මන් මරියාන්.
නාම්පූරේ ස්කෝලෙක උගන්නන්න ආවේ ගෙදර ඉන්න බැරිම කමටයි. අපේ ගෙදර අඩුපාඩුකම් හරි ගොඩයි. ඉගෙනගන්න ආසයි මන්. ඒත් තාත්තා නැති නිසාම අපේ ගෙදර ඇත්තටම ගොඩක් කඩන් වැටුනා. මුලදී මන් ස්කොලේ යනකාලේ අම්මා රස්සාවක් කලත් පස්සේ අම්මට ඒකත් අමාරු උනා.
මට නංගි කෙනෙකුත් ඉන්න නිසා, මන් ඒලෙවල් කරපු ගමන්ම රස්සාවල් හෙව්වත් මට එහෙම ලොකුවට හම්බුනේ නැහැ. ඒ ඉද්දියි මට නාම්පූර් ස්කොලේ උගන්නන්න පුළුවන් රස්සාවක් හම්බ උනේ.
අපේ අම්මා මුලදී අකමැති උනත් අවුරුද්දක වැඩ කරන්න විතරක් තිබුන නිසයි අම්මා උනත් කැමති උනේ. ඒත් ස්කෝලෙන් කිව්ව කාලෙට යන්න දුන්නේ නැති නිසා දැන් මන් මෙහෙ කොටු වෙලා වගෙයි.
ස්කෝලෙන් මුලදී කිව්ව පඩියත් ලැබුනේ නැති නිසා මට ඇත්තටම අමාරු උනා. අම්මට ස්කොලේ සමහර දේවල් නොකියා හිටියත් සමහර වෙලාවට මට මෙහෙ වෙන හැමදෙයක්ම කියන්න හිතෙනවා.
මෙහෙ ආව මුල් කාලේ මන් කිසිම දෙයක් දන්නේ නැති උනාට මට උදව් කරන්න හිටිය එකම එක්කෙනා යුශිමි දුවගේ අම්මා. මන් උගන්නන පන්තියේ ලමෙක්ගේ අම්මා කෙනෙක් උනාට එයාව මට මගෙම සහෝදරියක් වගේ. නවතින්න හැමතැනම තැන් හොයන කොට ඒ අක්කා මට ඉන්න තැනක් හොයලා දුන්නා.
ඒත් පස්සේ ස්කොලේ උගන්නන හැමෝම එකම ෆ්ලැට් එකක ඉන්න ඕනේ කියලා ස්කෝලෙන් නීති දාන්න ගත්තා. ඒ අක්කා මන් ඒ කලේ ස්කොලේ උගන්නපු කෙනෙක් උනාට පස්සේ කඩවල් වලට ඇදුම්, පාපිසි විකුණනන්න අරන්. ඒත් එයත් ඉන්නේ අපේ ෆ්ලැට් එකේමයි.
මෙහෙ වෙන හැමදේමත් ඉවසගෙන මන් මගේ පාඩුවේ වැඩ කලා. මන් උගන්නන්නේ පොඩි ළමයිට. මන් ඒ දේ කරන්නේ හරි කැමැත්තෙන්. ඒ වගේම හරි අසාවෙන්.
මගේ ජිවිතේ ඇත්තටම ලොකු බලාපොරොත්තු නැහැ. මගේ අම්මයි නංගියි බලාගෙන මට ඉන්න පුලුවන්නම් මට ඒ හොදටෝම ඇති. මට පඩියක් කියලා හම්බුනත් ඒ එයාලා මට දෙනවයි කියලා කිව්ව ගානත් නෙවේ. ඒත් මන් මගේ වියදමටත් සුළු ගානක් තියාගෙන මගේ පව්ල බලන් හිටියා.