Doctor Crush

By Anu__Shi

68.1K 12.9K 4.7K

ගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction More

🩺 Doctor Crush - 01 🩺
🩺 Doctor Crush - 02🩺
🩺 Doctor Crush - 03 🩺
🩺 Doctor Crush - 04 🩺
🩺 Doctor Crush - 05 🩺
🩺 Doctor Crush - 06 🩺
🩺 Doctor Crush - 07 🩺
🩺 Doctor Crush - 08 🩺
🩺 Doctor Crush - 09 🩺
🩺 Doctor Crush - 10 🩺
🩺 Doctor Crush - 11 ( Bonus) 🩺
🩺 Doctor Crush - 12 🩺
🩺 Doctor Crush - 13 🩺
🩺 Doctor Crush - 14 🩺
🩺 Doctor Crush - 15 🩺
🩺 Doctor Crush - 16 🩺
🩺 Doctor Crush - 17 🩺
🩺 Doctor Crush - 18 🩺
🩺 Doctor Crush - 19 🩺
🩺 Doctor Crush - 20 🩺
🩺 Doctor Crush - 21 ( Bonus )🩺
🩺 Doctor Crush - 22🩺
🩺 Doctor Crush - 23 🩺
🩺 Doctor Crush - 24 🩺
🩺 Doctor Crush - 25 🩺
🩺 Doctor Crush - 26 🩺
🩺 Doctor Crush - 27 (Bonus )🩺
🩺 Doctor Crush - 28 🩺
🩺 Doctor Crush - 29 🩺
🩺 Doctor Crush - 30 🩺
🩺 Doctor Crush - 31 🩺
🩺 Doctor Crush - 32🩺
🩺 Doctor crush - 33 🩺
🩺 Doctor Crush -34 🩺
🩺 Doctor Crush - 35 🩺o
🩺 Doctor Crush - 36 🩺
🩺 Doctor Crush - 37 🩺
🩺 Doctor Crush - 38 🩺
🩺 Doctor Crush - 39 🩺
🩺 Doctor Crush - 40 🩺
🩺 Doctor Crush - 41🩺
🩺 Doctor Crush - 42 🩺
🩺 Doctor Crush - 43 🩺
🩺 Doctor Crush - 44 🩺
🩺 Doctor Crush - 45 🩺
🩺 Doctor Crush - 47 🩺
🩺 Doctor Crush - 48 🩺
🩺 Doctor Crush - 49 🩺
🩺 Doctor Crush - 50 🩺
🩺 Doctor Crush - 51 🩺
🩺 Doctor Crush - 52 🩺
🩺 Doctor Crush - 53 🩺
🩺 Doctor Crush - 54 🩺
🩺 Doctor Crush - 55 🩺
🩺 Doctor Crush - 56 🩺
🩺 Doctor Crush - 57 🩺
🩺 Doctor Crush - 58 🩺
🩺 Doctor Crush - 59 🩺
🩺 Doctor Crush - 60 🩺
🩺 Doctor Crush - 61🩺
🩺 Doctor Crush - 62 🩺
🩺 Doctor Crush - 63 🩺
🩺 Doctor Crush -64 🩺
🩺 Doctor Crush - 65 🩺
🩺 Doctor Crush - 66🩺
🩺 Doctor Crush - 67 🩺
🩺 Doctor Crush - 68 🩺
🩺 Doctor Crush - 69 🩺
🩺 Doctor Crush - 70 🩺
🩺 Doctor Crush - 71 🩺
🩺 Doctor Crush - 72 🩺 (Final Chapter)
🌷 New Story Update 🌷

🩺 Doctor Crush - 46 🩺

607 140 61
By Anu__Shi

රෝහලේ වැඩ නිමවා චාන් නිවසට එමින් සිටියේය... නිවස දක්වා වූ මාර්ගය සම්පූර්ණයෙන්ම වැටී තිබුණේ වෙරළ තීරයට යාබදවයි... ශුෂ්ක කලාපයට හුරුව තිබූ ගස් වර්ග කිහිපයක් මුහුද දෙසට නැමී තිබුණි... අනෙක් පසින් ගම්මානයට දෙසට වන්නට විශාල අතු පතර විහිදුණු ගස් රාශියක් පිහිටා තිබුණි...  ඒ මාර්ගයේ එක් වරක් ගමන් කල අයෙක් නැවත නැවතත් එහිම ගෙන්වන්නට තරම් අලංකාරයකින් ඒ මාර්ගය යුක්ත විය...

