23

15 0 0
                                    

වාලුකාවලෝකන

23

ධීරේෂ්වර කලබල වූයේය. කාලය ගත වන බව ඔහු දනී. සඳදිය පොකුණ හා සබැඳි, ඉපැරණි පඬුවස්නුවර හදවත ගැන තමා දන්නා දෑ කෙතරම් අල්පදැයි ඔහුට වැටහෙමින් තිබිණි.
පටලය සෙලවෙනවා පමණි. එය ඉතා සවිශක්තියෙන යුතුය. තරුණයා උහතකෝටිකයකට මැදි වෙමින් සිටියේය. මන්දයත් මෙයින් ගැලවෙන මගක් ඔහු නොදන්නා බැවිණි.
"සිත සන්සුන් කරගන්න"
කොහෙන්දෝ පැමිණි හඬක් ඇසෙන විට, ඒ තම සිතම බව දැනගත් ධීරේෂ්වර දෑස් පියාගත්තේය. වටපිටාවේ ශබ්ද වලට ඇහුම් කන් දුන් ඔහු සුළු මොහිතකින් සිය ධ්‍යානයට පිවිසුණේය. කුඩා ජල පහරේ හඬ ඔහුට ඇසේ. එය සිහින් හඬකි.
ධීරේෂ්වර ගුහාවේ පටලයෙන් එපිටට යන්නට සමත් වූයේය. එහිදී ඔහු සැහැල්ලුවක් අත් දුටුවේය. එය කුමනාකාරයේ සැහැල්ලුවක්දැයි ඔහුට වැටහීමක් නොමැති විණි. ධීරේෂ්වර ඉදිරියටම ගමන් කළේය.
මග දෙපස තිබුණේ හරිත වර්ණය පමණි. තුරු ලතා වියනේ තැනින් තැන ආලෝක ධාරා මතුව තිබුණේය. ධීරේෂ්වරගේ පාද, අනිච්ඡානුගවම එසවුණේ ජල ධාරාව ගලා යන ඉසව්ව වෙතය.
එක් තැනෙක දිස් වූයේ දීප්තිමත් ආලෝකයකි. ඒ ආලෝක නිල් පැහැතිය.
ඒ දෙසට ගමන් කරන විට තැනින් තැන වූ කුඩා දීප්තිමත් ආලෝක පුංජයන් ඔහුගේ දෑසට හසු ව්නි.
ධීරේෂ්වර කිසි විටෙක මෙවැනි දේ සිතින් හෝ මවාගෙන නොතිබුණේය. ඔහුගේ සිත පැවතියේ ව්‍යාකූලව සහ විස්මයෙන් ඇවිලෙමිනි.
අමාවක රාත්‍රිය මෙතරම් අලංකාරදැයි වැටහීමක් ඔහුට නොවිණි. තරුණයා ඉදිරියටම ගමන් කළේය. තමා වෙතින් දැනෙනා සැහැල්ලුවට ඔහු ප්‍රිය කළේය.
කුඩා ආලෝක පුංජයන් සමග ජල ධාරාව සෙමින් ගලා යන බවක් ඔහුට දැනෙයි. ජීව වෘක්ෂය අසළ පෙර පැවති ජීවය දැන් මෙහි තිබේ. එය එක් මායාකාරී යමකි. එය පෙනෙන දෙයක් පමණක් නොවේ. එය දැනෙන දෙයක්ද වෙයි.
ධීරේෂ්වරගේ දෑස් තවත් විස්මයෙන් විසල් වූයේ එහි කෙළවර දුටු දෙයත් සමගිනි. මේ සියල්ල එක්තරා ආකාරයට හිතළුවක් වග සිතන්නට අවැසි වූ ධීරේෂ්වර වටපිටාව නිරීක්ෂණය කළේය. එහෙත් කිසිවක් නොවිණි.
ඔහුගේ දෑස් කෙළවර පිහිටි විසල් ආලෝකය වෙතට නාභිගතව තිබිණි.
එය දොරටුවක් වැනි යමකි. ඒ දොරටුව සෑදී තිබුණේ විසල් ගස් දෙකකිනි. ඒ ගස් දෙක අතර තිබුණේ ජල බැම්මක් වැනි යමකි. ජලය සියල්ල ජීවන වෘක්ෂය වටා වූ ඒවා බව ධීරේෂ්වර වටහා ගත්තේය.
ජල ධාරාව තුළ ආලෝකයන් විහිදේ ඒ ආසන්නයේ සිට සුළඟක් හමා එන්නාක් මෙන් පෙනේ. එනමුත් නොදැනේ. වෘක්ෂයන් දෙකෙහි  කඳවල් අතර පැවති අවකාශයේ වූ ජලය චලනය වන්නේ මායාකාරී ආකාරයෙනි.
ධීරේෂ්වරගේ දෑස් විසල් විණි. තමා මේ දකිනුයේ සිහිනයක් වග ඔහුට සිතිණි.

වාලුකාවලෝකනWhere stories live. Discover now