හ"දුව ඔයා කොහෙද ඉන්නේ....."
"ගෙදර මමා ඇයි කියන්න....."
"ශාලින්ද කොහෙද...."
"එයා කොහොමත් මේ වෙලාවට ඔෆිස් නේ අම්මා .."
"හහ් ඔෆිස් , ඔව් ඔව් ඔෆිස් ඉන්න හැටි මම දැක්කා. ඔහොම ඉන්න මන් ගෙදරට එන්නම්.
"ඇයි අම්මා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ද..."
"ඉන්නකෝ මන් ගෙදර එනකන්......
Prabashi pov
මගේ අම්මා කතා කරලා ශාලින්ද කොහෙද කියලා ඇහුව මගේ විවාහ ජීවිතේ පලවෙනි වතාවට. අම්මා මොකටද එක පාරටම එහෙම ඇහුවේ . ශාලින්ද ඔෆිස් එකේ නෙවේ ද?
"ප්‍රබාශි, ප්‍රභාශි...."
"ඕ අම්මා ඉන්න...."
අම්මා කතා කරන සද්දෙට මන් ගිහින් දොර ඇරිය..
"මොකද්ද බං ගෙදර බෙල් එකක් හරි දාගන්නකෝ..."
"හරි හරි අම්මේ. කෝ ඇතුලට එන්න ඉඳගන්න..."
අම්මේ මන් බොන්න මොනාහරි අරන් එන්නද...""බොන්න මුකුත් ඕනේ නැහැ මට මගේ නම්බුව විතරක් බේරලා දියන්. යකෝ උබ කරගහලා තියෙන්නේ ලොල්ලේක් ද කොහෙද..."
"ඇයි අම්මේ එක පාරට ඇවිල්ලා ඔහොම බනින්නේ. ඔයා එයාට හරි කැමැත්තෙන් හිටියානේ.."
"ඔව් මන් උබ ට කලින් කිව්ව නේ මූ සල්ලි කදක් ඒ උනාට මන් ලගදීනේ දන්නේ ලොල්ලෙක් කියලා.."
"මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ අප්පා.."
"උබ මොනවද දන්නේ. අන්න උඹේ මිනිහා ඔෆිස් යනවා කියලා කොල්ලෙක් එක්ක සුපර් මාර්කට් අස්සේ රොන්දේ ගහනවා..."
"බොරු..."
"බොරු නෙවේ ඇත්ත. බොරු කියලා හිතනවා නම් ඇස් දෙකෙන්ම බලාගන්න කෝ ඔයා..."
අම්මා මට ෆෝන් ඒකෙන් අරන් තිබුණු ෆොටෝ වගයක් පෙන්නුවා ඒවගේ හොඳටම පේන්න තිබුණේ ශාලින්ද කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ. ඒ එයාගේ යාලුවෙක් වෙන්න පුළුවන් ඒත් ඒ ඇස් වල තියෙන බැල්ම යාලුවෙක් ට දෙන බැල්මක් නෙවේ කියලා තේරුම් නොගන්න තරම් මන් මෝඩයෙක් නෙවේ..