වෙනම ලෝකෙක අතරමං වෙන ගමන් හිටිය මාව එක පාරට මේ ලෝකෙට ඇදිලා ආවේ පංතියේ ලමයි ගෙ බැල්ම නිසා.. එයාල මන් දිහා බලාගෙන හිටියේ අද මේ කොල්ලා නම් ඉවරයි කියන ගාණට..යටි බඩේ ඉඳන් අමුතු රිදීමක් මට දැනුනා.. ඒත් එක්කම එ නල දත් කොල්ලා පංතිය ඇතුලට ආව.. එයා ආවේම මම දිහා බලාගෙන ඇත්තටම මම ගොඩක් බය උනා.. මගේ මේ බය වෙන එකට ඉස්සර ඉඳන් ම හේතු ගොඩක් තිබ්බ..

        එයා කිසිම සද්දයක් නැතුව ඉඳ ගත්තා.. ඉඳ ගෙන නිදා ගත්තා.. පංතියේ ලමයි ඊට පස්සේ අහක බලාගත්තේ මොන හු#### ද එ උනේ කියන ගාණට.. මට උනත් ශාන් කියපු දේවල් එක්ක හිතුනේ මාව පංතියෙන් එළියට දායි කියලා..

       Accounting period එකට මිස් ආපු නිසා කට්ටියගේම අවධානට එ පැත්තට ගියා.. නළ දත් කොල්ලා නිදි.. එයාගෙ අතේ තුවාලයක් තිබ්බ ඒකට බෙහෙත් ටිකක් වත් දාගෙන තිබුණේ නැ.. එයාට ඒවා ගාණක් නැතුව ඇති කියලා මට හිතුනා.. මිස් උගන්නනවා හොඳට.. ඒත් මේ නළ දත් කොල්ලට පාඩම මිස් වෙනවා නේ.. එයා කොහොමද මෙහෙම exam කරන්නේ.. මට දාහක් ප්‍රශ්න ආවා.. මටත් අත තියාගෙන ඉන්න බැරි කමට නළ දත් කොල්ලට තට්ටු කරා.. තුන් වෙනි පාර එයා ඇස් දෙක ඇරලා මන් දිහා බැලුවේ කේන්තියෙන්..

  "තමුසෙ ට පිස්සුද මට තට්ටු කරන්නේ.. තමුසෙ කව්ද හලෝ.. මන් ගැන දන්නේ නැ වගේ නේද.. මෙතන ඉන්න දුන්නෙ පව් කියලා හිතුන නිසා.. පාඩුවේ හිටපන් ඉන්නවා නම්.. තට්ටු දාන්න ආවා මෙතන.. මිස් මට washroom යන්න ඕනේ.. මම යනවා"
    එහෙම කියපු එයා කේන්තියෙන් ම එළියට ගියා.. මිස් උනත් එයාට මුකුත් කිව්වේ නැ.. මගේ පපුව පැත්තක් හිරවෙන ගතියක් මට දැනුනා එ වෙලාවෙ.. එයා එච්චර නපුරු ද.. මම එයාට උදවූ කරන්න නේ ගියේ.. මටත් හොඳ වැඩේ..

      1.30 ට Bell එක ගැහුවට මම ශාන් එක්ක Gate එක ගාවට යන්න එළියට බැස්සේ නළ දත් කොල්ලාගේ bag එක උඩින් එයාගෙ මෙසේ උඩ තිබ්බ බඩු ටික පිලිවෙලට හදල තියලා..

"අනුත්තර කාත් එක්කද ගෙදර යන්නෙ"

"පියල් uncle එනවා මාව එක්කගෙන යන්න.. එයා මගේ driver"

"එහෙනම් මම යනවා.. අම්මා ඇවිල්ලා ඇති අපේ.. පරිස්සමින් ගෙදර යන්න"

"ඔයත්"

ශාන් අම්මා එක්ක යන්න ගිහින් ටික වෙලාවකට පස්සෙ පියල් uncle ආවා.. මන් පොඩි කාලේ ඉඳන් මාව එක්කගෙන යන්නේ එන්නේ පියල් uncle.. එයා මට මගේ සීයා ව මතක් කරලා දෙනව.. එ තරම් හිත හොඳ මනුස්සයෙක් එයා..

" අනු baby කොහොමද පළවෙනි දවස "

" වරදක් නම් තාම නැ පියල් මාමේ"

"baby ට වරදක් වෙන්නේ නැ කොහොමත් හොඳට වැඩ ටික කරගන්න"

"තාත්තා ගෙදර ට අවම පියල් මාමේ"

"නැ අනු baby.. තාම office එකේ ඇත්තේ.."

"hmmm"

ඊට පස්සේ මම ජනෙලට ඔලුව තියාගෙන ටිකක් වෙලා නිදා ගත්තා

"baby ගෙදර ආවා.. බහින්න"

පියල් මාමා කතා කරද්දී තමයි මම ඇහැරුනේ

ගෙ ඇතුලට යද්දී නිලූ නැන්දා.. එ කියන්නේ මගේ කුඩම්මා TV එක බල බල හිටියේ සාලෙට වෙලා.. එයා අපේ ගෙදර ඇවිල්ල දැන් අවුරුදු 4 ක් විතර වෙන්න එනවා.. මේ අවුරුදු 4 ටම එයා එක්ක වචන 10 ට වඩා මම හරියට කතා කරලා නැතුව ඇති..

" අනු පුතා.. ඔයා wash දාගෙන එන්න කන්න..ඔයාගෙ පළවෙනි දවස කොහොමද අද"

"හොඳයි"

එක වචනෙන් උත්තර දුන්න මම අඩියට දෙකට උඩ තට්ටුව ට ගියේ කන්න එන්නේ නැ කියලා හිතාගෙන..

      Bag එක පැත්තට දාපු මම ඇදට පැන්නේ.. Heaven is ඇද කියලා හිතාගෙන.. එ තරම් මට මෙතන comfortable.. Phone එක අරගෙන ශාන් ගෙ number එක save කරලා message එකක් දාපු මම,  you tube එකට ගිහින් ආසම සින්දුවක් අහන්න පටන් ගත්තා.. සින්දුව අහද්දී නළ දත් කොල්ලව මතක් උනේ ඇයි??මට ඒක ලොකු ප්‍රශ්නයක්..


*****************************************

නළ දත් කොල්ලා ව මතක් උනා කියන්නේ අනු ට.. එන පොට හොඳ නැ වගේ.. Hummm😉😏

ඉස්සරහට ලස්සන දේවල් ගොඩක් වෙන්න තියනවා.. අපි බලාගෙන ඉමු කෝ..

Vote එකක් comment එකක් දාලා ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා babies.. ඒක මට ලොකු සතුටක්.. ඔයාල දිගටම කතාව එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා 💐💝

Love you babies❤️

සිතුවම් හදේWhere stories live. Discover now