දහ නම වන ගිම්හානය

289 42 15
                                    

වෙනදට කලින් උදේම නැගිට්ට තුහින ඉක්මනට ගේ අස් කරලා මිදුලත් අස් කරලා වොශ් එකකුත් දාලා කිරි එකකුත් හදාගෙනම ගිම්හානව නැගිට්ට වන්න කාමරේට යනකොටත් එයා නැගිටලා බාත් රූම් එකේ.

" අයියේ මග් එක මේසේ උඩ හොදේ.ඉක්මනට පල්ලෙහාට එන්න අටට කලින් වැඩ ටික ඉවර කරලා තියන්න ඕනි."

" හ්ම්.."

ගිම්හාන වොශ් එකක් දාල කිරි මග් එකත් අරන් පහලට යනකොට තුහින පොල් බෑයකුත් අතේ තියන් කල්පනා කරනවා.මොකක් හරිම වෙලා තියෙනවා. ගිම්හාන පහලට එන ගමන් තුහින දිහා බලාගෙන ඉන්නවා.

" ඉවරද වැඩේ ? "

" මොන පිස්සුද තාම පටන් ගත්තා විතරයි.ඔයා ඉන්න අයියේ මං ගාගන්නම්."

" හාකෝ එහෙනම්."

පැන්ට්‍රිය උඩින් ඉදගෙන කිරි එකෙන් භාගෙකුත් බීලා මග් එක තුහින ගාවින් තියනවවත් තුහින දැක්කේ නැ.ඒ තරමට කල්පනා කරනවා.

" තුහී.."

"................"

" තුහි මං ඔයාට කතා කලා."

" ආ..! "

" මොනවද අවුරුද්ද දවසෙම කල්පනා කරන්න තියෙන්නේ ? "

" මට කියන්න බැරි දෙයක්ද ? "

" නැහැ මං ඔයාට කියන්නම්.තව ටිකකින්.ම්ම්"

හිනාවෙලා තුහින ගිම්හානටකියනකොට ගිම්හාන හා කියලා ඔලුව වැනුවේ අවුරුද්ද දවසම ප්‍රශ්න නැතුව හැපි එකේ ඉන්න ඕනි නිසා.

" ඔයා පත්තු කරනවද ? "

" අනේ මං භයයිනේ."

" භය නැති කරගමු කෝ එන්න ."

" බෑ දෙයියනේ "

" මං ඉන්නවා කෝ එන්න."

මිදුලේ තිබ්බ අඹ ගහේ එල්ලලා තිබ්බ රතිඤ්ඤා වැල පත්තු කරන්න ගිම්හාන තුහිනට කතා කලත් තුහින බෑ කියපු නිසා එයාගෙ බය නැති කරන්න ඒක කරන්න ඕනිම උනා ගිම්හානට.තුහිනත් අකමැතිම නෙමේ එයා ඒකට යටි හිතින් ආස කලා භය හිතුනත්.එයාට තාත්තගෙන්වත් අවුරුද්දට කියලා එයාට ආස දේවල් ගෙනත් දුන්නෙවත් ආස දේවල් කරන්නවත් දුන්නේ නෑ.අම්මා තමා තාත්තා අවුරුදු ඉවර වෙලා තාත්තා ආයෙමත් කෑම්ප් එකට ගියාට පස්සේ නිලා කූරූ වගේ දේවල් චුටි තුහින බබාට ඒවා ගෙනත් දෙන්නෙ.එතකොට ඉතින් අවුරුදු ඉවරත් වෙලා.

ගිම්හාන තුහින ( COMPLETE )Where stories live. Discover now