"යකෙක් අනේ යකෙක්.. යකෙක් වගේ පිරිමි ළමේක්"
කියන කිසිම දෙයක අගක් මුලක් තේරෙන්නේ නැති නිසා මම ශාන් දිහා කන්න වගේ බලාගෙන හිටියා..
"අයියෝ.. නැ නැ මෙහෙමයි ඔයාගෙ එහා පැත්තෙ ඉන්නෙ සුවස්.. එයා තමයි අපේ ඉස්කෝලෙ rugger team එකේ leader.. එයා prefect කෙනෙකුත් එක්ක.. මහම මහ නපුරු මනුස්සයෙක් එයා.. අද වෙනකන් මම එයා දිහා කෙලින් බලලා නැ.. දැක්කම බය හිතෙනවා හලෝ එයාව.. ඔයා වගේ තුන හතරක් ඇති එයා.. එයාටම හරියන්න ඉන්නවා එයාගෙ යාළුවො දෙන්නා.. එයාල නම් ඉන්නේ එහා clz එකේ.. කවුරුත් සුවස් එක්ක වැඩි කතාව ට යන්නේ නැ.. කතාව ට කියා අද වෙනකන් ඔයා ඇරෙන්න මෙතන කවුරුත් ඉඳගෙන වත් නැ"
මට එයා කියපු දේවල් එක්ක හීන් දාඩිය දාගෙන ආවා.. මට දැන් යන්න වෙන තැනක් ඇත්තෙත් නැ.. අනේ මම මොකද කරන්නෙ.. එයා මාව ගිලී ද.. නැ නැ ඔයාට මුකුත් ප්රශ්නයක් වෙන එකක් නැ අනුත්තර.. එයා කියන තරම් නරක නැතුව ඇති..
ඔහොම අපි දෙන්න ටිකක් කතා කර කර ඉදිය.. මට ශාන් හොඳ යාලුවෙක් කියලා හිතුනා.. කිසිම දවසක හොඳ යාලුවෙක් ඉඳලා නැති මට ශාන් ව හොඳ යාලුවෙක් විඳියට දැනුනා..
Interval එක ඉවර වෙලා Bell එක ගහද්දි ලමයි හිටපු හිටපු තැන් වලට ආයි ආවා.. මමත් ශාන් ගෙන් පොත් ඉල්ලාගෙන note ලියන ගමන් හිටියේ.. ශාන් ගෙ එහා පැත්තෙ වෙන කවුරුත් හිටියේ නැත්තම් මම දැන් උනත් එතනට යනවා.. ඒත් එයාගෙ එහා පැත්තෙ ලමයෙක් හිටියා..
ටික වෙලාවකට පස්සෙ හැඩි දැඩි පිරිමි ළමයි තුන් දෙනෙක් කොරිඩෝව දිගේ clz එක පැත්තට ආවා.. මම ඒකට අවධානය නොදී ලියන ගමන් හිටියේ.. ඒත් clz එක නිශ්ශබ්ද උන නිසා මම ඔලුව උස්සල බැලුව..
ඔව් එ එයා වෙන්න ඕනේ.. මන් වගේ හතරගුනයක් විතර size ළමේක් එයා.. ශාන් කිව්වා හරි එයාව දැක්කම බය හිතෙනව.. ලා දුඹුරු පාට ඇස්.. දාඩිය නිසා කූරු කූරු ගැහුණ කොන්ඩය.. තලෙළු හම.. නළ දත් එයාට අමුතුම ලස්සනක් ගෙනාවා..
YOU ARE READING
සිතුවම් හදේ
Romance"හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10