වෙනදාට මේ මාර්ගයේ ගමන් කරන විට චාන්ගේ ආතතිය දුරුවී සිත සැනසෙන්නේය... නමුත් අද නිවස වෙත ලංවත්ම චාන්ගේ සිතේ ඇති වූයේ මහා හිස් බවකි... තවදුරටත් අඩන්නට කදුලුත් ඒ දෙනෙතෙහි ඉතිරිව නොතිබූ අතර තනි සුදු කඩදාසියක් මෙන් වූ පණ ගැහෙන හදවතක් පමණක් ඔහු සතු විය... හැගීම් විරහිත මලකදක් මෙන් නිවස වෙත පැමිණි ඔහු ගේට්ටුවෙන් ඇතුල් වන විට වතුර උගුරක් බී මුහුණත් වතුරෙන් තෙමාගෙන මවාගත් ව්‍යාජ සිනාවකින් මුව සරසා ගෙන නිවසට ඇතුල් විය...

🦁 බනී ඔයා ඇවිත් .... 😍😍

දිනයම පාලුවෙන් ගත කල මා චාන් වෙත ගියේ පියඹාගෙනය ... මා සිටියේ ඇමතුමක බවත් මට අමතකව ගියේ ඔහුව දැකීමෙන් ඇතිවූ ප්‍රීතිය නිසාය ...

📱 ඕයි ඕයි කතා කරහන්... මොකද වුනේ... අඩෝ යීබෝ .....

🦁 මං පස්සේ ගන්නම් ... දැන් මං Busy...

Bright ගෙන් ලද ඇමතුම විසන්ධි කල මා චාන් අත තිබූ බෑගයත්, මගේ දුරකථනයත් සෝෆාව උඩට විසි කර  චාන්ගේ ගෙල වටා අත් යවා ඔහුගේ ඇගේ එල්ලෙනුමි...

🦁 බනී මං පාළුවෙන් හිටියේ .... ඇයි ඔයා මට් කියලා ගියේ නැත්තේ ... 😶

🐰 කාත් එක්කද බබා කතා කලේ?

🦁 Bright එක්ක ... මොනවදෝ විශේෂ දෙයක්  කියන්න තියෙනවා කියලා ගත්තේ, ඔයා ආව නිසා Cut කලා... එයාට මං පස්සේ ගන්නම්...

🐰 බහින්නකෝ බබා ... ඔයා දැන් බරයි... අම්මෝහ් මගේ කොන්ද ..

🦁 සතුටින් ඉන්න නිසා මහත් වෙලා මං ...... ඔයා තමයි මේවට වග කියන්න ඕනි ... 😁😁

චාන් මගේ කම්මුලක් මිරිකා කරවටා රැදී තිබූ මගේ අත් ඉවත් කලේය..

🐰 මං Wosh කරන් එන්නම් මැණික ... මට මහන්සියි ...

🦁 මාත් එන්නද ? 😁😁

දගකාර සිනාවක් මුව මත රදවාගෙන මා ඇසුවේ මටත් නාන්නට අවැසි වූ නිසාම නොවෙයි ..

🐰 පස්සේ හොදේ... අපි දැන් Party එකට යන්නත් ඕනි නේ..

🦁 හරි එහෙනම් ... මං ඔයාට බොන්න මොනවාහරි හදන්නම් ....

මා මුළුතැන්ගෙය වෙත ගොස් චාන්ගේ ප්‍රියතම පානය වන Dalgona Coffee සහ කේක් කැබලි කිහිපයක් කෑම මේසයට සූදානම් කලෙමි...

චාන් නාගෙන ආ පසු කෑම මේසයේ පුටු කෙතරම් තිබුණද මා ඔහුගේ උකුලේ වාඩි වූයේ දිනය තුල මගහැරුණු උණුසුම විදගැනීමටයි...

🐰 බෝබෝ මොකද මැණික මේ....

