Doctor Crush

By Anu__Shi

67.3K 12.8K 4.7K

ගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction More

🩺 Doctor Crush - 01 🩺
🩺 Doctor Crush - 02🩺
🩺 Doctor Crush - 03 🩺
🩺 Doctor Crush - 04 🩺
🩺 Doctor Crush - 05 🩺
🩺 Doctor Crush - 06 🩺
🩺 Doctor Crush - 07 🩺
🩺 Doctor Crush - 08 🩺
🩺 Doctor Crush - 09 🩺
🩺 Doctor Crush - 10 🩺
🩺 Doctor Crush - 11 ( Bonus) 🩺
🩺 Doctor Crush - 12 🩺
🩺 Doctor Crush - 13 🩺
🩺 Doctor Crush - 14 🩺
🩺 Doctor Crush - 15 🩺
🩺 Doctor Crush - 16 🩺
🩺 Doctor Crush - 17 🩺
🩺 Doctor Crush - 18 🩺
🩺 Doctor Crush - 19 🩺
🩺 Doctor Crush - 20 🩺
🩺 Doctor Crush - 21 ( Bonus )🩺
🩺 Doctor Crush - 22🩺
🩺 Doctor Crush - 23 🩺
🩺 Doctor Crush - 24 🩺
🩺 Doctor Crush - 25 🩺
🩺 Doctor Crush - 26 🩺
🩺 Doctor Crush - 27 (Bonus )🩺
🩺 Doctor Crush - 28 🩺
🩺 Doctor Crush - 29 🩺
🩺 Doctor Crush - 30 🩺
🩺 Doctor Crush - 31 🩺
🩺 Doctor Crush - 32🩺
🩺 Doctor crush - 33 🩺
🩺 Doctor Crush -34 🩺
🩺 Doctor Crush - 35 🩺o
🩺 Doctor Crush - 36 🩺
🩺 Doctor Crush - 37 🩺
🩺 Doctor Crush - 38 🩺
🩺 Doctor Crush - 39 🩺
🩺 Doctor Crush - 40 🩺
🩺 Doctor Crush - 41🩺
🩺 Doctor Crush - 42 🩺
🩺 Doctor Crush - 43 🩺
🩺 Doctor Crush - 44 🩺
🩺 Doctor Crush - 45 🩺
🩺 Doctor Crush - 46 🩺
🩺 Doctor Crush - 47 🩺
🩺 Doctor Crush - 48 🩺
🩺 Doctor Crush - 50 🩺
🩺 Doctor Crush - 51 🩺
🩺 Doctor Crush - 52 🩺
🩺 Doctor Crush - 53 🩺
🩺 Doctor Crush - 54 🩺
🩺 Doctor Crush - 55 🩺
🩺 Doctor Crush - 56 🩺
🩺 Doctor Crush - 57 🩺
🩺 Doctor Crush - 58 🩺
🩺 Doctor Crush - 59 🩺
🩺 Doctor Crush - 60 🩺
🩺 Doctor Crush - 61🩺
🩺 Doctor Crush - 62 🩺
🩺 Doctor Crush - 63 🩺
🩺 Doctor Crush -64 🩺
🩺 Doctor Crush - 65 🩺
🩺 Doctor Crush - 66🩺
🩺 Doctor Crush - 67 🩺
🩺 Doctor Crush - 68 🩺
🩺 Doctor Crush - 69 🩺
🩺 Doctor Crush - 70 🩺
🩺 Doctor Crush - 71 🩺
🩺 Doctor Crush - 72 🩺 (Final Chapter)
🌷 New Story Update 🌷

🩺 Doctor Crush - 49 🩺

663 154 87
By Anu__Shi


.............. මසකට පසු ...................

වසන්ත සෘතුවේ තවත් එක් දිනයකි... හිරු පායා නැගී දසතම එලිය විහිදුවමින් නව දිනයක උදාව ලොවට කියා පාමින් තිබුණි.... උණුසුම් කෝපි කෝප්පයක රස විදිමින් කුවාන් නිවස ඉදිරිපස මිදුලේ පිපි තිබුණු මල් ගස් අතර නතර වී සිටියේය...

