17

30 3 0
                                    

වාලුකාවලෝකන

17
🤍✨

පවිත්‍රා කුමර මාළිගයට ඇතුළු වූයේ පෙර දින වූ කුතුහලය මතය. කුඩා යුවතියව නොරිස්සූ පවිත්‍රා සැම විටම ඇගේ වරදක් සොයන්නට උත්සාහ කළාය.
පිටත් වන විට ධීරේෂ්වර ට ශහ්නූර් අතපසුව තිබිණි. ඇගේ ආරක්ෂාව බාර දුන් නමුත් අපහසුවෙන් සිටි ඇය හමුවන්නට පවිත්‍රාට ඉඩ නොදිය යුතු යැයි ඔහු වාරණ නොපැනවූයේය. එහෙත් පවිත්‍රා ශහ්නූර් ගැන ඊර්ෂ්‍යාවෙන් ආසු වූ වග ඔහු හොඳින් දැන උන්නේය.
පම්මී කෙරෙහිද පවිත්‍රාගේ ක්‍රියාකලාපය එසේ ම සිදුව තිබුණේය
ඒ අතීතයේ එක් දිනෙක පවිත්‍රා විසින් පම්මීට පහර දී පවා තිබිණි. එය ධීරේෂ්වර ගේ සවනට නොයන සේ රැක තබාගත් නිසාවෙන්ම සමථයකට පත් විණි.
එහෙත් මෙවර ශහ්නූර් අවිවාදයෙන්ම පවිත්‍රාට නිරාවරණය වී උන්නාය. රකාට එහි කළ හැකි යමක් නොවිණි. දේවනාථ මෙවැනි දේ දැන නොසිටියේය. එබැවින් ඔහුගෙන් ලබා ගත හැකි උපකාරයක් නොවේ.
රකා බිරාන්තව සිටියාය. රකා පමණක් නොව කුමර මාළිගයේ අරක්ෂකයින් පවා සිටියේ සිහිතල යුද්ධයක නිරත වෙමිනි.
ඔහු මෙහි නොමැති මොහොතේ පවිත්‍රා ඇතුළු වීම නොරිස්සුමට කාරණාවකි.

"අගබිසවුණි, "

කුමර මාළිගයේ ප්‍රධාන ආරක්ෂක තැනගේ හඬ, ලෙහෙසියෙන් ඇසිය හැක්කක් නොවේ. එසේ තිබියදි පවිත්‍රා ආපසු හැරී දෑස් සිහින් කොට කෝපවත් කැළඹිලි සහගත බැල්මක් ඔහු වෙත තැබුවාය.

"අවසරයි බිසවුණි, දේවී ට කිසිවකු හමුවීම කුමරු තහනම් කොට තිබේ. අප උදහසට ලක් වනු ඇති "

පවිත්‍රා ගේ දෑසේ ප්‍රථමයෙන් වූයේවික්ෂිප්තව ගිය ස්වභාවයකි. එය ක්‍රමයෙන් සරදමකට හැරවිණි.

"අහා... උඹ බිය මේ රටේ අග මෙහෙසියගේ උදහසට ද නො එසේ නම් හුදෙක් කුමරකුගේ උදහසටද ? පලයං මෙතැනිං . උඹේ ඔය දේවිඋ කියන අංගනාව බලා ගන්ට තමා මම මේ ආවෙ "

"බිසවුණි"

"කට වහපං. මතකද උඹලාට දස වර්සෙකට පෙර ත් උඹලගෙ කුමාරයා ආරක්සා කොළා කුමරියක් ! ආර්‍යයාවක් ලු නොවැ ! කාලවේල චිත්තරාජ නොවැ උඹේ තනතුරේ හිටියෙ. අප්පා හොයාගන්ඩ බැරි වෙන්ඩම බඩ උනා නොවැ ඒකි  "
ආරක්ෂකයා පසු බැස්සේය.

වාලුකාවලෝකනWhere stories live. Discover now