිද්දි උන්හිටි තැන් අමතක වෙලා ඌට දෙකක් අනින්න ඉස්සරහට අඩියක් තියෙනකොටම...

"තේජාන් පුතා.......! කොයි වෙලාවෙද ආවෙ කොල්ලො...?"

ඒත් එක්කම ගෙට ආවෙ සුරේන් සර්... සුරේන් සර්ගෙ කටහඩට ඇහෙනකොට ඌ බෝව ඇගෙන් ඈත් කලා...ඒත් එයාව අතඅරින්නෙ නැතුව උරහිස වටේ අත දාගෙන ඇගට ලන් කරගත්තා.... ඒ වෙලාවෙම බෝ මං දිහා බැලුවා....ඒ ඇස් දෙකේ අසරණකමක්... ඒත් මං එයාටත් රවලා අහක බලාගත්තා....

ඔව් මට එයා එක්කත් කේන්තියි...මොන ලබ්බකටද ඌට තුරුල් වෙන්න ගියේ... එයාට ඌගෙ ඇස් වල බැල්ම කලින්ම තෙරුම්ගන්න බැරි උනාද...? තාමත් එයා මගෙ දිහා බලන් ඉන්නවා මං ඇස් කොනින් දැක්කත් ඒක නොදැක්කා වගෙ මං ස්ටූල් එක උඩ තිබුන ෆයිල්ස් ටික අරන් මගෙ කාමරේට යන්න හැරුනා... මං මෙතන ඉන්න එක සුදුසු නැ... අනික දැන් එයාව මෙතන තනියම තියලා යන්න බයක් නැ සුරේන් සර් ඉන්න නිසා...

"අහ් ශාන් පුතා... ඔහොම ඉන්න ටිකක්..."

මං කාමරේට එන්න හදනකොට සර් කතා කරපු නිසා ආයෙත් හැරිලා සර් දිහා බැලුවා... බෝ බලන් ඉන්නෙ මගෙ දිහා කියල දැක්කත් එයාට එක බැල්මක්වත් නොදී මං සර් ලගට ගියා....

"සර්...තව ෆයිල්ස් දෙකයි තියෙන්නෙ...මං ඒකත් කාමරේට ගිහින් චෙක් කරලා ගෙනත් දෙන්නම්..."

තේජාන් උනත් මගෙ දිහා බලන් ඉන්නවා කියල මට තේරුනත් මං ඌ දිහාවත් බලන්න ගියෙ නෑ....

"හරි කොල්ලො... මං ඒකට නෙමෙයි කතා කලෙ... අදුනගන්න ශාන් මේ ඉන්නෙ අපෙ නංගිගෙ ලොකු පුතා තේජාන්.... එතකොට තේජාන් මේ ඉන්නෙ මගෙ හොදම යාළුවෙක්ගෙ පුතෙක් ශාන්.... "

සර් හැමෝටම මාව හදුන්වලා දෙන්නෙ එහෙමයි... ඒ ඇයි කියන්න මං දන්නෑ... ඒත් මෙහෙ හිටපු ටික කාලෙට මට තේරුනා සර් කැමති නැ කවුරුත් මාව සර්ගෙ සේවකයෙක් විදිහට සලකනවට...

"හහ්... අම්මි මට ටිකක් විස්තර කිව්වා තමයි..."

සර් එහෙම අපිව හදුන්නලා දෙනකොට නොකර බැරිකමට මං තේජාන් දිහා බලලා යන්තමින් හිනා උනා...ඒත් ඌ නෝන්ඩියට වගෙයි කට කොනකින් හිනා උනෙ....

"හරි එහෙනම් යන්න දරුවො... ඔයාගෙ වැඩේ කරගන්න...."

"හරි සර්...මං විනාඩි දහයෙන් මේ දෙකත් චෙක් කරලා දෙන්නම්..."

"හදිස්සියක් නෑ කොල්ලො... හෙමීට කරමු... ඕවා මං හෙට ගෙනියන්නෙ නෑ..."

"මොනවද මාමේ මේ...? ඔෆිස් එකේ ෆයිල්ස් නේද .....?

තේජාන් බෝව අත ඇරලා මගෙ අතේ තියෙන ෆයිල් එකක් අරන් මුහුණත් අමුතු කරන් සුරේන් සර්ගෙන් එහෙම අහද්දි සර්  හිනා උනා....

"ම්ම්... මේ කොල්ලා මගේ යීබෝව බලාගන්නවා විතරක් නෙමෙයි ඔෆිස් එකේ වැඩත් බලාගන්නවා... "

සර් සැහැල්ලුවෙන් මගෙ උරහිස් වටේ අත දාගෙන කියද්දි තේජාන්ගෙ මුහුණ බලන් ඉද්දි ඇද වෙලා ගියා...

"එහෙනම් මං කාමරේට යන්නද සර්...?"

"ආ දැනුයි මතක් උනෙ...ටිකක් ඉන්න ශාන්... මට තව දෙයක් කතා කරන්න තියෙනවා...."

"ම්ම්...හරි සර්..."

