Savi's pov~
•අද උදේ මම සුපුරුදු විදිහට දවල් දොළහ විතර වෙනකන් නිදාගන්නැතුව පාඩම් කරන්න ඕනේ කියල හිතුන නිසා උදේ 8ට විතර නැගිට්ටා..ඔව් මන් දැන් දන්නවා උබල පු#$ත් හිනා වෙනවා ඇති..
කමක් නෑ මන් එහෙම හරි පාඩම් කරනවනේ..බොලාලත් මාව ආදර්ශෙට ගනිල්ලා..අම්මපා පැටී පිහිටෙන් වරදින්නෑ ..😌.."දෙවියනේ මා මේ දකින්නේ ස්වප්නයක් ද? ඔයාගේ අතේ ඇත්තටම පොතක් තියෙනවද පොඩී..?"
මම ඉස්සර පුටුවේ ඉදන් පාඩම් කරනකොට අයියා ඇගමැලිත් කඩ කඩ මන් ගාවට ආවා.
"ඔව්නෙ ගිහින් තව ටිකක් නිදාගනිම් අයියේ.." මම කටත් ඇද කරලා කිව්වා.
"අයියෝ..කේනිති ගන්න ඕනෑ ඉතින්..පාඩම් කරනවනම් හොදයිනේ බන් ඉතිම්..කොහොමත් තව පොඩ්ඩ කාලයයිනේ තියෙන්නේ...
අපෝ ඒක නෙමෙයි පොඩී උඹට සීතල එහෙම නැද්ද ?""සීතලයි අප්පා..දෙසැම්බර්නෙ..උදේම දත් ටිකක් ටක ටක ගාලා පූට්ටු වුනා..
ඊට පස්සෙ තමා නැගිටුනේ..""ම්ම්.ඈ..?
අයියා එකපාරම කටත් බාගෙට ඇරගෙන මගෙන් පිටිපස්ස දිහා බලන් හිටියා."මොකද?" මමත් බෙල්ල හරවලා එයා බලන් ඉන්නෙ කොහෙද කියලා බැලුවා.
"අර එහා ගෙදරට කවුරු හරි ඇවිල්ලා මයෙ හිතේ.." එයා කිව්වේ ඒ ගෙදරට ගියපු කැබ් එක දිහා බලාගෙන.
අපිට අසල්වැසියෙක් හම්බෙන්න ද යන්නෙ එතකොට ...නියමයිනේ..ඔය ගෙදර ගොඩක් කල් විකුණනවා කියලා ගහලා තිබ්බේ...මන් ඉන්න ගෙදර වගේම හොදට හදපු හුරුබුහුටි ගෙයක්..ඒත් ඔය ගෙදර කාලෙකට කලින් හිටිය ගෑණු මනුස්සයා බෙල්ල වැල දාගෙන මැරුන නිසා ඔය ගෙදරට කවුරුත් එන්න බය වුනා.ඉතින් අපරාදේ ඒ ගෙදර පාලුවට ගියා.
"කවුද දන්නෑ නේද අයියේ..? අපිත් අර ඉස්සර කාලේ ෆිල්ම් වල වගේ මොනා හරි ඇරගෙන අසල්වැසියව බලන්න ගිහින් අපේ අසල්වැසියා උන එක ගැන සතුර ප්‍රකාශ කරමුත ?"
"අනේ විකාර නොකර පාඩම් කරහන් බන්.මොකා ආවත් එළියට බහින්නම එපෑ..එතකොට බලාගමු නල්ල මලේ අසල්වැසියා කවුද කියලා.."
අයියා එහෙම කියාගෙන ආයේ ඒ පැත්තට කිසි බැල්මක් නොදා ගේ ඇතුළට ඇවිදන් ගියා.
YOU ARE READING
~ආත්ම බන්ධන~ (onGoing •~°)
Fantasyසදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිව...