විසි දෙවන ගිම්හානය

271 39 5
                                    

අද ගිම්හාන ඉන්නේ කොලඹින් පිට.තුහින තිලෝ අංකල් එක්ක ගෙදර තනියමමත් නෙමේ ඉතින්.ගිම්හානටයි ඉමෙත්ටයි නිරුලටයි තුන් දෙනාටම නුවරට එන්න උනේ තාත්තගේ යාලුවෙක්ගේ වෙඩින් එකක photo shoot එකකට.උදේ ඉදන්ම තුන්දෙනා මාරුවෙන් මාරුවට කැම් එකත් එක්ක හුගක් බිසී වෙලා හිටියේ...හැබැයි ගිම්හාන කැමති උනේ නිරුල full photo shoot එක කරනවට.මොකද ඒ තුන් දෙනා අතරින් ගිම්හානටත් වඩා හොදට නිරුට වැඩේ කරන්න පුලුවන්.

ඉතින් තුන් කට්ටුවම වෙඩින් එකත් ඉවර වෙලා ආවේ එයාලා නවතින්න බුක් කරපු හොටෙල් එකට.ඒ ආපු වෙලේම නිරු පෝන් එකට සමවැදෙන කොට ඉමෙත් කොට්ටෙයක් බදන් සෝෆ එකට පතබෑවුනා.ඉතුරු ගිම්හාන විතරයි.එයා වොශ් එකක් දාගෙන ඇවිත් අනිත් තුන් දෙනත් වොශ් දාලා එනකම් ඇදට වෙලා තුහිනට කෝල් එකක් ගන්න ට්‍රයි කලා.දවල් කතාකලායින් පස්සේ කතා කලේම නෑ..තුන් වෙනි සැරේටත් ගත්ත කෝල් එක කට් උනේ.පෝන් එක ඕෆ් කියලා වැටෙන කොට.

" මොනාද කන්නේ.? "

" ලොකු දෙයක් බෑ බං පොඩි දෙයක් මටනම්."

" ම්ම්...එහෙනම් ඕඩර් කරපන් "

" මොනාද.? "

" සැන්ඩ්විචස් එක්ක කෝපියි චීස් බිස්කටුයි.."

ඉමෙත් කියනකොට නිරුල ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටියා.සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට රෑට නිරුල ඩිනර් එකට  ගන්නේ ඔය ටික තමා.මුගෙත් ඉතින් අමුතු කෑමනේ.ඒ දවස් වල තුන් දෙනා නිරුලගේ ගෙදර ඉන්නකොට නිරුල තමා ඔයක අනිත් දෙන්නටත් පුරුදු කලේ.හැබැයි අනිත් දෙන්නට වඩා නිරුල සැන්ඩ්විච් එක්ක චීස් බිස්කට් කන්න පෙරේතයි...ඒකයි ඉමෙත් අද ඒක ඕඩර් කලේ.

" මල්ලි කතාකලාද ? "

" නෑ බං තාම තනියම ගෙදර ඉන්නේ.තිලෝ අංකල් හිටියට."

" එක්කන් එන්න තිබ්බේ උබට."

" එන්න බෑ කිව්වා.ලෙක්චර් කට් කරගන්න බෑ කියල මේ ටිකේ.මේ ඒක නෙමේ උබෙන් අහන්නමයි භිටියේ."

" මොකක්ද ? "

" උබ කාටවත් ආදරේ කලේ නැද්ද ඉමෙත් අඩුම ක්‍රශ් එකක්වත් ? "

" ආදරේ කරනවා.කෙනෙක්ට..."

" කවුද..? "

ඉමෙත් ඒකට මුකුත් නොකියා එයාගේ ඇස් ඉස්සරහ ඉන්න කෙනා දිහා බලලා අහක බලාගත්තා.ඒ කෙනා නම් තනියම හිනා වෙවී පෝන් එකේ...

ගිම්හාන තුහින ( COMPLETE )Where stories live. Discover now