"ටීම් වර්ක් එකක්? මොන මගුලක්ද මිස් ජෝශිට වෙලා තියෙන්නේ.."
යුන්ගී දත්ටික තද කරන් හේසොක්ට මිමිනුවා.
" ප්ලීස් බී සයිලන්ස් එව්රිරිවන්.. මේක ගෲප් එසයිමන්ට් එකක්. ගෲප් එකකට මෙම්බර්ස්ල දහයක් විතර එකතු කරගන්න බලන්න. මං හිතනවා ඔයාලට මාව පැහැදිලි කියලා "
මිස් ජෝශි ක්ලාස් එක පුරාවටම විනිවිද බැල්මක් හෙලමින් කිව්වා. ළමයිනුත් එයාලට වෙන්න පුලුවන් නරකම දේ මේ දැන් උනා වගේ මිස් ජෝශි දිහා බලාගෙන හිටියා..
"ඕකේ එහෙනම් නෙක්ස්ට් වීක් මං ඔයාලගේ ප්‍රසන්ටේශන්ස් බලාපොරොත්තු වෙනවා"
එහෙම කියාගෙනම ලෙක්ච එක අවසන් කරපු මිස් ජෝශි ක්ලාස් එකෙන් එලියට ගියේ ලොකු කසුකුසුවකින් ක්ලාස් එකම පිරිලා යද්දී.
"වෙන එව්වොන්ගේ ටීම් වලට වැටෙන්න කලිම් දහයක් හොයන් ටීම් එකක් හදාම් යකෝ"
එකපාරම නම්ජුන්ගේ බ්‍රේන් එක වැඩකරා.
" අපි හය ඇති.. අපිට මොකටද ආයෙ අලුතින් ටීම්"
ටේහ්‍යුන්ග් ටිකක් සද්දෙන් එයාලගෙ සෙට් එකට කිව්වත් එයාගේ ඇස් ඉස්සරහ රෝ එක දිහාට වැටිලා තිබ්බා. මගේ හාවා මොන ටීම් එකට යාවිද?
" අන්නේකයි "
සොක්ජින් නම්ජුන්ට එරෙව්වා..
ඔය අතරේ ජන්කුක් හිටියේ දෙගිඩියාවක.. එයාලා දෙන්නා එක්ක රණ්ඩුවෙන්න හරි කතාබහ කරන්නේ ටේහ්‍යුන්ග්ලා විතරක් වෙනකොට එයාලට ටීම් එකක් හොයාගන්නවා කියන එක අමාරු දෙයක් වෙලා තිබ්බා.. ක්ලාස් එකේ අනික් අයත් හිතන් හිටියේ ජන්කුක්ලාව අගහරු ජීවින් ගානට දාලා. එයාලා නෝට් එකක් වගේ දෙයක් ගැන අහන්න ඇරුනම මෙච්චර කාලෙකට ජන්කුක්ලා එක්ක කතා නොකෙරුව තරම්..
ම්ම් මොකද කරන්නේ! ඔක්කොම ක්ලාස් මේට්ස්ලනේ මොකක් හරි ටීම් එකක් කමක් නෑ.. ඕකේ කාම්ඩවුන් ජන්කුක්! ජන්කුක් යටිතොල දත්වලින් අල්ලලා ඇද්දා.
" ම්ම්ම් මොකද කරන්නේ බං ? "
"ජිමින්ලගේ එකට යන්ද?"
යොන්ජුන් එයාගේ හිතේ වැඩකරපු දේ රහසින් වගේ මුමුනද්දි ජන්කුක් ඕනදෙයක් කියලා හා කියන්න ඔලුව වැනුවා.. නොදන්න යකාට වඩා දන්න යකා හොදයිලුනෙ!
" අපිවත් ගන්නකෝ ඔයාලගේ ටීම් එකට "
යොන්ජුන් ඇස් තද කරන් එකපාරම එහෙම කියලා දාන ගමන් පිටිපස්සෙ රෝ එක දිහාට හැරුනා.. ආයිශ් මොන නවනිංගිරාවක්ද?
" ඔව්! අපිවත් ගන්න පුලුවන්ද ජිමින්.."
ජන්කුක්ගේ නිවුනු හඩ ඒ හැමෝවම පුදුම කරවන තරම් අසාමාන්‍ය වෙලා.. යොන්ජුන් උනත් ජන්කුක් එහෙම අහවි කියලා බලාපොරොත්තු උනේ නෑනේ.
ජන්කුක්ට අසරණකමක් දැනිලා ගිහින් තිබ්බා. කලින් ටේහ්‍යුන්ග් අපි හය ඇති කිව්ව එක ආයෙ ආයෙම ඔලුව ඇතුළින් ඇහෙද්දී ඇයි ටිකක්වත් සෝශල් නොවුනේ කියලා එයා එයාටම බැනගත්තා. එයා අපිට එපා කියාවිද? ප්ලීස් ටේහ්‍යුන්ග්!
"ප්ලීස් ජිමින්"
අනික් අයගේ වහගත්තු කටවල් ආයෙම පාරක් ඇරවන්න ජන්කුක්ගේ ඒ වචන ටිකට පුලුවන් උනා.
ටේහ්‍යුන්ග්ගේ ඇස් හීනිවෙලා ගියා. ඇයි හාවෝ ඒ ජිමින්ම!
"ඔහ්..ඕකේ ජන්..කුක් ම්..ම් උබලට අවුලක් නෑනේද බන්"
ජන්කුක්ගේ වචන වලට ශොක් වෙලා උන්නු ජිමින් අනික් අයගෙන් ඇහුවා.
