13

425 43 27
                                    


එයා ඒ දොර ඇරියත් හරි මගේ හිත කිව්වෙම,

ලස්සනයි....

අර කියනවා වගේ හිත පුන පුනා කිව්වෙම ඒ දේ වෙද්දී කටින් කියලා මේන් කියලා වචනයක් මන් හිතන්නේ නැහැ මගෙන් පිට උනයි කියලා. මන් දන්නේ එච්චරයි. එයා මන් දිහා බලන් ඉන්න ඇති උනත් මගේ ඇස් ගියේම එයාගේ මූනේ ඉදන් කකුල් දිහාට. ඒ කකුල් වල මුකුත් තිබුන් නෑ. තිබ්බේ මුකුත් නෑ කියන්නේ සෙරෙප්පු. නැතුව වෙන මොකවත් නෙවේ.

මන්ද. එයාගේ ඒ කකුල් දකිද්දී මට දැනුනේ මහ අමුතු දෙයක්. ඇත්තටම මේ ශාක්‍යට ආස හිතුනා. ඒ යටි පතුල් හරි ලස්සනයි. ඒ නියපොතු හරි එළියයි. කොටට කපපු ඒ නියපොතු, සුදුවට තිබ්බ ඒ විලුබ මට මතක් කරන්නෙම මහ අමුතු දේවල්.

ඒ උනාට මොකද මෙහෙම දේවල් මේ ශාකයට කලින් දැනිලත් නෑ. ඉතින් මන් කියලා උනත් මේ දේවල් දන්නේ කොහොමද? ඒ නැතත් තේරෙන්නේ කොහොමද?

"ශාක්‍ය?"

මන් කල්පනා සිහියේ ඒ හිටියත් එයාගේ කටහඩට මන් ආයෙම ආවේ හරි සිහියට.

"සොරි. මන් වෙන කල්පනාවක හිටියේ."

"ඒකට කමක් නැහැ. එන්න ඇතුලට."

එයා ඒ දොර සම්පුර්නෙන්ම ඇරන් මට ඒ ඇතුලට එන්න කිව්වා උනාට මගේ හිත දුන්නේ නැහැ. අනිත් අතට එයා ඉන්නේ තනියෙන් නිසා කොහොමත් ඒක හරි දේකුත් නෙවේ.

"ඒකට කමක් නැහැ. මෙහෙම හොදයි. මන් දුවට මේක දෙන්න ආවේ."

තාමත් දොරේ දාර අල්ලන් හිටපු එයා මගේ දිහා බලන් ඉදලා ආයෙම මන් මේක දුවට දෙන්න ආවේ කියද්දී බැලුවේ මන් එයාගේ දිහාට දික් කරපු කඩචෝරු මල්ල දිහායි.

"ඉතින් දුවත් ඉන්නේ ඇතුලේ.... අර ඉන්නේ.. එයා හෝම්වෝක් කරනවා. දුවව බලලම යන්න."

එයා කාමරේ කෙලෝරක් පෙන්නලා ඒ කිව්වත් මට ඒ හැටි දෙයක් පේන්නේ නැහැ, මොකද තාම ඉන්නේ එළියේ නිසා. ඒත් කෙල්ලව බලන් නැතුව ඉන්නත් බැහැ.

"එන්න."

එයා ආයෙම වතාවක් කිව්වා. මගේ ඇස් දිහා බලන්ම එයා ඒ හිනා වෙද්දී මට උනත් එතන හිටන් ඉන්න බැරි උනා. ඉතින් මන් එන්න හැදුවට මොකද...,

නාම්පූර්Where stories live. Discover now