" සෙංකඩගල දෙරණ අරා ...
සොහොයුරු ජය ඝෝශා නැංවෙනා..."" යොහ් කමෝන් මෙවන් "
අපි හිටියෙ රෙකෝඩින්ග් ස්ටුඩියෝ එකේ...බිග් මැච් එකේ them song එක රෙකෝඩ් කරන ගමන් . අපේ ඉස්කෝලෙන් මායි ඔශාන් අයියයි අහවල් ඉස්කෝලෙන් තරුල් කියලා අපෙ වයසෙම එකෙකුයි තාරක කියලා අයියා කෙනෙකුයි හිටියා . හොදම කාරණාව මොකක්ද දන්නවද සනේශ් අයියා තමා රැප් පාර්ට් එක කියන්න ඉන්නෙ .
ඒ අස්සෙ අපි සින්දුව රෙකෝඩ් කරද්දි ඉස්කෝල දෙකේම හෙඩ් ප්‍රිෆෙක්ට්ලා දෙන්නයි තව කිහිප දෙනෙකුයි සර්ලා කිහිප දෙනෙකුයි එලියෙ ඉදන් බලන් ඉන්නවා . ඔය කෑ ගැහුව්වෙ මගෙ ප්‍රතම ප්‍රේමය ... අපාය සහකයා...මගෙ උගුරත් නැ වගේ දැන්නම් .. කීයේ ඉදන්ද මං මේ මේක අස්සෙ හෙඩ්සෙට් දෙක්කුත් දාගන ඉන්නෙ . මාර්ච් වෙද්දි අපි මේකේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා රිලීස් කරන්න ඕනේ . ඒක නිසා තමා මේ දාගන මේ වැඩ ටික කරන්නෙ .
" ලක්දරණී ගුවන අරා
සොහොයුරු කිතු ගොස දිනෙන් දිනා"තරුල් ඒ පාර්ට් එක කිව්වට පස්සෙ ඊටපස්සෙ හිටියෙ අපෙ ඔශාන් අයියා ..
" සංග්‍රාමයයි ඇරබෙනා ..
සුරතලුන් උරෙන් උර ගැටෙනා.."ඊටපස්සෙ ආයම තාරක අයියා එයාගෙ පාර්ට් එක හෙන ගැම්මක් අරන් කිව්වා...
" .....න් සමගිනා"
......න් රොක් වෙනා"
මගෙ පාර්ට් එකත් කිව්වට පස්සෙ අපි එලියට ආවා මහන්සි නිසා .. සින්දුවක් කරන එක සිරාවටම ලේසී නැ . ඒ අස්සෙ හිටන් ඉදලා මගෙ කකුල් දෙකත් රිදෙනවා . ඔය සින්දුව තව අවුරුදු කීයක් ඉස්කෝල දෙකම පාවිච්චි කරයිද... ඉතිං අපි පස් දෙනාම අපේ උපරිමෙන් කරන්න ඕනේ කියන හැගීම තිබ්බා .
" අහ්හ්හ්හ් මටනම් බැ තව "
" උබ හොදට කරා යකෝ ... අර මුල්ම පාර්ට් එකට මගෙ ඇගේ හිරිගඩුත් පිරුනා "
මං එලියට එද්දිම භවන්තයා කොහෙද ඉදන් ඇවිත් මගෙ කරට අත දා ගත්තා . මූට මනුස්සයව අමතක වෙලාද . ඔශාන් අයියයි සනේශ් අයියයි ආගිව්‍ය අයියා ලගට ගිහින් වාඩි වෙනවා මං බලාගන . ආගිව්‍ය අයියා හිටියෙ අනිත් ඉස්කෝලේ හෙඩා එක්ක .
YOU ARE READING
- අධිමාත්‍රා -
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...