බදවටා අතක් යවමින් මාව තවත් ඔහුගේ ග්‍රහණය ඇද ගනිමින් ඔහු පැවසුවේ හිසකෙස් අතරින් අත යවා මගේ හිස පිරිමදින අතරමයි...

🦁  මං අද  දවසම තනියමනේ හිටියේ .. ඉතින් මට ඔයාව ගොඩාක්ම ගොඩා... ක්  Miss වුනා බනී 🥺

🐰 You are so clingy bo... 😘

🦁 Only for you ....

🐰 බෝ මැණික අහන්නකෝ මං ඔයාට ගොඩක්ම ගොඩක් ආදරෙයි ... මගේ ජිවිතේ ඉර එලිය ඔයා මගේ මැණික ... ඉර පායන් නැතුව මේ ලෝකේ කිසිම දෙයක් හරියට වෙන්නේ නෑ වගේ ඔයා නැතුව මගේ ජිවිතෙත් කිසිම වැඩකට නැති දෙයක් වෙයි..... 😶😶

🦁 චාන්ගා ඔයා ඊයේ ඉදන් කීවෙනි වතාවටද මේ ආදරෙයි කියන්නේ ... හරියට ගනන් කලානම් අපිට වාර්තාවක් තියන්න තිබ්බා...

🐰 විහිලු නෙවෙයි මැණික මං ඇත්තටම ආදරෙයි... ❤️

🦁 මාත් ආදරෙයි මගේ බනීට මටත් වඩා.... ❤️😘

කම්මුල් මතින් පටන් ගත් සියුම් සිනිදු සිපගැනීම් නොනවත්වාම දෙතොල කරා ඇදෙන විට ඔවුනොවුන්ගේ පහසින් ඉවත් වීමට සිත සාදා ගැනීමට අපට අපහසු විය... චාන්ගේ සිහින් දෙතොලත් යටි තොලට තරමක් පහළින් පිහිටි ලපයත් මගේ අණසකට යටත්ව විටෙක තියුණු මෙන්ම විටෙක සියුම් ස්පර්ශයන් ලබද්දී ඔහු කෙදිරියකින් පමණක් ඒවා දරාගත්තේය...

විනාඩි පහක් දහයක් නැත වෙලාවක් මතක තබා ගැනීමට තරම් සිහියක් නොවූ අප සරාගී ගණන් නොකල තත්පර මිනිත්තු කිහිපයකින් පසු අප ලවන් මතින් ඈත් වූයේ හදවත තවමත් ඒ පහසම ඉල්ලමින් තිබියදීය...

🐰 ඇති මැණික ..... මං දන්නවා ඔයා ඕක නතර කරන්නේ නෑ කියලා ... යමු ලෑස්ති වෙමු...

🦁 මාව වඩාගෙන යන්නකෝ බනී... 😋

කකුල් අතරින් අත යවා මාව හරහට වඩාගත් ඔහු කාමරයට ගමන් කලේය....මා දෑස් ඔහුගේ දෑස් හා යාවී තිබුණත් ඔහු මගේ බැල්මන් මගහැරීමට උත්සාහ කලේය.... ඔහුගේ දෑස් නිසසලය. පියකරු මුත් තේරුම් ගත නොහැකි යමක් එහි සැගවී ඇත්තාක් මෙනි..... ගැඹුරු ජලය නිසසල වන්නාක් මෙන් ඔහුගේ සිතුවිලි ගැඹුරක අතරමංව ඇතැයි මට සිතුනේ ඒ දෑසේ කැල්මන් නිසාය....

☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️

චාන් සහ මා සාදයට පැමිණෙන විටත් සාදය ආරම්භ වී තිබුණි.... සුපුරුදු පරිදිම ඔවුනොවුන්ට වෙන් වූ මේස වල ඒ ඒ වෛද්‍යවරුන් වාඩි වී සිටියේය .... ඉදිරියට ඇදුනු අප Bright හා Tian ඇතුළු Cardiology Unit එකේ වෛද්‍යවරුන් වාඩි වී සිටි මේසයෙන් අසුන් ගත්තෙමු...

🔵 Oh Wow දෙන්නාගේ ඇදුම් එක වගේ... Couple goals .... 😋

මා ලැජ්ජාවෙන් රතු වුනෙමි.. තවමත් අප සම්බන්ධය Tian ට රහසකි... ඉතින් මෙය අහඹුවක් බව කියාපෑමට මා උත්සාහ කලෙමි ....