මට ඕන උනෙ ඉක්මනට මෙතනින් යන්නයි...ඒත් සර් තව දෙයක් කියන්න තියෙනවා කියලා නවත්තගන්නකොට මාත් එයාලා එක්ක ගිහින් සෝෆා එකේ වාඩි උනා....අරූ ආයෙත් මගෙ කොල්ලව ඇදලා අරන් ඌ ලගින් වාඩි කරගන්නකොට මං දත්මිටි කාගෙන ෆයිල් එකක් අරන් පෙරලගත්තා... ඒ මදිවට ආයෙත් එයාගෙ උරහිස වටේ අත දාගෙන ඌගෙ ඇගට ලන් කරගත්තා....

"චූටි පුතා... අයියට මොනව හරි බොන්න දුන්නද....?

"නෑ මාමෙ මං මේ ආවා විතරයි... බැංකොක් ඉදන් ආපුගමන් කෙලින්ම ආවෙ මෙහෙට අපේ අශූව බලන්න... අම්මිත් බලන් ඉන්නවා...මං ඉක්මනට යන්න ඕනෙ... "

"ආපුගමන් යන්න එපා...හිටපන් බන් මොනාහරි බීලා යන්න...."

"ඉන්න ඩෑඩ් මං නීතා ආන්ටිට කියල එන්නම් මොනව හරි හදන්න කියලා...."

එහෙම කියලා බෝ තේජාන්ගෙ ඇගෙන් ගැලවිලා නැගිට්ටත් ඌ කොල්ලගෙ අතින් අල්ලගත්තා... මං ඇස් උස්සලා ඒ දිහා බලන් හිටියෙ මගෙ ඇස් වලින් ගින්දර පිටවෙනවා වගේ දැනෙනකොටයි...

"එපා අශූ...දැන් බොන්න බැ බබා....මෙන්න මෙහෙට වෙලා ඉන්නවා... අවුරුදු ගානකින් දැක්කෙ තමුසෙව...බලන්කො මාමේ මේකා මාර ලස්සන වෙලානෙ...."

"අනේ මේහ් තමුසෙට එපා නම් නිකන් ඉන්නවා...මට තිබහයි... අතාරිනව ඕයී... රෙද්ද... "

බෝබෝ මගෙ දිහාත් බලලා කේන්තියෙන් තේජාන්ගෙ අත ගසලා දාලා ඉක්මනට කිචන් එකට ගියා...එයා එහෙම යනකොටයි මේතරම් වෙලා පිච්චුන මගෙ හිතට සැනසීමක් දැනුනෙ....
එයා යනකොටම තේජාන් කේන්තියෙන් තොල හපාගන්නවා මං දැක්කා....ඒත් එක්කම මං බැලුවෙ සුරේන් සර්ගෙ මුහුණ... සර් හිනා වෙලා තේජාන් දිහා බැලුවා....

"දැන් ඉන්නෙ ඉස්සර හිටපු පොඩි එකා නෙමෙයි තේජාන්... කොල්ලට දැන් ඉස්සරටත් වඩා කේන්ති යනවා..."

සර් කිව්වෙ හිනා වෙලා... සර් එහෙම කියද්දි තේජාන් මවාගත්ත හිනාවකින් සර් දිහා බලන්නෙ කියල මට තේරුනා...

"ඒක තමයි මාමේ...බලන්නකො මේකාගෙ කටේ සැර.... ඔහොම හිටියට ඉස්සර මං ඔහොම හිටු කිව්වොත් කලිසමෙ චූ යනවා.... එහෙම හිටපු බට්ටා දැන් මටත් සද්දෙ දානවා..."

"ඔව් බන්... මං කියන දෙයක්වත් කනකට ගන්නැ... ඉස්සරටත් වඩා හිතුවක්කාරයි... ඒත් අපේ ශාන්ගෙ එක වචනෙටත් කොල්ලා මෙල්ල වෙනවා.... මේ කොල්ලට විතරයි ඒකාව හදන්න පුළුවන්...."

සර් එහෙම කියනකොටම තේජාන් එකපාරටම පුදුමයෙන් වගේම කේන්තියකින් මං දිහා බැලුවා... මාත් ෆයිල් එක අතේ තියන් කෙලින්ම බලන් හිටියෙ ඌගෙ ඇස් දිහා... මේ බල්ලයි මූගෙ අම්මයි නිසා තමයි මගෙ කොල්ලගෙ ජීවිතේ මොකක් හරි නරකක් වෙලා තියෙන්නෙ...

මගෙ තියුණු බැල්මට ඒ ඇස් දෙක ගැස්සුනා.... ඌ ඉක්මනට කලබලෙන් ආයෙත් සුරේන් සර්ගෙ දිහා බලලා කලින් වගේ බොරු හිනාවක් දාගෙන සෝෆා එකෙන් නැගිට්ටා...හරි අපි ඉස්සරහට බලමුකො තේජාන්....

"මං දැන් යන්න ඕනෙ මාමෙ... ගෙදර ගිහින් ඊටපස්සෙ රෑට පාටි එකක් තියෙනවා යන්න....."

"හරි පුතා... එහෙනම් මං හෙට අනිද්දා දිහාවට ඒ පැත්තෙ එන්නම්...."

