~හතරවන දිගහැරුම~

26 11 1
                                    


"නේහ මොකද බන් මේ හොල්මනක් දැක්කා වගේ phone එක දිහා බලන් ඉන්නෙ."


ඒ මැසේජ් එක දැකපු පාර හැමදේම කනපිට පෙරලිලා හිටපු මම මේ ලෝකේ සිහියට ආවේ
සෙහන්ස එකපාරටම මගේ අතේ තිබුණ phone එකට එබිලා හොල්මනක් දැකලා වගේ බය වෙලා කොහෙද බලන් ඉන්නෙ කියලා අහද්දි..!
බය වෙන්නෙ නැද්ද මේ වගේ දේවල් සිද්ධ වෙද්දි..! මන් සෙහන්සට පෙන්නන්නෙ නැතුව මුකුත් නෑ කියලා phone එක off කරලා බෑග් එකට දාගත්තා...ඒත් ඉතින් දන්නවනෙ සෙහන්සගෙ හැටි මැරෙන්න හදනවා මොකද්ද තිබුණෙ කියලා අහලා..අන්තිමට අම්මා බය වෙලා mg එකක් දැම්මෙ නැති නිසා කියලා බොරුවක් කියලා ශේප් කරගත්තා...! ඒ මොනවා වුණත් මගෙ හිතනම් එකතැනක තිබුණෙ නෑ..ඒසී කරලා තිබුණ පන්තියේ මට ඉහින් කනින් දාඩිය දානවා....ඒ මැසේජ් වල හැටියට මට හිතෙන්නෙම ඒ එයාමයි කියලා..හිතන්න දෙයක් නෑ ඒ එයාම තමයි..! ඒත් මගෙ නමත් තිබුණනෙ..කොහොමද මගෙ නම එයා දැනගත්තෙ...!එයා ඒක තියාගන්නලු දුන්නෙ...මට නෙමෙයිලු හිනාවුණේ...අනේ මන්දා මට මේ මුකුත් තේරෙන්නෙ නෑ..අනික අනික එයා වගේ කෙනෙක්, මට විස්වාස කරන්න බෑ මේ වගේ මට මැසේජ් කළා කියලා..! මේකත් එයාගේ යාළුවොන්ගෙ වැඩක්ද දන්නෙ නෑ...!මන් කොහොමද හරියටම මේක එයාමද එව්වෙ කියලා දැනගන්නෙ..!මටෝන්නෑ!!!! මම මොකටද ඒක හොයන්න යන්නෙ..මට බෑ ආපහු පාරක් මේවා දැනගන්න ගිහින් බොරුවට එක එක කට්ටිය ඉස්සරහ ලැජ්ජා වෙන්න...! එව්වා නම් මැසේජ් එක දැන් මන් ඒක දැක්කා කවුරු වුණත් දැන් ඒක ඉවරයි එච්චරයි..! මම ඕක හොයන්න ගියොත් තමයි මෙතන ප්‍රශ්නයක් වෙන්නෙ..! ඒ හින්දා ඕනේ නෑ...!





ඇත්තටම ඒක දැම්මෙ එයානම්, ඒත් ඇයි? එයා මොකටද මට මැසේජ් කරන්නෙ..! එයාට ඉස්සර වෙලා ඒක කියන්න තිබුණනෙ මට...! එදා මට අර විදිහට එයාගේ යාළුවො හිනා වෙද්දි මුකුත්ම නොවුණ ගානට බලන් ඉදපු එයා මෙහෙම මට මැසේජ් කරයි කියලා හිතන්න පුලුවන්ද? ඇරත් අපි හරියට අදුරන්නෙවත් නෑ...එයා මාව අදුරන්නෙ නෑනේ, දැන් එකපාරටම ඇයි මෙහෙම දන්නවා වගේ හැසිරෙන්නෙ...මගෙ නම කොහොමද එයා දැනගත්තෙ..!නම පැත්තකින් තියන්න මගෙ number එක...! ඒක කොහෙන්ද එයාට?
අනේ මන්දා..!
කල්පනා කරන් ඉද්දි වෙලාවත් ගිහිල්ලා,,දන්නෙම නැතුව...! සර් එනවා තව ටිකකින්...මට මේ විකාර ඔලුවෙ තියාන හිටියොත් ඒම අද පාඩමවත් හරියට අහගන්න වෙන්නෙ නෑ...ඒ නිසා දැන් ඒක අමතක කරමු...හිතුවා වගේම ඔය ආවේ සර් පන්තියට...! දැන් ආය ඉතින් ඉවර වෙන්නෙ 5.30 ට තමයි...! එතකන් දිගටම වැඩ...! සර් ආපු ගමන් ආයුබෝවන් කියන්න නැගිටලා ඉදගෙන පොත පෙරල ගත්තා.....!






~ප්‍රේමනීය ස්නේහ~Where stories live. Discover now