🦁 ආහ් මේ... අපිත් එලියට එද්දී දැක්කේ... එක වගේ කියලා... නේද චාන් සර්....

මා කියනා දේ චාන්ගේ සවනත වැකෙන්නට තරම් සිහියක් ඔහුට නොවූයේ ඔහු සාදය පුරාවටම කවුරුන් හෝ සෙවූ නිසයි... ඒ දෙනෙත් ඒ මේ අත ඇදෙද්දී මා නැවතත් ඔහුට කතා කලෙමි..

🦁 චාන්ගා.... චාන්ගා .... බනී...

🐰 ආහ්..ඕ... කියන්න බබා.....

🦁 මොකක්හරි ප්‍රශ්නයක්ද චාන්ගා ... You look uncomfortable ... ඔයාට මෙතන ඉන්න බැරි නම් අපි ගෙදර යමු බනී...

🐰 නෑ නෑ බෝබෝ මං හොදින් .... මං Woshroom ගිහින් එන්නම්කෝ... ඔයා ඉන්න...

මේසය යටින් අත දම මගේ අතකින් අල්ලාගත් ඔහු කකුලටද තට්ටුවක් දමා එතනින් නැගිට ඉවත්ව ගියේය....

විනාඩි කිහිපයක්ම ගත වූවත් චාන් නැවතත් පැමිණියේ නැත... වේටර්වරයා අපට Red Wine ගෙනවිත් කුඩා වයින් වීදුරු වලට දමා මේසය මතින් තබමින් සිටියේය... එක්වරම ඔහුගේ සමබරතාවය ගිලිහී Red Wine බෝතලය Bright ඇද සිටි ඇදුම උඩට හැලුනි...

🔴 Oh.... Shit..

💂 Oh God... I...... I'm S...Sorry S... Sir...

🔴 මගේ අලුත්ම ඇදුම....

මාද නැගිට Bright අසලට ගියෙමි ... ඔහු ඇද සිටි සුදු පැහැති කලිසම හා කෝට් එක පුරා බතික් රටාවක් මෙන් රත් පැහැයෙන් වයින් සලකුණු සටහන්ව තිබුණි....

💂 අනේ.. සොරි සර්... මං හිතලා කලේ නෑ.... අනේ සර් ප්ලීස් ලොකු සර්ට නම් කියන්න එපා ... මාව මෙහෙන් එලවලා දායි...

🦁 හරි හරි මනුස්සයෝ..  දැන් මෙයාට change කරගන්න තැනක් කියනවකෝ.. 

💂 සර් 4th floor එකේ  Room Number 73 එකට යන්න ... ඒ Room එකේ ඕක හෝදලා Dry කරගන්න පුලුවන් ... I'm sorry sir... extremely sorry ...

🦁 Bright එන්න... අපි ඕක හෝදන් එමූ....

වේටර්වරයා පැවසූ පරිදි අප ඒ කාමරය සොයා ඇදුනෙමු... හතරවෙනි තට්ටුවේ බැල්කනිය කෙලවරම රහස් කාමරයක් මෙන් එය වෙන් කර තිබූ අතර එහි වටපිටාවේ සිට සියල්ලම අනෙක් ඒවාට සාපේක්ෂව වෙනස් අයුරින් නිමවා තිබුණි ... කාමරයට ආ පසු Bright ඔහුගේ ඇදුම් කරමින් එකිනෙක සෝදන්නට පටන් ගත්තේය.. මා ඇදෙහි වාඩි වී ඒ දෙස බලා සිටියෙමි ...

🔴 Peadiatric Unit එකේ Dr. Ji Hyun ත් හිටියා... බලන්නකෝ එයාත්  දැක්කද දන්නෑ මේක... සැක් වස ලැජ්ජාව ...

🦁 ඒපාර තව එකක් හොයාගත්තද ? උඹ නම් හැදෙන්නේම නෑ, දැන් එතකොට Thai වල ඉන්නවා කියපු කෙනාට මොකද වෙන්නේ...

🔴 ඒවා එතකොට බලමුකෝ ... ලැබෙන හැම අවස්තාවකින්ම ප්‍රයෝජන ගන්න ඕනි... That is Bright's theory ...

