| 27 |

610 102 70
                                    



    " අනේ පුතා දැන් දොයියන්නකො රත්තරං... "



   කොල්ලගෙ ඇස්වලින් නිදිමත බේරිලා වැටෙනවා. ඒත් අර කිඹුලව එල්ලගෙන මගෙ කලිසම් කකුලක එල්ලිලා මං යන යන පස්සෙන් ඇදෙනවා.



      දරුවා ඉන්නෙ හරි සතුටින් මේ දවස්වල. මූ නිදාගන්නත් ලෝබ වෙලා.. දෙව් අයියා එක්ක දරුවා මාරම සතුටින් ඉන්නෙ.. දැන් අල්ලපුගෙවල්වල සද්දබද්ද නෑ... ටකරන් අස්සෙ මහ රෑටත් එක්ක තැම්බෙන්නෙ නෑ.. වැස්සම පින්න වැදිල හුස්ම හිර වෙන්නෙ නෑ..



   එක අතකින් අයියට බුදුබව අත්වෙන්නෝන.. මගෙ දරුවා දවසක් හරි මට පුළුවන්වට වඩා සතුටින් තියන එකට.



    ඒත් අයියගෙ මත්තෙ යැපෙන එක කොච්චර කිව්වත් මට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මමත් පිරිමියෙක් නෙ දෙයියනේ.. අයියා කොච්චර කිව්වත් මට මේක දරාගන්න අමාරුයි..



  මට බැංකුවට යාගන්න දෙන්නෙ නැත්තෙ වන්දිය ලැබෙන එකත් මං වියදම් කරගනී කියල වෙන්න ඇති. ඒත් දැන් මට ඇවිදල කරල වැඩක්පලක් කරගන්න පුළුවන්..



   ඒ සල්ලි ටික අරගෙන පොඩියට හරි ශොප් එකක් දාගන්න මගෙ අදහස තිබුණෙ.



  අයියගෙ ලැප් එක අරන් මං පබ්ලිශින් කම්පැනීස් දෙක තුනකට ඊමේල් යැව්වා පොත් තොග මිලගනන් අහලා.. මං මේව දන්න එකක් කියලද.. ඒත් ඉගෙනගන්න පුළුවන් නෙ..



   මට බය තිබුණෙ.. මේ සල්ලි ටික මං අතින් නිස්කාරනේ නාස්ති වෙලා ගියොත් ඊටපස්සෙ මගෙ දරුවා ජීවත් කරන්න ක්‍රමයක් නැති ම වෙන එක ගැන.




   ඒත් බිස්නස් එකක් කරන්න නම් අවදානම් ගන්න පුළුවන් වෙන්න ඕන ලු. ඒත් බිස්නස් එකකින් සාර්ථක වුනේ පටන්ගන්න ව්‍යවසායකයන්ගෙන් ඉතාම සුලු ප්‍රතිශතයක් විතරලු..




   එතකොට අවදානම් ගන්න බය නොවීත් බෑ.. මේක මගෙ අන්තිම තුරුම්පුව.. ඒක නැති කරගත්තොත් මං මොකද කරන්නෙ ඊලඟට?..


    අනේ මංදා... බයයි.. ඒත් මේක කලු වලාකුළක් මැද්දෙන් පෑදුන රිදී ඉරක් නෙවේද? මේ අවස්ථාව මගෑරගත්තොත් මට ජීවිතේම සිමෙන්ති බාල්දි අදින්න වෙයි..




සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now