වසන්තය ඇරඹී තිබුණු බැවින් ගෙවත්ත පිරී තිබූ නෙක වර්ණ මල් වලින් නම් අඩුවක් නොවීය.... ඈත පෙනෙන මුහුදත්, සුවදැති මල් වර්ගත් සමග උණුසුම් කෝපි කෝප්පයකින් දවස පටන් ගන්නට කුවාන් පසුගිය මාසය තුල හුරුවී තිබුණි....

🦁 ග'ගා මං යනවා......

💙 බෝදි ඔයා... කොහෙද යන්න හදන්නේ.....

🦁 Hospital එකට ..... මං ආපහූ වැඩ පටන් ගන්න හදන්නේ....

💙 ඔයාට තාම සනීප වුනා විතරයි බෝ... තව ටිකක් Rest කරන්න ඕනි....

🦁 මට දැන් හොදටම හොදයි ග'ගා...

සති හතරක දීර්ඝ කෝමා තත්වයකින් පසුව මා නැවතත් හොද සිහියට පැමිණියේ දින තුනකට පෙරයි... එදිනම මාව ෂැංහයි වෙත කැදවාගෙන යාමට ග'ගාට අවශ්‍ය වුවද මා තවමත් නිසි සුවයක් නොලබා තිබූ බැවින් මා අකමැති කිසිවක් නොකරන ලෙස ලැබුණු වෛද්‍ය නියමය නිසා ඔහුද මා සමග Zhuhai හි නතර විය... Shanghai රෝහලේ සිට Zhuhai රෝහල වෙත ඔහුගේ පත්වීමද සකසා ගත් කුවාන් ග'ගා මා සමග Apartment එකේම නතර වූයේ මා තනිකර යාමට ඔහුට තිබුණු බිය නිසාවෙනි .....

ලේ නෑකමින් ගත් කල ඔහු මගේ අර්ධ සොහොයුරා වුවද හදවතේ බැදිමෙන් ඔහු මට සලකන්නේ ඔහුගේම දරුවෙකුට මෙන් අසීමිත සෙනෙහසිනි... ඔහුගේ මව කවුරුන් වුවද ඉතා ආදරණීය කරුණාවන්ත අයෙක් විය යුතු යැයි මා සැමදා සිතුවේ ඔහුගේ මෙම ආදරණීයම හැසිරීම නිසාය...

💙 බෝදි එන්නකෝ මෙතනින් වාඩි වෙන්න...

අත තිබූ කෝපි කෝප්පය පසෙකින් තැබූ කුවාන් ඉද සිටි බංකුවේ එක් කොනකට වී මටද එතනින් ඉදගන්නට ඉඩ සලසා දුන්නේය.... මාද ගොස් ඔහු අසලින් වාඩි වී මිදුලේ යායට මෙන් පිපි තිබූ කැනෝලා මල් දෙසට නෙත් හැරවූවෙමි ....

💙 ඔයා මේ කරන්න යන දේ ගැන හොදටම විශ්වාසද දිදී ? තව ටික දවසක් ගෙදර ඉදලා ඔයා තව ටිකක් Strong වුනාම යනවා නම් මං කැමතියි ... එහේ වෙන සමහර දේවල් ඔයාට දරාගන්න පුලුවන් වෙයිද කියන්න මං දන්නෑ ...

🦁 ග'ගා ඔයා කියන්නේ චාන් ගැනනම් I'm totally okay with that.... මං ආයේ එයා ගැන හිතන්නේ නෑ...

💙 ඒත්....