🦁 හා හා හරි හරී...

🔴 ඔතනට වෙලා පෙරහැර බලනවා වගේ ඉන්නේ නැතුව මේක ගලවන්න උදව් කරපන්නකෝ... ජොකාත් තෙමිලද කොහෙද Shit..😶😶 මූටත් මේක මගේ ඇගේම හලන්න ඕනි වුනානේ.....

🦁 මෙහෙට එනවා ඉතින් 😂😂

මා Bright ඇද සිටි දිග කලිසමේ බොත්තම බුරුල් කිරීමට උත්සාහ කලෙමි ... එය සිරුරටම සිරවී තිබුණේ කපා ඉවත් කලහොත් මිස නිකන්ම ගලවා දැමීමට නොහැකි වන පරිද්දෙනි ...

🦁 මේක කපමු බන්..  ගලවන්න බෑ..

🔴 විකාර කියන්න එපා මනුස්සයෝ 😒😒 ඕක මගේ Sweety දුන්න Birthday Present එක... 😎

මා තවත් ඔහු වෙත පාත්වී එය ගලවා දැමීමට උත්සාහ කලෙමි... Bright දැනටමත් සිටියේ උඩුකය නිරුවත්වයි... ඔහුගේ නිරුවත් ශරීරයේ නොගෑවී කෙසේ හෝ එය ගලවා දැමීමට මා වෙහෙස වීමි...

එක්වරම අප සිටි කාමරයේ දොර විවර වූ අතර අප දෙදෙනාම ක්ෂණිකව ඒ දෙස බැලුවේ එය ඇරුණු වේගයට දොර බිත්තියේ වැදී ඇතිවූ අධික ශබ්දයෙන් තැති ගත් නිසාය...

🐰 යීබෝ .... 😡😡😡😡

චාන්  මා ඇමතුවේ  වහලයත් ගලවන් යන තරමට වූ උස් සැර හඩකිනි..

🦁 බනී......

මා එලෙසින් පවසන විටම මා අත රැදි Bright ගේ කලිසම මා අතින් ගිලිහී බිමට වැටුනේ ඔහුගේ ඇගේ ඉතිරි වූ එකම ඇදුම කෙටි යට ඇදුමක් පමණක් වන ලෙසයි .... එයත් යම් තරමක තෙත් ස්වභාවයක් ගත් නිසා ඇගටම ඇලී තිබුණි ...

🐰 තමුසෙලා දෙන්නා මෙතන මොකද්ද කරන්නේ කියනවා...

🔴 චාන් සර්....

Bright බිම වැටුණු කලිසම යලි අදිමින් කතා කරන්නට විය..

🐰 මට තමුන් එක්ක කතාවක් නෑ ... යීබෝ මෙච්චර කල් මාව රවට්ටගෙන තමුසේ මේකද කලේ...

🦁 බනී.... 🥺

🐰 බනී... 😂😂 තමුසේ බනී බනී කිය කිය මාව කැරට් කන හාවෙක් කරගන්නද හැදුවේ යීබෝ ... මට මුලින්ම උඹලා දෙන්නා ගැන සැක හිතුනත් මං හිතුවේ නෑ මෙච්චර දේවල් උඹලා දෙන්නා අතරේ ඇති කියලා ... බනී... බනී හහ් 😂 ඔව් යකෝ මං හාවෙක් වුනා... උඹට රැවටිලා...

මගේ කමිස කොලරයෙන් අල්ලාගෙන මා සොලවමින් සිටි ඔහු මාව් පසෙකට තල්ලු කර දැමීය ... 

🦁 අනේහ් චාන්ගා මොනවද මේ කියවන්නේ... අපි .. මායි Bright යි මෙතනට ආවේ මේ ඇදුම Change කරගන්න ... ඔයා වැරදියට හිතාගෙන ඉන්නේ ..  🥺🥺

දුකටද මා කෙරෙහිම ඇතිවූ ආත්මානුකම්පාවටද නැත්නම් නොකල වරදකට දොස් අසන්නට වීම නිසා ඇතිවූ කේන්තියටද යන්න හරියට වටහා ගැනීමට නොහැකි වූ හැගීමක් හේතුවෙන් දෑස් අගට එකතු කදුලු කොපුල් දිගේ රූරා වැටෙන්නට පටන් ගත්තේ මා දෑතින්ම චාන්ගේ දෑත් අල්ලාගෙන ඔහුට සිදු වූ දෙය තේරුම් කිරීමට උත්සාහ කරන අතරයි...