"මාමේ මං කෙලින්ම මෙහෙට ආවෙ ආශූවයි මාමාවයි බලලා අශූව අපේ ගෙදර එක්කන් යන්න.... රෑට පාටියත් ගිහින් මං හෙට එක්කන් එන්නම්...."

තේජාන් එහෙම කියනගමන් ඇස් කොනින් මගෙ දිහාත් බලද්දි මගෙ පපුව අසූහාරදාහට ගැහෙන්න ගත්තා.... අනේ සුරේන් සර් මගෙ කොල්ලව ගෙනියන්න දෙයිද... එහෙම උනොත් මට නවත්තන්න බැරි වෙයි....

මොනා උනත් මේ ඉන්නෙ සුරේන් සර්ගෙ නංගිගෙ පුතා....මට වඩා නෙමෙයි මට නැති අයිතියක් ඌට තියෙනවා එයා ගැන.... අල්ලන් හිටපු ෆයිල් එක මගෙ අතට තද වෙනකොට මං බැලුවෙ සුරේන් සර් දිහා....

"ආ එහෙමද...? එහෙනම් කොල්ලගෙන් අහලා බලන්න වෙයි..."

"කෝ අශූ...? ඩ්‍රින්ක්ස් හදාගෙන එන්න කිචන් එකට ගිහින් පැල වෙලාද...? මං ගිහින් බලලා එන්නම්...."

තේජාන් කිචන් එකට යන්න හදනකොටම ට්‍රොලි එක්ක බීම වීදුරු දෙකක් තියාගෙන නීතා අම්මා එනකොට මං දැක්කා පිටිපස්සෙන් එයත් එනවා... එයා ආවෙ බීම වීදුරුවක් හෙමීට බොනගමන්....

"ආහ්...තේජාන් මහත්තයත් ඇවිත්ද...? චූටි බේබ් කිව්වෙ බීම තුනක් චූටි බේබිටයි අපේ ලොකු මහත්තයටයි ශාන් මහත්තයටයි හදන්න කියලනෙ..."

"ඔව් නීතා ආන්ටි...තේජාන් අයියා එපා කිව්වනෙ..."

"ඒකට කමක් නෑ නීතා ඔහොම තියලා යන්න....මට එපා තේජාන්ට මේක දෙමු..."

සුරේන් සර් බීම එකක් අතට ගන්නගමන් එහෙම කියද්දි නීතාඅම්මා මගෙ අතටත් එකක් දුන්නා... මගෙ කොල්ලව අරන් යයි කියල බයෙන් හිටපු මගෙ උගුර කටත් වේලිලා තිබුන නිසා මං අතේ තිබුන වීදුරුවෙන් බීම උගුරු දෙකක් බීලා මගෙ බෝබෝ දිහා බලද්දි එයා හිටියෙත් මං දිහා බලාගෙන...

"එපා මාමේ....මට දැන් බොන්න බැරි නිසයි එපා කිව්වෙ... ඒත් මං රස බලන්න අපේ අශූගෙ එකෙන්ම උගුරක් බොන්නම්..."

එහෙම කියල තේජාන් බෝගෙ අතේ තියෙන වීදුරුව ගන්න හදනකොටම බෝ ඉක්මනට පැත්තකට උනා... මූ ඔක්කොම කරන්නෙ මට පේන්න වගෙ...

" අනේ මේ...මේක දෙන්න බෑ... මේක මගෙ... බීම ඕනෙ නම් ඔය ඩෑඩ්ගෙ එකෙන් බොනවකො....

"ආ හරි හරි මට එපා... ඕක ඉක්මනට බීලා ලෑස්ති වෙලා එනවා... මට පරක්කු වෙනවා බබා....."

"ඒ මොකටද...? කොහෙ යන්නද...? කාත් එක්කද...?"

"අපේ ගෙදර...එහෙ ගිහින් රෑට පාටි එකක් තියෙනවා යන්න.... වෙන කාත් එක්කවත් නෙමෙයි බන්...මාත් එක්ක..."

තේජාන් එහෙම කියනකොට බෝ එකපාරටම බැලුවෙ මගෙ දිහා.... මට දැනුනෙ මහා අසරණකමක්.... ඒ ඇස් වලින් මිදිලා මං බිම බලාගත්තා...එයා ගියත් මට නවත්තන්න බැහැනෙ...

"අපෝ බෑ අයියෙ... අද නම් කොහොමටවත් බෑ... පස්සෙ වෙන දවසක බලමු...."

මගෙ බෝ එහෙම කියද්දි මං එකපාරටම ඔළුව උස්සලා එයා දිහා බැලුවා....

" ඇයි ඒ....?"

" ම්..මේ අද යාළුවෙක්ගෙ බර්ත්ඩේ එකක්...මට අනිවාර්යයෙන් යන්න වෙනවා...නොගිහින් බැරි එකක්..."

"ඔහ්...එහෙමද...? හරි බබා... එහෙනම් මං යනවා... තව පරක්කු වෙන්න බැ.... මාමේ මං යනවා... හෙට අනිද්දා ඒ පැත්තෙ එනකොට මේ බට්ටවත් අරන් එන්න..."