🦁 අහන්නකෝ ග'ගා.... මං මෙහෙම ගෙදරම හිටියොත් ඒකෙන් වෙන්නේ මට එයාව මතක් වෙන එක වැඩිවෙන එක... මොකද මේ අපි ජීවත් වුන ගෙදර.. මේ ගෙදර හැම අස්සක් මුල්ලක් නෑරම පිරිලා තියෙන්නේ එයාගේ මතක වලින්, මං නිකන් ඉන්න තත්පරයක් ගානේ මට එයාවම මතක් වෙන්න ගන්නවා ග'ගා ... ඊට වඩා Hospital ගිහින් Busy වෙන එක හොදයි.. එතකොට මට එයාව මතක් වෙන්නවත් වෙලාවක් නැති වෙනවා .....

💙 ඒ වුනාට එයා ඔයාට පේන්න ඉද්දි ....

🦁 දෙයක් හිතින් අත් හැරියට පස්සේ ඇස් ඉස්සරහ කොච්චර හිටියත් වැඩක් නෑ ග'ගා... ඔයාගේ දිදී Strong කෙනෙක්... ඔයා බයවෙන්න එපා ... 🙂

💙 ම්ම්ම්.....

🦁 ආහ් තව දෙයක් මං අද ඉදලා වැඩ කරන්නේ Peadiatric Unit එකේ .... ඉතින් මට චාන්ව ගොඩක් හම්බවෙන එකක් නැ... ඒ නිසා ග'ගා ඔයා මං ගැන හිතන් නැතුව ඔයාගේ Offday එක සතුටින් ඉන්න ... මතක් කරලා අක්කටත් කෝල් කරන්න ... නැත්තම් ඔයාට සතියම කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ 😊😊

💙 අම්මෝහ් ඔව්... වෙලාවට මතක් කලේ පරිස්සමෙන් යන්න දිදී ...

මා වාහනය නිවසින් පිටතට ගන්නා තුරුම මා පසුපසින් පැමිණි ඔහු වාහනය නොපෙනී යනතුරුම ගේට්ටුව අසල බලා සිටියේය....

🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘

නිවසේ සිට මිනිත්තු තිහක පමණ ගමනක අවසානයේ මා රෝහලට ලගාවිය... සුපුරුදු ස්ථානයේම වාහනය නතර කර මා වාට්ටුව වෙත ගියෙමි...

Cardiology Unit එක පසුකර ගෙන Peadiatric Unit එක වෙත යන්නට හැරෙන විට මට දැනුනේ අවුරුදු ගානක් ඉගෙන ගත් පාසල හැර යන විට දැනෙන හැගීමකි... මා එයට එතරම් පෙම් කරමි.. වෛද්‍යවරයෙකු ලෙස මා ජීවිතය ඇරඹුවේ මෙහෙදියි.. හුස්ම ගැනීමටත් අපහසුතාවක් දැක්වූ රෝගීන් සම්පූර්ණ සුවය ලබා නීරෝගිව නිවසට යන අයුරු බලා සැනසුනු තැන මෙතනයි.. කොටින්ම කිවහොත් වෛද්‍යවරයෙකු වීමට දැඩි අකැමැත්තක් දැක්වූ මාහට මේ වෘත්තිය ආස කරන දෙයක් බවට පත් කල තැන මෙතනයි...

නමුත් දෛවයේ සරදමක් නිසා තවදුරටත් මට එහි රැදිය නොහැක... මේ රෝහල් ජාලය අපගේ වුවද රෝගින්ට දක්ශ Cardiologist කෙනෙක් අහිමි නොකර මා එම වාට්ටුවෙන් අස් වීමට තීරණය කලේ ගත වූ කෙටි කාලය මා ජිවීතයට කියා දුන් ආදරයේ පණිවිඩය නිසයි...

Peadiatric Unit එකට පැමිණි මා එහි වැඩ කටයුතු භාර ගත්තෙමි... කුවාන් ග'ගාද මේ වාට්ටුවේම Peadiatric Specialist කෙනෙක් වූ නිසාද මට හිමිවූ පිළිගැනීම් වලින් අඩුවක් නොවුණි... මගේ කාමරයට ගිය මා සුදු කබායද ඇදගෙන දෛනික රාජකාරි ආරම්භ කලෙමි...

