" ආආආආ....මේ ඇදුම් ටික ඇයි මෙ බිම..අයියෙ මම කියලා තියෙනවා නේද මෙහෙම දාන්න එපා කියල.ඇයිඅනේ තේරෙන්නේ නැත්තේ.මට මහන්සියි මේවා අස් කරල."
තුහින ගිම්හාන වලල්ල වගේ ගලවලා දාලා තියෙන ඩෙනිමයි අන්ඩර්වෙයාර් එකයි අතේ මාස ජතරක් වෙච්ච බඩටත් අත තියන් බනිනවා.මාස හතරකුත් ගිහින්.....
" මොකද බබා කෑ ගහන්නේ ? "
Bathrobe එකත් ඇදන් බාතෲම් එකෙන් එලියට ආපු ගිම්හාන තුහිනගෙන් අහනකොට කොල්ලට තවත් කේන්තිගියා...කේන්ති යන්නැද්ද ඉතින් ඇදුම්ටික වලල්ල වගේ ගලවලා මුල්ලකට දාලා යනකොට.
" මොකද බබා නෙමේ බලනවා මනුස්සයෝ කූඩයක් තියෙන්නේ මෙතන ඇදපු ඇදුම් දාන්න නැතුව කාමරේ මුල්ලේ දාන්න නෙමේ...මම එපෑ මේවා අස් කරන්න.මට මහන්සියි අනේ...ඉන්නවකෝ හෙට ඉදන් ඇදුමක් මැදලා දෙන්නෑ ඇදන් යන්න...ඕනිනම් මැදලා ඇදන් යනඑකයි ඇත්තේ නැත්තම් හෙලුවෙන් යන එකයි ඇත්තේ."
" කමක් නෑ... අනිත් අය දකිනකොට ."
ගිම්හාන තුහිනගෙන් ඇහුවේ එයාගේ අතින් අල්ලන්න හදනගමන්.ඒත් තුහින නෙමේ අතින් අල්ලන්නවත් දුන්නේ..
" මට මොකෝ.මේ කතාව මාරු කරන්නේ නැතුව ගිහින් දානවා ඇදුම් ටික කූඩෙට...මං එපෑ මාස හතරක බඩත් උස්සන් ඕවා එකතු කරන්න....මට බෑ අනේ.කකුලුත් රිදෙනව...මට මහන්සියි අයියේ තේරුම් ගන්නකෝ.."
ඒ පාරනම් ඔන්න තුහින අඩනවා කේන්තියටත් එක්ක...ගිම්හාන තුහිනව තේරුම් ගත්තා වගේ ඉක්මනට එයාව වඩාගෙන හිමීට ඇද උඩින් ඉන්දවලා එයාගේ තොල් හිමීට පොඩිත් නැති දිගත් නැති හාදුවකට ඇදලා ගත්තා.හැබැයි ඒකෙන් උනේ මාස හතක් ඉවසන් ඉන්නවා කියලා හිතන් හිටපු ගිම්හානගේ නිදන් හිටිය පොඩ්ඩා හිටු කියලා ඇවිලුන එක...ඒත් ගිම්හාන දන්නවා තුහිනට කේන්ති ගියත් දුක හිතුනත් එයාගේ චූටිම ක්ජූටි හාදුවකට එයාව නිවන්න පුලුවන් කියන එක...
" මට මාරි බිස්කටුයි රට ඉඳියි මෙඩෝලි එකේ බටර් එකකුයි ඕනීඊඊඊ...."
එකපාරටම හාදුව අස්සේ ගිලිලා ඉදපු තුහින චුක් ගාලා ගිම්හාන තොල් අතැරලා එයාගේ ඉලීල්ලීම් කරන්න ගත්තා.ගිම්හාන බැලුවේ හිටිගමන් මෙයාට මොකද උනේ කියලා.ඔහොම තමා මේ ගෙවුනු මාස ටිකටම...දවසක් ඇදේ නිදන් හිටපු ගිම්හාන තුහින ඇදේ නෑ කියලා දැකලා පහලට ගිහින් බලනකොට මේකා අර එලියේ හදලා තිබ්බ මැටි ගේ ඇතුලේ තියෙන ලිපෙන් අගුරු කෑල්ලක් අරන් හපනව...ඇයි කියලා ඇහුවම දොලදුකලු...හැබැයි ගිම්හාන එදාමයි ඇහුවේ දොලදුකට අඟුරු කන සීන් එකක්...තව දවසක ගිම්හාන ස්ටූඩියෝ එකට ගිහින් එනකොට මෙය පතෝල කනවා අමුවෙන්..අනේ මංදා හම්බෙන්න ඉන්නෙ එසේ මෙසේ පුතන්ඩියෙක් නෙමෙ කියලමයී ගිම්හානට හිතුනේ..