" තෝ මොකටද පගෝ මං සපත්තුව ගන්න කලින් මාවත් ඇදගන දිව්වෙ ...උබව මං ....."
මං කොමස් එකේ බැල්කනි එක දිගේම භවන්තයට ගගහා පන්තියට ආවා . පන්තියට ගිහින් අපි දෙන්නම අපේ තැන් වලින් ඉද ගත්තා . දැන් මොකද කරන්නෙ යකෝ සපත්තුව මාට්ටු වෙලා තිබ්බොත් ප්‍රින්සිපල් ඔෆිස් එකට යන්න වෙනවා සපත්තු දෙක ගන්න . ඉව්ව් මහ කැම්‍රි වැඩ වෙන්නෙ මටත් .
" හාමුදුරුවො සියුරත් උස්සන් ආව නිසානෙ සුදු මහත්තයා මේ ඔක්කොම "
" පලයං යන්න . දැන් මම උබේ සපත්තුවද දා ගන යන්නෙ "
" අපි නෙල්ලි ගහ ලගට ගිහින් බලමුද බං ... කෝකටත් හාමුදුරුවොන්ට සපත්තුව මීටර් නැතුව ඇති ... "
මං භවන්තයව දැන් මරන් කන බැල්මක් දුන්නට පස්සෙ පොර මීක් නැ නිශ්ශබ්ද වුනා .
" මං රුසිරුවා එක්ක ගිහින් බලලා එන්නද බන් "
" අඩෝ මෙවන් කෝ බං සපත්තු දෙක ."
රුසිරුවා කෑ ගහගන මං ගාවට ආවට පස්සෙ පංතියෙ හිටිය සෙට් එකම මං දිහා බැලුවා . ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් මං මුං එක එකාව කනවා අනේ .
" උබට රට නෙල්ලියක් ඕනේද බන් "
භවන්තයා ඒ අස්සෙ සාක්කුවෙ තිබ්බ රට නෙල්ලි ඉත්ත අරන් මේස උඩින් තියද්දි පන්තියෙ හිටිය සෙට් එකම කූඹී රැලක් වගේ ඒකට එකතු වුනා . යකෝ මගෙ සපත්තු දෙක නැ . මාත් රට නෙල්ලියක් කටේ ඔබාගන ආයම මූණ ඤොහෙක් කරන් භවන්තයා දිහා බැලුවෙ ඌ මොකක් හරි කරයි කියලා .
" උබ ඔහොම ඉදපං සුදුමහත්තයා . දැන් හාමුදුරුවෝ ගිහින් ඇති .. මං බලලා එන්......"
" කවුද දැන් සපත්තු දෙකක් නැතුව පන්තියෙ ඉදගන ඉන්නෙ "
ආගිව්‍ය අයියයි සනේශ් අයියයි හාමුදුරුවොයි තුන්දෙනාම පන්තිය ඉස්සරහා හිටගන මගෙ එක සපත්තුව උස්සලා පෙන්නන ගමන් කෑ ගැහුව්වා..පන්තියම මීක් නැ . ඒ අස්සෙ මේ නෙල්ලි ඇටේ හැපෙන්නෙත් නැ . හු*ත .
" හවුස් කැප්ටන්ලා දෙක ... නැගිටිනවා එක පාරක් කිව්වම "
භවන්තයයි මායි ගැස්සිලා ගිහින් පුටුවෙන් නැගිට්ටා . ඊටපස්සෙ හාමුදුරුවෝ මේස යටින් බැලුවෙ සපත්තුව තියනවද කියලා . මගෙ කකුලෙ ඇගිලි වලටත් මක්කද වෙනවා ඒ බලම බැලිල්ලට . මේස් දෙක හේදුවද කියලත් මතක නැ . ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් අනේ මේ දුක අර තිස්තුන් කෝටියක් දෙවියොන්ට පේන්නෙ නැද්ද දෙයියනේ .
YOU ARE READING
- අධිමාත්‍රා -
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...