කුඩා කුඩා මල් වන් කිරි දරුවන් සමග ගෙවෙන කාලය මසිතට ගෙන ආවේ සැනසීමකි.. මෙතෙක් දිනක් සිත පෙලූ වේදනාවන් මොහොතකට ඒ කිරි සිනා, හුරතල් කතා හමුවේ මට අමතකව ගියේය...

♦️ යීබෝ ....

🦁 Kai ඔයා.....

♦️ මං තමයි බන්.... ඔයත් මේ Ward එකේද? මං කලින් දැකලා නෑනේ...

🦁 මං අද ඉදන් මෙහෙට transer වුනේ.....

♦️වැඩ ඉවරනම් Cafeteria පැත්තේ යමුද..... මොනවාහරි අරගෙන අපි Garden එකට ගිහින් කතා කරමු.... මාත් මෙහෙට ඇවිත් තාම සතියක් වත් නෑ....

🦁 ම්ම්ම් යමු.....

          ( Dr. Xue Kai )

ඔහු නමින් Xue Kai.... වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මගේ හොදම මිතුරෙකි... ඔහු මා ගැනත් මා ඔහු ගැනත් නොදන්නා කිසිවක් නැති තරමට අප දෙදෙනා හොදම මිතුරන් විය.... ජීවිතයේ පීඩාකාරී සමයක් ගෙවමින් සිටි මා හට ඒ  පැරණි මිතුදම සිතට ගෙන ආවේ මහත් සහනයකි ... 

Strawberry Milk Shake දෙකක්ද මිලට ගත් අප රෝහලේ කාර්‍යමණ්ඩලය සදහාම වෙන්වුණු උද්‍යානයට දෙසට පිය මැන්නෙමු.... මලින් පිරුණු විශාල චෙරි ගසක් යට තිබූ බංකුවක වාඩි වූ අප දෙදෙනා ආගිය තොරතුරු කතා කරමින් කාලය ගත කලෙමු ....

♦️ යීබෝ ඔයා හිටියටත් වඩා ගොඩක් Handsome වෙලා... ඒත් කොයි ඔය මූණේ තිබ්බ හිනාව....

🦁 සමහර දේවල් අපේ හිනාව උදුරගන්නවා බන්...

♦️ඇයි ආපහූ උබේ පපා බාල්දියක් සෙට් කලාද ?

🦁 නෑ නෑ ඒක වෙනම කතාවක් .... පස්සේ කියන්නම්කෝ ...

♦️ උඹ දැන් මට කියන් නැති දේවලුත් තියෙනවානේ .... ආහ් කමක් නෑ ඔහොම යන්කෝ.... 😏😏

🦁 එහෙම නෙවෙයි බන්... මේ ඒක මෙහෙම කියන්න බෑ.... හවස Free නම් අපේ ගෙදර යමන්... මං කියන්නම් විස්තරේ... කුවාන් ග'ගාත් ඉන්නවා.... උබේ Favorite නේ...

♦️ මාත් ග'ගාව Hospital එකේදි දවසක් දැක්කා... ඒත් කතා කරන්න හම්බුනේ නෑ ...

🦁 අද ඇති වෙනකම් කතා කරපන්... දැන් යන් බන්.. මගේ Shift එක ඉවරයි.. මං ගෙදර යනවා..

කෙලිලොල් දගකාර චරිතයක් වූ කායී මා කරවටා අතක් දාගෙන මා අසලටම වී ඉදිරියට ඇවිද යන්නට වූයේ වෛද්‍ය විද්‍යාලයේ අප ගත කල සමය යලි සිහියට නගමින්ය......එකල ඔහුත් මාත් එකට නොසිටින විට "කෝ උඹේ අනිත් කෑල්ල " යැයි දකින අය අසන තරමට අප අතර තිබුණේ දැඩි මිතුදමකි...

අඩි කිහිපයක් ඉදිරියට ඇවිද යන විට හුරුපුරුදු දෑසක් අභියස මා දෑස් නතර විය... ඒ අන්කිසිවෙකුත් නොවෙයි චාන්ය... Snacks කිහිපයක් සහ Milk Shake එකක් අතැතිව ඔහු තනිවම අප දෙසට ඇවිද ආවේය...