"හරි කොල්ලො...යමු මං ගේට් එක ලගට එන්නම්..."

සුරේන් සර් තේජාන් එක්ක එළියට යද්දි තේජාන් කාටත් හොරෙන් හෙමීට හැරිලා මං දිහා බලනවා මං දැක්කා.. බලලා කට කොණකින් දාපු හිනාව මට එච්චර ඇල්ලුවෙ නැ....

" මට ඕනෙ ඕක... ආ ඔයා මේක බොන්න..."

තේජාන් යන දිහා බලන් හිටපු මාව ගැස්සුනෙ බෝබෝ එකපාරටම කරපු දේ නිසයි... මං උගුරු දෙකක් බීපු බීම එක මගෙ අතින් උදුරගෙන එයා බාගයක් බීලා තියෙන බීම එක මගෙ අතින් තිබ්බා....

"ඇයි මොකද ඔහොම බලන්නෙ...? ඔයාට බොන්න බැරි නිසානෙ අතේ තියන් ඉන්නෙ... ඉතින් ඔයාට ඔය බාගෙ ඇතිනෙ... මට මදි වගෙ....ඒකයි මේක ගත්තෙ...හුහ්..."

එහෙම කියලා රවාගෙන මගෙන් ගත්ත බීම එක බොනගමන් එයා කාමරේට ගියා... දැන් මොකද මෙයා මට රවන්නෙ...? මමනෙ තරහා වෙලා හිටියෙ... හහ්

කොහොම උනත් සතුටුයි මට...
එයාගෙ අයියා කියන එකාටවත් දීපු නැති එයාගෙ බීම එක පෙරේතකම නිසා හරි එයා මට දුන්නා... මං වීදුරු හරවලා බැලුවෙ එයා කට තියලා බීපු තැන හොයාගන්නයි... එයා තොල් තියලා බීපු තැන වීදුරුවෙ බීම බිංදු දෙකක් තුනක් තියෙනවා දකිනකොට මං ඒ ටික දිවෙන් කටට අරගෙන වීදුරුවෙ එතනට මගෙ තොල් තද කරගන්නකොට මගෙ ඇස් දෙක ඉබේම පිය උනා....

බීම වීදුරුව සීතල උනාට එයාගෙ තොල් ගොඩාක් උණුසුම් ඇති...මේ දැනෙන රසටත් වඩා ඒ තොල් රස ඇති...එහෙම හිතෙනකොට මත් උන හැගීමකින් මාව උණුසුම් වෙනව වගෙ දැනුනා...අනෙ එයා මගේ නම්, මේ වෙලාවෙ මගෙ ලග හිටියනම් කියල හිතෙනකොට දරන්න බැරි තරම් උණුසුම් උන හැගීම් නිසා මටත් නොදැනිම මගෙ පියවිලා තියෙන ඇස් දෙකට කදුළක් ඉනුවා....

ආදරේ කරද්දි මිනිස්සු මේතරම් බොළඳ වෙනවද...? ඒක දන්නෙ ආදරේ කරන අයම තමයි...මං දැන් ඒ හැගීම විදිනවා... ඒකපාර්ශ්විකව හරි මං ඒ හැගීම විදිනවා... එයාගෙ ස්පර්ශය ලැබුන පොඩි දෙයකට පවා මං ලෝභකම් කරන්න පටන් අරන් එයා ගැන දැනෙන හැගීම් වලින් මත්වෙන්න පටන් අරන්....

"ක්හ්හ්ම්.....මේ මොකද ශාන්..."

එයාගෙ සිහියෙන් මත් වෙලා හිටපු මං පියවි සිහියට ආවෙ සුරේන් සර්ගෙ කටහඩට... දෙයියනේ මං තාමත් වීදුරුවට තොල් තද කරගෙන නේද...? මං ඉක්මනට ඒක පහලට දාලා සර් දිහා බැලුවා...

"අහ් ස..සර් ම්..මෙ මේ මං මේ... "

"ආ හරි හරි ශාන් වෙන කල්පනාවකනෙ හිටියෙ...මට තේරුනා..."

"නැ සර්.. මේ ඔව් ඔව්....."

සර් හිනාවත් තද කරන් ඒක අහපු විදිහට මට පොළොව පලන් යන්න හිතුනා....ශිට්...වස ලැජ්ජාවයි.... මගෙ මුහුණෙ හැගීම් සර්ට කියවන්න පුළුවන් උනානම් සර් මං ගැන මොනවා හිතයිද...

"කූල් එක යන්න කලින් ඔය බීම එක බීලා ඉන්න දරුවො...."

සර් එහෙම කියනකොටයි ආයෙ බීම එක මතක් උනෙ... මං ඒක ලෝභකමින්  එයාගෙ තොල් ගෑවුන තැනින්ම බොන්න ගත්තා....ඇත්තටම නීතාඅම්මා වෙනදට හදන ඒවා මේතරම් රස නැහැනෙ....

"මොකක්ද සර් කියන්න තියෙනවා කිව්වෙ..?"

බීම එකත් හෙමීට තොලගාන ගමන් මං සර්ගෙන් ඇහුවෙ මට මෙතන ඉන්න කියපු හේතුව මතක් උන නිසයි....