🐰 මං ඇස් දෙකෙන්ම දැක්ක දේවල් බොරු කියලා කිව්වම තවත් තමුසෙව  මං විශ්වාස කරන්න ඕනිද යීබෝ ? කියනවා තමුසෙට මාව ඒ තරම් ගොනෙක් වගේද පේන්නේ ? 😠

🔴 චාන් සර් අ...

🐰 කට වහපන් Bright .... තවත් මොනවද උඹට  මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ ...

🦁 චාන්ගා Please පොඩ්ඩක් අහන්න..  ඉස්සෙල්ලාම ඔයා ටිකක් Cool down වෙන්නකෝ... මං මෙහෙම දෙයක් කරයි කියලා ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ? මං හිනෙකින්වත් ඔයාට වැරැද්දක් කරලා නෑ චාන්ගා ... ඇත්තමයි ... Please believe me bunny 🥺🥺🥲

නැවතත් චාන්ගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඔහුට ලං වෙන්නට උත්සාහ කලත් කේන්තියෙන් ඔහු මාව පසෙකට තල්ලු කර දැමුවේය...

🐰 විශ්වාස කරන්න බැරි නිසා තමයි බං මං මෙච්චර කල් උඹත් එක්ක හිටියේ .. ඒත් අද,  අද මං ඇස් දෙකෙන්ම දැක්කනේ තමුසේ කවුද කියන්න ... මං නැති වෙලාවට මුගේ වටේ කැරකෙන්නේ මේකට තමයි එහෙනම් .....

🦁 චාන්ගා.... 😠😠😠😠

🐰 මොකද ඇත්ත එළි වුනාම කටේ සද්දෙත් වැඩි වෙලා තියෙන්නේ ... තමුසෙටත් තමුසෙගේ තාත්තාට වගේ එකෙක් හිටියම මදි ඇති.. තව කීයක් එක්ක...

චටාස් 👋💥

ඉවසීම අවසානයේ මා චාන්ට අතුල් පහරක් ගැසුවේ තවත් ඔහුගේ වදන් දරාගන්නටම අපහසු වූ නිසාය... කඩුවකින් කොටනවාක් මෙන් රුදු වදන් මා ඉවසා සිටියේ චාන්ගේ කේන්තියේ තරමා මා හොදින් හදුනන බැවිනුත් මෙතුවක් කල් ඔහු මගේ පෙම්වතා වූ බැවිනුත්ය... නමුත් තවදුරටත් මගේ ඉවසීම සුන් කරමින් මගේ පවුලටත් අවනම්බු කරන්නට ඔහුට ඉඩ දිය නොහැක... ඉදින් මා එසේ ඔහුව නවතා දැමුවෙමි ...

රතුවී ඉදිමී තිබූ කම්මුලක් අතගාන අතරම මා දෙස බලා සිටි චාන් දුටුවිට ඒ පහරේ වේගය කෙරෙහි මට දුකක් ඇතිවුවත් චාන්ගේ කුරිරු වදන් මතකෙට එන විට ඒ දුක ක්ෂණිකව අතුරුදන් විය...

🐰තමුසේ ආයේ මගේ ඇස් දෙකට පේන්න එන්නවත් එපා.... තමුසෙව මට අප්පිරියයි .... I hate you ....  I hate you Yibo...

ඔහුගේ දෑගිලි වල රැදුනු අප ආදරයේ සංකේතයන් වූ Couple Ring දෙකම ගලවා පොලේ ගැසූ ඔහු මහ හඩින් දොරත් වසාගෙන පහළට ගියේය ...

පැය භාගයක්  පමණ නිහඩවම ගතවිය... මා හුන් තැනම වාඩි වී සිටියේ සිදුවු දෙය අදහාගත නොහැකිවයි.. චාන් කෙදිනකවත් එලෙසින් හැසිරෙන අයෙක් නොවෙයි... අන් අය හමුවේ කෙලෙසින් තරහා ගත්තද මගේ සිත රිදෙන පරිදි එක් වචනයක් වත් මේ ගතවූ මාස කිහිපය තුල ඔහු පවසා නොතිබුණි.. අද ඔහුට කුමක් වීද? ඒ හැසිරීමට හේතුව කුමක්දැයි මට වටහාගත නොහැකි විය...