ඒ දෑස් මා හා ගැටෙන තත්පරයකදී ඇස් පිය හෙලන්නටත් මට අමතක වූ අතර දෙපා එතැනම ගල් වූයේ මසකට පසුව මෙලොව මා වඩාත් ආදරය කල ඔහු මා දෑස් ඉදිරියේ දැකගැනීම නිසා ඇතිවූ කම්පනයෙනි....

සැනෙකින් මට මතක් වූයේ අවසන් වරට ඔහු මා හා කතා කල විට පැවසූ වදන්ය...

" ඔයා මට Use කරලා අයින් කරපු Tissue Paper එකක් විතරයි යීබෝ... "

එදා ඔහු එය කියපු ස්වරූපයෙන්ම නැවතත් එය මගේ දෙසවන් තුල රැව් නැගෙන්නට පටන් ගත්තේය.... ඒ දෑස් ඉදිරියේ දුර්වල වූ මා පරයමින් ඒ වචන වලින් සිත බිදී ලැබූ පන්නරයෙන් අලුතින් ඉපදුණු මගේම අනිත් පෞරුෂය නැගී සිටින්නට විය .. මියැදුණු පොලවෙම අළු ගසා නැගිටින ෆීනික්ස් පක්ෂියෙක් මෙන් මාද ඔහු ඉදිරියේ හිස කෙලින් තබාගෙන සිටීමට මහත් වෑයමක් දැරුවෙමි ....

මගේ කරවටා අතක් දාගෙන සිටි Kai ගේ ඉනවටා අතක් යවමින් මා ඔහුව තවත් මගේ සමීපයට ගත්තෙමි... අප දෙදෙනා අතර තිබුණේ සෙන්ටිමීටර දෙකක පමණ පරතරයකි... සාක්කුවෙන් ගත් ලේන්සුවක් ගෙන මා Kai ගේ නළලත රැදී තිබුණු දහදිය සෙමින් තෙත් කර ඉවත් කලෙමි ... 

🦁 ඔයාට දාඩිය දාලා බබා..... මං කිව්වනේ මේ රස්නේ ඔයාට අමාරුයි කියලා... ඔන්න ආයේ නම් එලියට එන්නේ හවස් වරුවේ විතරයි හරිද ....

♦️ අත ගන්න යීබෝ ... 😶😶

සිදුවන දේ පිලිබදව වැටහීමක් නොවූ Kai මගේ තුරුලෙන් ඉවත් වීමට දැගලුවේය... ඔහුගේ ඉන හොරෙන් කෙනෙත්තූ මා දගලන්නට එපා යැයි ඉස් වලින් ඉගි කලේය...

🦁 ලැජ්ජ වෙන්න එපා බබා.... මේක මගේ Hospital එක... ඔයාට කවුරුත් මුකුත් කියන්නේ නෑ ... 😊😊

Kai ව  ආදරයෙන් වැලදගත් මා ඉදිරියට ගමන් කලෙමි .... හිරු එලිය ඔහුගේ මුහුණට නොවැටෙන පරිදි මගේ අතක් ඔහුගේ හිසට ඉහලින් පිහිටන සේ රදවාගත් මා චාන් ඉදිරියෙන් ආඩම්බරයෙන් ගමන් කලේ ඔහු මා ඉදිරියේ සිටගෙන සිටින බව අමතක කරමිනි ...

Kai ගේ ඉන වටා එතුනු මගේ දෑතත්, ඔහුට ඉතා ආසන්නයෙන් තිබූ මගේ මුහුණත් දෙස චාන් බලාසිටියේ දෑස් නලලේ තබාගෙනය.. කිසිම පුද්ගලයෙක් හා නිකරුණේ ඕනිවට වඩා ලග ඇසුරක් මා නොපවත්වන බව ඔහු හොදින්ම දන්නේය.. අවම වශයෙන් ඔහු සැක කල Bright සමග හෝ මා මෙතරම් සමීප ඇසුරක් පවත්වා නැත..