"දැන් කොහොමද දරුවො ඔයාගෙ අප්පච්චිට..."

"තාම කියන්න තරම් ගුණයක් නෑ සර්...මං හිතන් හිටියෙ තව සතියකින්  විතර සර්ගෙන් නිවාඩුවක් ඉල්ලන් ගෙදර යන්නයි... අප්පච්චි කොළඹ ගෙනත් හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙ සර්..."

"ම්ම්...ඒ ගැන තමයි මං කතා කරන්න හිටියෙ... මගෙ හොද යාළුවෙක් යූකේ වල ඉදන් නෙක්ස්ට් වීක් එනවා.... ස්නායු රෝග සම්බන්ධ  ස්පෙශලිස්ට් කෙනෙක්....අපි ශාන්ගෙ අප්පච්චිව එයාට පෙන්නමු... ශාන් මොකද කියන්නෙ....?"

"අනෙ එහෙම පුළුවන් නම් ලොකු දෙයක්  සර්... මටත් ඕනෙ කීයක් ගියත් කමක් නැ ඉන්න හොදම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා අප්පච්චිව ඉක්මනටම සනීප කරගන්න.."

"හරි ශාන් අපි එහෙනම් එහෙම කරමු.... උබ සල්ලි ගැන වද වෙන්න එපා කොල්ලො... ඒ හැමදේම මගෙන් වෙයි... "

"සර්...අනෙ එහෙම කරන්න බැ...මට පුළුවන් මට හම්බවෙන එක බැලන්ස් කරගෙ.........."

"ශාන්...! මේ අහපන් දරුවො.... මට උබ වෙනුවෙන් දෙයක් කරන්න දීපන්.... මං මේක කරන්නෙ මගෙ යුතුකමක් විදිහට... "

සර් මට කන්න අදින්නත් දීලා හොද සැලරි එකකුත් දෙනවනම් තවත් මං වෙනුවෙන්  යුතුකම් ඉටු කරන්නෙ මොනවටද....? මේ කරන දේවල් ඉහටත් උඩින් මට නම්.... මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්න හදන එක මගෙ හිතට බරක්...

"ඒත් සර්......."

"ශාන් අයියේ........!!"

මං කියන්න හදපු නතර කරලා  හැරිලා බැලුවෙ මගෙ හිතුවක්කාරයාගෙ කටහඩට....

"මේ....අපි බීච් යමු.....!"

එයා එකපාරටම දුවගෙන ඇවිත් මගෙ ලගින් වාඩිවෙලා  මගෙ අතේ එල්ලිලා හිනා වෙවි පොඩි එකෙක් වගෙ එහෙම අහනකොට මං දැක්කා සුරේන් සර්ගෙ ඇස් වලට කදුළු එනවා...

"මේ වෙලාවේ...? දැන් පහත් පහුවෙලානෙ...."

"ඉතින් මේ වෙලාව තමයි බීච් යන්න හොදම වෙලාව...ඇයි බෑ කියලද කියන්නෙ ආ.....!!"

"අම්මෝහ් නැ.... මං දැන් බැ කිව්වද....? මං බැ කිව්වොත් මේ චුටි බේබි හා කියයිද...? මාව බෙල්ලෙන් ඇදගෙන හරි යනවනෙ....."

" හහ් දන්නවනම් හොදයි.... විනාඩි 15යි දෙන්නෙ ඉක්මනට ඇදුමක් දාගෙන එන්න..."

"ම්ම්...."

එහෙම කියල එයා ආයෙත් කාමරේට දුවද්දි මං බැලුවෙ ඇස්වල කදුළු පුරවන් බලන් ඉන්න සර්ගෙ මුහුණ...

"දන්නවද ශාන්....? මගෙ කොල්ලගෙ මුහුණෙ තියෙන ඔය ලස්සන හිනාව එයා චූටි කාලෙ දැක්කට පස්සෙ මං දැනුයි දකින්නෙ....ඒකත් ශාන් ඇවිත් සති දෙකකට පස්සෙ... ඒ හිනාව ආයෙත් ඒ මුහුණට ආවෙ උබ නිසයි දරුවො.... ඒ හිනාව දකිද්දි මගෙ අමාලි ජීවත් වෙනවා වගෙයි මට දැනෙන්නෙ.... මං උබට ණයගැතියි දරුවො.... උබට ගොඩාක් පිං... ඒ නිසයි උබ වෙනුවෙන් මට දෙයක් කරන්න දීපන් කිව්වෙ...."

සර් ගොඩාක් හැගීම්බරව එහෙම කියද්දි මගෙ ඇස් දෙකටත් කදුළු ඉනුවා....සර් කියපු වචන වලින් එයා ලස්සනට හිනා වෙන්නෙ මං නිසා කියද්දි ඒ සතුට මට දරාගන්න බැරි උනා.... කතා කරගන්න වචන නැති තරම්

" හා ඇති ඇති.... දැන් පලයන් කොල්ලො... නැත්නම් දන්නවනෙ ඉතින් පූස් පැටියා වගෙ හිනා වෙන එකාට තරහා ගියාම කොහොමද කියල..."

සර් ඇස් දෙකට උනපු කදුළු පිහිදගෙන මගෙ ලගට ඇවිත් ඔළුව අතගාලා එහෙම  කියනකොට මාත් සර් එක්ක හිනා වෙලා කාමරේට දිව්වා... මාත් කැමති එයාගෙ කේන්තියට වඩා ඒ හිනාවටයි.... ඒ හිනාව වෙනුවෙන් මටත් දැන් කරන්න බැරි දෙයක් නෑ...
.
.
.
.

"කොහෙද බෝ අපි යන්නෙ.....?"

මං ඇහුවෙ කාර් එක ගේට් එකෙන් එළියට දාලයි....

"ම්ම්ම්ම්.....වැල්ලවත්තට යමුද....? නැත්නම් මවුන්ට්ලැවිනියා.... ම්ම්..?"

"ඔයා කැමති ඕන තැනක යමු....?"

" මං කැමති ඕන තැනක යන්න එනවද...? "

"ම්ම්ම්...ඔව්..."

"කොච්චරක් දුර උනත්....?"

"ම්ම්......."

"ඕනම තැනකට.....?

"ඔව්....."

"අපායට උනත්.....?"

"බැරි වෙයි නේද....?"

"අයියො මොකක්ද හලෝ....විහිළුවට හරි කියනවකො අපායට උනත් එන්නම් කියලා.....හුම්...."

ඔන්න දැන් මුහුණ ඇද කරගත්තා....

"ඔයාට යන්න පුළුවන් උනත්  මාව අපායට බාරගනියිද දන්නෑ....."

"හහ්...ඒ මොකෝ....?"

"ඒන්ජල් කෙනෙක් අපායට ගැළපෙන්නෙ නෑනෙ නේද....?"

මං හිනාව තද කරන් එහෙම කියද්දි ඔන්න සිංහ පැටියා පුපුරන්නයි යන්නෙ....

" ආ........ අර පිස්සු හු#$තො කියපු නිසා හිතන් ඉන්නෙ තමුසෙ ඒන්ජල් කෙනෙක් කියලද....!! තමුසෙට මං...."

"ආහ්ව්ව්......බෝ... එපා කොල්ලො.... ආහ්හ්...ආව්ව් යකෝ නවත්තපිය....අපි දෙන්න හැප්පිලා මැරෙනවා දැන්...."

මේකා බැලුවොත් ඕන වෙලාවක නියපොතු හපනවා....ඇහැට පේන්න අතේ නියපොතු කෑල්ලක්වත් නැති උනාට හූරන්න කොනිත්තන්න ගියාම කොටියා වගෙ...

"මාත් එක්ක මැරෙන්න බයද....?"

"ආහ්...."

ඔන්න ආයෙත් සීරියස් වෙලා... ඇයි මේ...?  ඇයි ඔහොම බලන් ඉන්නෙ...?ඔයත් එක්ක  මැරෙන්න බය නෑ රත්තරන්...මට ඕනෙ  ඔයත් එක්ක ජීවත් වෙන්න...ඒත් ඒකට මං පිං කරලා මදි ඇති.. කමක් නෑ... ඔයා ලගින් මෙහෙම ඉන්න ලැබෙන  එකත් වටිනව මට ... මං උත්තරයක් දෙනකන් එයා බලන් ඉන්නෙ...

"පිස්සු කොල්ලා...මොනවද මේ කියවන්නෙ ආ....!"

"මං අහපු එකට උත්තර දෙන්න..."

" බෝබෝ...! මොකද මේ....?"

"හ්ම්ම්...මුකුත් නැ...."

එහෙම කියලා එයා කිසිම හැගීමක් නැති මුහුණකින් අහක බලාගත්තා...

"බෝ......."

"....................."

"බෝබෝ........."

"........................"

"යීබෝ........"

"....................."

"අශේල්..........

"ඒ නම කියන්න එපා මට..."

ඇති යාන්තම්...දැන්වත් කතා කරානෙ..

"ඇයි ඒ නම කියන්න එපා කියන්නෙ...?"

" මං ආස නෑ...."

"ඇයි ඒ...?"

"අනේ මේ කටවහගෙන ඉස්සරහ බලන් යනවද...? මට දැන්ම මැරෙන්න ඕනෙ නෑ...මැරුනත් ඔයත් එක්ක මැරෙන්න ඕනෙ නෑ........"

එයා කේන්තියෙන්... මං එයාගෙ හිත රිද්දුවද...? කලින් එයත් එක්ක මැරෙන්න බයද අහපු කෙනා දැන් මාත් එක්ක මැරෙන්න බැහැලු... මට වෙලාවකට ඔය හිත තේරුම්ගන්න අමාරුයි මැණික...

ඒත් එක්කම මට මතක් උනෙ රදීශ්ව...එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්...  බෝ හිනා වෙලා හිටියත් හිටපුගමන් එකපාරටම අවුල් වෙන්නෙ රදීශ් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද....? හෙමීට එයාගෙන් ඒ ගැන අහල බලන්න ඕනෙ...ඒත් ඉතින් කියයිද දන්නෙ නැ... මේ කටින් ලේසියෙන් වචනයක් එළියට ගන්න බැහැනෙ...

