එදා වගේම අප්පච්චි අදත් රෝද පුටුවෙ...මෙහෙම හරි මගෙ අප්පච්චි මගෙ ඉස්සරහා ඉන්න එක මොන තරම් සතුටක්ද කියන්න දන්නෙ මමවත් දන්නෑ..ඒක...ඒ හැගීම වචනෙන් විස්තර කරන්න මට අමාරුයි...
අප්පච්චී...
ගියපු ගමන් අප්පච්චිගෙ රෝද පුටුව ගාවින් දණ තියාගෙන අප්පච්චිගෙ උකුල උඩින් මගෙ ඔලුව තියලා එයාව බදාගත්තා...
අදත් අඩන්නද හදන්නෙ....පිට් එකේ ඉදපන්කො...
අනේ අප්පච්චි ම්හ්ක්...මන් නුවර ගියානෙ අනේ...ඔයා දන්නවද...මන් ඊයෙ පලවෙනි වතාවට දළදා මාලිගාවට ගියානෙ...
සතුටුද පුතේ...මට උබ ලගින් ඉන්න බැරි උනාට සමාවෙන්න...ඕනම කාලෙ මන් උන්නෙ ඇදක් උඩ...අඩුම මන් උබ උන්නද කියලවත් ඒ කාලෙ දැනන් උන්නෙ...අඩුම මට සිහියක් තිබ්බෙ නෑ...
අනේ අප්පච්චි...ඒ කාලෙ ඉවරයිනෙ...දැන් අප්පච්චි මන් ලග ඉන්නවනෙ...මගෙ අප්පච්චි ඉන්නවනෙ...
ඒකනෙ ඉන්නවනෙ...මේ සේරම ඉවර උන දවසට අපි ආයෙ එකතු වෙමු...අනික් අප්පච්චිලා වගේ.. මට පුලුවන් උබට පොඩි කාලෙ නොලැබුනු ආදරේ දෙන්න....
හරි හරි ඕවා අමතක කරන්නකො...ම්හ්ක් දේව් ඔයාට කන්න ගෙනාවනෙ...මේහ්...
මන් දැන්නෙ පුතේ කෑවෙ...ඕවා තියන්න...මන් කන්නම්කො...
අප්පච්චි...අප්පච්චිට පුලුවන්ද මට නම්බර් එක දෙන්න...ආවෙ නැතත් මට අප්පච්චි එක්ක හැමදාම කතා කරන්න ඕන...
ඇයි බැරි....මට මගෙ දරුවා එක්ක හැමදාම කතා කරන්න තියන චාන්ස් එක අතෑරගනීද මන්.....
දේව් එයාලගෙ ගෙදර ගියා...මන් බෝඩිමේ...ඒ අතරෙ මට කෝල් එකක් ආවා...අයුලිගෙ අප්පච්චි...හදිසියේම...මොකද්ද හේතුව...
පුතා...
අන්කල්...
මට පුතාගෙන් උදව්වක් ඕන...වගේම මට කතා කරන්න දෙයක් තියනවා...පුතාට වෙලාවක් තියනවද...හදිසියෙම කතා කරේ.. මේ දැන් දැනග්ත්තු දෙයක් තහවුරු කරගන්න....මට ඒකට පුතාගෙ උදව්ව ඕන...
හරි අන්කල්...මන් දැන් ෆ්‍රී...කොහෙටද එන්න ඕන...
පුතාට පුලුවන්ද අපේ ගෙදරට එන්න...මන් පික් මී එකක් දාන්නම්...පුතා ඉන්නෙ කොහෙද කියන්නකො...