21

28 2 3
                                    

වාලුකාවලෝකන 21

🤍
පවිත්‍රාගේ වත අඳුරුව තිබිණි. ඕ ස්වභාවයෙන්ම වැහැරී සිටියාය. ඇගේ ගතෙහි ප්‍රාණය අඩපණව තිබිණි.
භරණ නම් වූ තරුණයා කට කොණකට නගා ගත් සිනහවෙන් යුතුව පිටවෙනු නොදුටු ඕ සිය සයනය මත අසුන් ගත්තාය.
භරණගේ ගමනාන්තය වූයේ පඬුවස්නුවර පිටත නුවරයි. ආරක්ෂක බැම්මෙන් එපිට වූ වනය වෙත නික්මුණු ඔහු, කුරුල්ලකුගේ ශබ්දයක් අනුකරණය කළේය.
වනයේ සැලීමක් දිස් විණි. දෑත් බැඳගත් තරුණයා දෙපා ඈත් කොට ස්ථීරව සිට ගත්තේය. අනතුරුව වනය තුළින් මතු වන සිය ස්වාමියාට ආචාර කළේය.
නැදුන් පැහැති හැඩි දැඩි ස්වාමියාගේ වතෙහි කෝපයක් වූ බව භරණ නිරීක්ෂණය කළේය. භරණගේ මව පැවසූ අයුරින්ම එය එසේ වීමද සාමාන්‍යය.
"උඹ මොකක්ද පවිත්‍රා ට සිදු කළේ භරණ?"
භරණ ධීරේෂ්වර දෙස හිස ඔසොවා නොබැලුවේය.
"මම ඕ හා නිදිවැදුණා කුමරුනි"
"උඹ නිදි වැදීම මට ගැටළුවක් නොවේ භරණ. පවිත්‍රාගේ අවැසිතාව පිණිස ඕනෑ තරම් අය සිටින බව උඹ දන්නවා.පැනයට පිළිතුරු දීපං"
භරණ සුසුමක් හෙළුවේය.
"ඔබේ දේවියට කළ සියල්ල නිසා මම පවිත්‍රා දියවී යන්ඩ විනයක් කළා කුමරුනි"
ධීරේෂ්වරගේ බරැති අත්ල භරණගේ කොපුලක් මත තැන්පත් විණි. භරණගේ නාසයෙන් රු:ධිරය වැගිරුණද, ඔහු බිඳක් හෝ නොසෙලවුණේය.
"මගේ දේවිය මගේ වගකීමක් භරණ. උඹ වැනි තරුණයෙක් මෙවැනි පහත් ක්‍රියා කිරීම මම රුස්සන්නෙ නෑ. වහාම විනේ අයින් කරාපං. නැති නං උඹට වගේම උඹේ මව් ටත් විඳවන්නට සිදු වනු නියත බව නුඹ දත යුතුයි. පසු පසින් පහර දෙන්නේ නිවටයින් විසින් භරණ. ශහ්නූර් අගතියට පත් වග සැබැයි. එහෙත් ප්විත්‍රා වන් දුර්වල ප්‍රාණියෙක් හා ගැටීම අපට යුතු නොවෙයි. "

ධීරේෂ්වරගේ හඬ අවධාරණාත්මකය. ඔහු සාමාන්‍යයෙන් මෙතරම් දිගු වදන් පෙළක් නොපවසයි. එහෙත් මෑතක සිට, අතපය වෙනුවට වදනින් මිනිසුන් හසුරුවන්නට ධීරේෂ්වර අරඹා තිබේ.
භරණ ධීරේෂ්වරගේ මිතුරෙකි. සොයුරෙකි. සල්ලාලයකු ලෙස හැසිරෙන මුත් පරම්පරාවෙන් පැවත ආ යක්ඛ ගෝත්‍රයේ වින කටින්නන්ගේ පුරුකකි. ඔහුගේ කෝපය ද දරුණුය. භරණගේ වින කැටීමක් නොවරදී.
එහෙත් ඔහු අවංකය. ධීරේෂ්වරට හිතැතිය.

වාලුකාවලෝකනWhere stories live. Discover now