.
.
.
අපි ආවෙ මවුන්ට්ලැවිනියා... කාර් එක පාරෙ අයිනට කරලා නවත්තනකොට මටත් කලින් කාර් එකෙන් බැහැලා  රේල් පාරත් පැනලා එයා බීච් එක පැත්තට ගියා... එයා දිහා බලන් ඉදන් ලොකු හුස්මක් අරන් මාත් කාර් එකෙන් බැස්සා... එයාට කේන්ති ගියාම ලග තියෙන බඩු පොළොවෙ ගහලා කුඩු කරනවා...එයාගෙ හිත රිදුනම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඉන්නවා... එයාගෙ ඒ හැසිරීම් වලින් නම් මං ඒ දේවල් තේරුම් අරන් ඉන්නෙ...

අහස හොදටම කලු කරලා... වැඩි වෙලාවක් අපිට මෙතන ඉන්න බැරි වෙයි වගෙ....එයා මුහුද කිට්ටුවටම ගිහින් අත් දෙකත් එකට බැදගෙන රැල්ල පාගනවා... එයාට සීතලද දන්නෑ...හුළග ගොඩාක් සැරයි අද... ඒත් කන්ද උඩරට සීතලෙ හැදුන මට මේ සීතල ගානක් නැ.... එයත් අවුරුදු ගානක් පිටරටකට හිටපු නිසා එයාටත් ඒක අවුලක් නැතුව ඇති...

දැන් 6ත් පහුනෙ... ගොඩාක් කළුවර වැටිලා වගේ පේන්නෙ වැහි අන්ධකාරෙ නිසයි...මං හෙමීට එයාට ලන් උනා... එයා අත් දෙකත් බැදගෙන බිම බලන් මුහුදු රැල්ලට තෙමෙන කකුල් දෙක දිහා බලන් ඉන්නවා...

"බෝබෝ..."

මං ලගට යනකන් දැනුනෙවත් නැති එයා මගෙ කටහඩට ගැස්සුනා... ඒත් ඔළුව උස්සලා බැලුවෙ නැ...

"බෝබෝ මට ඔයත් එක්............ආයිෂ් මෙන්න වහිනවා.... බෝ කෝ එන්න... ඉක්මනට දුවමු කාර් එකට...."

මෙච්චර ඉක්මනට වැස්ස පටන් ගනියි කියල හිතුවෙ නැහැනෙ... මං ඉක්මනට එයාගෙ අතින් ඇදගෙන දුවන් ආවෙ කාර් එකට යන්නයි...එයත් කතාවක් නැතුව මගෙ පස්සෙන් ඇදිලා ආවා...

ඒත් රේල් පාර පනින්න හදනකොටම ට්‍රේන් එකක් එනවා කියලා සිග්නල් වැටුනා... ඒකට කලින් පැනගන්න පුළුවන්ද බැලුවට වැඩක් නෑ ලගම එනව පේනවා...ශිට්..මොන මගුලක්ද අප්පා ඒ අස්සෙ වැස්සත් වැඩි උනා...මට  බය මුහුදු හුලං වැදිලා වැස්සටත් තෙමිලා කොල්ලා ලෙඩ වෙයිද කියලයි....

වටපිට බලනකොට මං  දැක්කෙ ඒ ලගම තිබුන  ගස් වලින් වට උන තැනක්...

"බෝ එන්න අපි අතනට යමු... එතන තෙමෙන්නෙ නෑ... මේක යනකන් හිටියොත් අපිට මෙතන නාන්න වෙනවා..."

මං ඉක්මනට එයාවත් ඇදගෙන එතනට දිව්වෙ ට්‍රේන් එක යනකන් එයාව තෙමෙන එකෙන් බේරගන්නයි..... ගස් වලින් හොදට කවර් වෙලා...එතන පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නෑ...

දැන් ට්‍රේන් එක යනවා ගස් අතරින් අපිට පේනවා... වැස්ස තවත් හොදටම වැඩි කරා... අපි දෙන්නම ටිකක් තෙමිලයි ඉන්නෙ...මෙතනට ආවෙ නැත්නම් තවත් තෙමෙනවා...

"ඔයාව ගොඩක් තෙමිලා නෑ නේද...? වැස්ස ටිකක්  අඩු වෙනකන් ඉදලා යමු..."

"ම්ම්ම්...."

එතනට ඇවිල්ලත් අත් දෙක බැදෙගෙන ඉන්න එයාව උරහිස් දෙකෙන් අල්ලලා මගෙ ලගට අරන් එයාගෙ කොණ්ඩෙ තිබුන වතුර බිංදු පිහිදනගමන් මං එහෙම කියද්දි එයා ම්ම්ම් කියලා ඔළුව වැනුනෙ මගෙ ඇස් දිහා බලාගෙන... එයාව වෙව්ලනවා...එයාට සීතල පුරුදු නැද්ද...

"බෝ...ඇයි මේ ඔයාව වෙව්ලන්නෙ...? "

"සී..සී..තලයිනෙ..අප්පාහ්...."