"එච්චරයිනේ කොහොමත් අඩු උනේ! දැන් ඒකත් හරි"
යුන්ගි පුටු ඇන්දට හේත්තුවෙලා බෙල්ල පිටිපස්සට බර කරලා ඇස් පියාගත්තා.
එතකොට තාමත් ටේහ්‍යුන්ග්ගේ හීනිඋනු ඇස් ජන්කුක්ගේ ඇස් එක නපුරු විදිහට ගැටෙද්දී කවදාවත් නැතුව ජන්කුක් අපහසුවෙන් ඒ බැල්ම මගාරිම් හිටියා..
______________________________________
" කුක්කෝ මට MY TIME ලින්ක් එක එවාම්කෝ "
" සුකීගෙද? "
"ඔව් ඔව් උබ අර හැමවෙලෙම කියවන්නේ.. සුකීගේ එකක් තමා"
"ඉන්න"
ජන්කුක් හිටියේ හොස්ටල් එකේ තනියෙන්. වීකෙන්ඩ් එක නිසා යොන්ජුන් ඊයෙ එයාගේ ගෙදර ගියා. ඒත් මේ හවස හදිසියෙම යොන්ජුන් ඕතර් සුකිගේ MY TIME කතාවේ ලින්ක් එක ඉල්ලුවේ ජන්කුක්වත් පුදුම කරවලා..
මූ කතා ඉල්ලන් අන්තිමට මගේ සුකීට පැණි හලයිද දන්නෑ! හෙටම දෙන්න තිබ්බා එකාතකට මූ හෙට එනවනේ..
"තෑන්ක්ස් කුක්කෝ"
" තෑන්ක්ස් නම් නැතත් කමක් නෑ. සුකී මගේ කියලා විතරක් මතක තියගනිම්.. ඒ ඇති"
"හම්මෝහ හාකෝ ඈ.. බැට්රිත් නෑ බං..පොඩි වැඩකුත් තියනවා කරලා නිදාගන්න මං යනවා එහෙනම්. හෙට හම්බෙමුකෝ හිකි හිකි.. ගුඩ් නයිට් කුක්කෝ"
"උබේ #පොඩිවැඩේ කරගන්න්කෝ ඒනම්..ගුඩ් නයිට් යොන්ජුනෝ"
ෆෝන් එක ඇද උඩටම අතෑරලා ඇදේ පෙරලිලා පෙරලිලා ටිකක් ඈතට ගිහින් ජන්කුක් ලොකු හුස්මක් ගත්තා. එයාගේ හිත එකේක දේවල් ගැන හිතන්න පටන් අරන් තිබ්බා..
ජිමින්.. මේ දවස් කීපය පුරාවටම හුගාක් සතුටින් ඉන්නවා වගේ ජන්කුක්ට දැනුනේ එයාගේ හැසිරීමෙන් ඒත් ජිමින්ගේ ටචී හැසිරීම් ඇත්තටම ජන්කුක්ට ලොකු වදයක් වෙලා තිබ්බා..
යුන්ගිගේ එරවීම් කඩාපැනිම් මැද උනත් අනික් හැමෝම ජන්කුක් යොන්ජුන් දෙන්නා එක්ක සාමදානෙන් වැඩකරගෙන යන විදිහ මතක් උනාම ජන්කුක්ගේ මූනට ලා හිනාවක් ආවා.. යොන්ජුන් ඇරුනම එයාට යාලුවො ටිකක් හම්බෙලා.
සුකීත් මේ දවස් වල සතුටින් වගේ.. අප්ඩේට් දීගෙන දීගෙන යන විදිහෙන් ජන්කුක්ට සුකි ගැන කරදරවෙලා හිතන්න තරම් දෙයක් ඉතුරු කරෙ නෑ.
එයාට හුගක්ම හිතන්න ඉතුරු කරපු මාතෘකාව ටේහ්‍යුන්ග්!
මේ දවස් ගානටම හේතුවක් නැතුවම එයාව මගහරින ටේහ්‍යුන්ග්ගේ හැසිරීම ඇත්තටම ජන්කුක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. අඩුම එයා මට බැල්මක්වත් දෙන්නෙ නැත්තෙ ඇයි?
#ට්‍රීන්
#ට්‍රීන්
#ට්‍රීන්
" වට් ද~~"
#ටීන්
"මේ මොකද"
ෆෝන් එකට එක දිගටම නොටිෆිකේශන් එන හඩ ඇහෙද්දි ජන්කුක් ආයෙම පෙරලිලාම ඇවිත් ෆෝන් එක අතට ගත්තා.
#ට්‍රීන්
"මොකද මේ මිනිස්සු මාව ෆලෝ
කරන්නේ"
" මැසේජස් .."
ජන්කුක් වට්පෑඩ් එකෙන් ඒ ඇවිත් තිබ්බ නොටිෆිකේශන් එකක් ටච් කරේ මොකක්ද වෙන්නෙ කියලාවත් තේරුමක් නැතුව.. නොනවත්වාම එන නොටිෆිකේශන් නිසාම ලෝඩ් වෙන්න වෙලාව යද්දී ජන්කුක් ඇස් ලොකු කරන් ඒ දිහා බලන් උන්නා..
ඒත් ඊලගට දැක්ක දෙයින් එයාගෙ ඇස් තවත් ලොකු වෙලා ගියේ ඇදේ පෙරලීගෙන ඉදපු එයාව ඇදේ ඉන්දවෙද්දී..
" හෝලි ශිට්!!! හවු ඩෙයා යූ සේ දැට් මයි ෆකින් බෙස්ට් ෆ්‍රෙන්ඩ් යොන්ජූඌඌඌඌඋන්"
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මගේ සුකී😌🥴
( මගේ නෙවේ🙂😒 ජන්කුක් කියන්න කිව්වෙ😂)
~MiyawilloW🍁