සිතුවිලි සමග සිත අතරමංව අරගල කරනා විට කොපමණ කදුලැලි ප්‍රමාණයක් දෙනෙතින් පොලවට වැටුනාදැයි මා නොදනිමි ... හදවතේ නහරයක් නහරයක් පාසාම වෙනදාට ගලන රුධිරය වෙනුවට අද දුක, ශෝකය පමණක් ගලනවාදැයි සහ  වෙනදාට හදවතට ලැබෙන ඔක්සිජන් වෙනුවට අද ඉදිකටු , පිහිතුඩු ලැබෙනවාදැයි මට සිතුනේ සියුම් නහරකින් පවා හදවත අධික ලෙස වේදනා ගෙන දුන් නිසයි...

🔴 යීබෝ ....

මෙතෙක් නිහඩව සිටි Bright මා අසලට විත් පසෙකින් වාඩි විය.. 

🔴 යීබෝ මං චාන් සර්ට කියන්නම්...

🦁 ඔයා මුකුත් කියන්න ඕනි නෑ... මෙතන ඔයාගේ වැරැද්දක් නෑ ...

🔴 ඒත්...

🦁 මට ටිකක් තනියම ඉන්න දෙන්න Bright ... මං යනවා... මගේ පස්සෙන් එන්න එපා..

දෙනෙතෙහි රැදුනු කදුලු පිස දැමූ මා එතනින් ඉවත්ව සාදය ඇති දෙසට ආවේ පිටතට යාමට සිතාය.. නමුත් මා දුටු දෙයින් දෙපා එක් තැනම ගල් වූ අතර මා පඩිපෙළේ පිටුපසට බර වූයේ  මෙතරම් දුකක් දරාගෙන තවමත් ගැහෙන  හදවත පුපුරා පිටතට ඒමට දරන උත්සාහය වළක්වමින් අතක් පපුව මත තද කරගනිමිනි ....

To be Continued .......

🎀 A/N 🎀 

🩺 කිසිත් නොකියමි... 🥲🥺

🩺 ආයේ වෙලාවක් හම්බුන ගමන් දෙන්නම් ...

🩺 මනංකල්පිතයක් පමණක් බැවින් සැබෑ චරිත හා සැසදීමෙන් වලකින්න

🩺 උපුටා ගැනීම තහනම් ..

Continue Reading

You'll Also Like

297K 17.8K 25
𝐈 𝐤𝐧𝐨𝐰 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐜𝐫𝐚𝐳𝐲 𝐣𝐨𝐛, 𝐛𝐮𝐭 𝐈 𝐰𝐢𝐥𝐥 𝐧𝐞𝐯𝐞𝐫 𝐫𝐞𝐠𝐫𝐞𝐭 𝐢𝐭. 𝐁𝐞𝐜𝐚𝐮𝐬𝐞 " 𝑰 𝒍𝒐𝒗𝒆 𝒉𝒊𝒎 ".
68.2K 6.2K 25
Original Name - 魍魉之花( Wǎng liǎng zhī huā ) Author - Nagy ဒါကသိပ်မကြာခင်ကမှထွက်လာတဲ့ On going manhuaလေးပါ Zhenတော့ဒီလိုအမျိုးအစားတွေကို မကြိုက်‌လို့မဖ...
514K 40.1K 47
Unicode ရူပါဖြောင့်၍ ပျော်ပျော်နေတတ်တဲ့ final year က ကိုကိုနဲ့ ဖျစ်ညှစ်ချင်လောက်အောင်ချစ်ဖို့ကောင်းလွန်းတဲ့ first year က လုံးလုံးကစ်ကစ် အလုံးလေးတို့ရ...
424K 29.8K 25
You can read not only unicode version but also zawgyi.❤ သျှားခွန်းသ & တံခွန်သစ် သွ်ားခြန္းသ & တံခြန္သစ္ From 8. 10. 2019 To 20. 4. 2020