මට අවශ්‍ය වූයේ චාන්ව රිදවීමටවත් පළිගැනීමටවත් නොවේ... තවදුරටත් මගේ ජිවීතයේ ඔහුට ඉඩක් නැති බව ඇගවීමටයි... මා ගත් උත්සාහය සඵල කරමින් අප එතැනින් ඉවත් වීමටත් පෙරම චාන් අත තිබූ Milk Shake එක බිම වැටී ඉහිරී ගියේය .... ‍රෝහල ඇතුලට යනතෙක්ම Kai ව තුරුලෙන් ඉවත් නොකෙරූ මා චාන්ට නොපෙනෙන දුරක් ආ පසු ඔහුව අත් හැරියෙමි....

♦️ මොන යකෙක් වැහිලද බන් උඹට ... මොකද මාව එකපාරටම බදාගත්තේ? යකෝ අර දැකපු මිනිස්සු මොනවා හිතන්න ඇද්ද ?

🦁 හරි හරි දැන් ඒක ඉවරයිනේ ... උඹේ ඇගේ කෑල්ලක් ගෙවුනේ නෑනේ... කටවහන් යමන්...

♦️ ඇයි යකෝ මට බබා බබා කිව්වේ... උඹට මාව පේන්නේ කෙල්ලෙක් වගේද ? මොකක්ද ඒ කරපු විකාරේ ...

🦁 Shut up boy....

♦️ යීබෝ උ....

Kai ගේ ප්‍රශ්න මාලාවේ නිමක් නැත ... මා ඔහුගේ කටට අත තබා ඔහුව නිහඩ කලෙමි... දැස් දල්වාගෙන මා වෙත ප්‍රශ්නාත්මක බැල්මක් හෙලූ ඔහු තවත් කතා කරන්නට පටන් ගත්තේය...

🦁 හවසට සෙට් උනාම ඔක්කොම කියන්නම්... දැන් ඔය ප්‍රශ්න ටික ඔක්කොම කොලේක ලියලා තියාගනිම්...

♦️ මං දැන්ම එනවා....

Kai ට සමු දී Lift එකෙන් බැස ආ මම මගේ කාමරයට ගොස් නිවසට යාමට සුදානම් වුනෙමි...

To be Continued ........

නොපෙනෙන සේ රැදී
එක මොහොතක් හරි..
ඔබ දැකගන්න ලැබුනොත් යලි...
නෙතු කදුලින් පිරී ඇති හිස්තැන් මැකී ජීවත් වෙන්න මට ඒ ඇති
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් මට අමතක වෙන්නේ නෑ කිසිමදා...
මට ඔබ නැති හෙටක්, නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා....

-- චාන් --

🎀 A/N 🎀

🩺 Yibo is Back ....

🩺 අද කොටස නම් කම්මැලි නේ... ටික දවසකට Romance නෑ ඉතිම් .. 😶😶

🩺 ආයෙත් ඉක්මනට කොටසක් දෙන්නම්....

🩺 මනංකල්පිතයක් පමණක් බැවින් සැබෑ චරිත හා සැසදීමෙන් වලකින්න ..

🩺 උපුටා ගැනීම තහනම් 🚫

Continue Reading

You'll Also Like

41.3K 7.5K 33
හදවතට දැනුන කෙනා.. එයා දැන් කොහේ ඇතිද.. ආයෙමත් දවසක එයාව හමු වේවිද.. හමු වුනත්.. නොවුනත්.. හැමදාම ඔබ මහේ හදවතෙ සිටීවී.... 💎 Romance FF 💎 ZY ff
6.3K 1K 9
කොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත...
8.1K 1.7K 10
මේ ලෝකේ මන් දැක්ක ලස්සනම ආදරය... ඒ වගේම මගේ ජීවිතේ මට ඉන්න මගෙම සහෝදරයෝ දෙන්නා... මේ එයාලගේ ආදර කතාව කෙටියෙන්.... මම ෆැනි 🤓
1.1M 159K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!