"ඔයාට පුරුදු නැද්ද ඉතින්...?අවුරුදු ගානක් පිටරටකනෙ හිටියෙ..."

"එ..එහෙ..සීත  කා..ලෙට හී..ටර්ස් ඔන් කරන් ගේ ඇ..ඇතුලෙනෙ ඉන්නෙ.... ම්..මං එ..ළියට ය්.යන්නෑ...."

"ඕහ්.. එහෙමද...?

අපි හිටපු තැනම වටපිට බලද්දි  එතනම ගහක් යට තිබුන  කැඩුන ගල් බෙන්ච් එකක් මං  දැක්කා... එතන අදුරු තැනක් උනත් රේල් පාරෙ තියෙන ලයිට් කණුවල එළියෙන් පොඩ්ඩක් අදුර මැකිලා තිබුන නිසයි මං ඒක දැක්කෙ..

"එන්න අපි අතනින් වාඩි වෙමු..."

මං එයාව අතින් අල්ලන් ගිහින් බෙන්ච් එකෙ වාඩි වෙන්න කියලා මාත් එයා ලගින්ම ඇගේ ගෑවෙන්න වාඩි උනෙ එයාගෙ සීතල ටිකක් අඩු කරන්න හිතාගෙනයි...මීට වඩා එයාට ලන් වෙන්න අයිතියක් මට නෑ...ඒත් එයාව වෙව්ලනවා... මං ඉක්මනට මගෙ ශර්ට් එකෙ බට්න්ස් ටික ගලවන්න ගත්තා...

"ඔ..ඔය ම්.මොක්..ක්ද් කර..න්නෙ...?"

"ඔහොම ඉන්න ...ඔයාට සීතලයිනෙ... මගෙ ශර්ට් එකත් අදිමු....එතකොට සීතල ටිකක් අඩු වෙයි......."

"ම්..මෝඩයෙක්...!"

"ඇහ්......"

සීතලෙ වෙව්ල වෙව්ලත් මේකගෙ කට බලහන්කො... දෙන්න හිතෙනවා එකක් පුපුරන්න...

"ඔයාට ඔහොම සීතල දරාගන්න අමාරුයි නම් ඔයා ලෙඩ වෙයි බෝ... මගෙ ශර්ට් එක එපා නම් අපි තෙමීගෙන හරි කාර් එකට දුවමුද....?"

"ම්..මං ගැන ඔ..ඔච්චර හිතනවනම් ච..චුට්ටක් බ්..බ්දාගන්නවකො ම්..මෝඩය්යෝ......!"

"ආහ්........."

දෙයියනේ මටත් එහෙම කරන්න ඕන උනත් එහෙම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරි නිසයි ශර්ට් එක හරි එයාට දීලා සීතල නැති කරන්න හැදුවෙ... දැන් මාව වෙව්ලනවා හිතට දැනෙන සතුටට.... ඒ කියන්නෙ මට එයාව තුරුල් කරගන්න පුළුවන්ද.... සතුට වැඩිකමට වෙව්ලන අත් දෙකෙන්ම මං  එයාව තුරුල් කරගන්න හැදුවා... ඒත්,

"එපා...!!"

කලින් බදාගන්න කියලා දැන් එයාම එපා කියල  කේන්තියෙන්   මගෙ අත් දෙක අයින් කරා...
අනෙ ඇයි ඒ...? මට හීල්ලුනා....

මොහොතකට කලින් දැනුන සතුට වැස්සටම හේදිලා යනවා වගෙ දැනෙද්දි එයා එකපාරටම ඉන්න තැනින් නැගිටලා මගෙ උකුල උඩින් වාඩි උනෙ කකුල් දෙක මගෙ ඉන දෙපැත්තෙන් දාගෙනයි...ඊටපස්සෙ එයාගෙ  සීතල අත් බට්න්ස් ගලවලා තිබුන මගෙ ශර්ට් එක ඇතුලෙන් ගිහින් මගෙ පිට වෙලාගද්දි එයා මගෙ  නිරුවත් පපුවට තුරුල් උනෙ එයගෙ  මුහුණ මගෙ බෙල්ල අස්සෙ ඔබාගෙනයි....
දෙයියනේ.... මං මේ දකින්නෙ හීනයක්ද....

*
*
*
*
*
*
*
*

නැවත හමුවෙමු...

𝒵 𝒽 𝒶 𝓎 𝒾.......🖊️

______________________________

Continue Reading

You'll Also Like

1.8M 44.5K 98
❝I'm not going anywhere, because you're the one.❞ She was the fall he had always desired. He was the warmth she never knew she needed. They were love...
377K 9.1K 93
Mikaiah behind cameras. Are they true or we're just being delulu? Mikaiah au
977K 27K 55
After a year away at Kitty Hawk, Cassie Maybank returns to the Outerbanks with a determination to get her life back on track. To stay healthy, to mak...
552K 18.3K 91
🥋 ❛ let's spend the night doing some virtual aerobics ❜ ɪɴ ᴡʜɪᴄʜ: miguel diaz convinces his sweet new neighbor to join a karate dojo, only to watch...