49 වෙනි රාශිය 🦁🐰

773 72 264
                                    

" කියපන් තිවේන්..

" චන්ගා බොසා  මට ලොකේෂන් හම්බුනා ..

" ම්ම්ම් මට දාපන්.. ආ එතකොට අද්වික් ගැන බැලුවා ද...

තිවේන් යථාර්ථ වංශනායක කියන්නේ ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලක එකම ගොන් පුතා.. කොච්චර ප්‍රබල උනත් මේ චන්ගා ලඟ නම් ඒකා හුනූ පැටියෙක් තරම් .. අපිට ඔය කාවවත් ලොකු නෑ සංසාරී .. නෑ නෑ ඇත්තටම මේකයි කතාව මේ චන්ගා කියන්නේ ඩිලා අයියාගේ ඩෝල් ම විතරයක් නෙමෙයිනේ .. අවුරුදු පහලවෙන් ඉස්කොලේ යද්දී ම වැඩ්ඩෙක් උනු කොල්ලෙක් .. චන්ගාට ම කියලා ගැන්සියක් හෑව් අනේ.. ඒකේ ඉන්නේ මේ චන්ගාගේම බොක්කේ යාලුවෝ දේවේෂ් විනුෂ් ට අමතරව තිවේන් , දනුර , එශාන් කියලා කොල්ලෝ තුනකුයි ධාරා කියලා කොලු ගති තියෙන කෙල්ලෙකුයි ඉන්නවා .. උන් මට පන ඇරලා .. අපේ ගැන්සියේ මං තමයි බොස්.. ඩිලා අයියා හිතුවේ මුන් මගේ යාලුවෝ විතරයි කියලා එයා දන් නෑනේ මං කරපු කුප්ප වැඩ.. මමනේ එවා දන්නේ .. ම්ම්ම් තව සිරිමලා අයියා දන්නවා මගේ නසරානි වැඩ ... එයා ඩිලා අයියා ට හොරෙන් අපි දාගන්න බාල්දි ඔක්කොම විසඳුවා.. මං හිතන්නේ මං කරන තරමක් මැර වැඩ කරේ සිරිමලා අයියා මාව ගාඩ් කරපු නිසා .. වලිවලට ගිහින් අතපය කඩාගෙන පොලිසියට අහු උනත් සිරිමලා අයියා ට මං එක කෝල් එකයි දෙන්නේ.. එයා ඔක්කොටම කොලේ වහලා ඒවා බලාගන්නවා.. එයා මාව වැඩියෙන් හුරතල් කරා කිව්වොත් හරි ..දැන් එයාත් නෑ .. චන්ගා තනිවෙලා ..

" බැලුවා බැලුවා ඌ ඉන්දියාවට ගිහින් .. හැබැයි මචං බොසා පොඩි see more එකක් තියෙනවා ..

මං ඇහුව අද්වික් අයියා ගැන ප්‍රශ්නේට තිවේනයා උත්තර දුන්නා.. අපේ ගැන්සියෙන් මං ජිවත් වෙනවා කියලා දැනට දන්නේ දේවේෂ් විනුෂ් දෙන්නා ඇර තිවේන් විතරයි .. තිවේනයා ඔක්කොම දන්නවා උනු දේවල් දේවේෂ් විනුෂ් දෙන්නා වගේම .. අපි හතර එකතු වෙලා තමයි අයියාව මරපු උන් හොයාගන්න ගේමක් ගැහුවේ . ඒත් අයියා මැරිලා නෑනේ .. මං උන්ට ඒ හැමදේම කිව්වා.. මොකද ගොඩක් ම දේවේෂ් විනුෂ් එක්ක මගේ රහස් නෑ .. තිවේනයා කියන්නෙත් එලකිරි කොල්ලෙක් . ඊටත් තිවේන්ගේ පවුල් පසුබිම එක්ක ඌට යමක් කමක් කරන්න පුලුවන් . ඌට ලංකාව ඇතුලේ දේවල් හොයාගන්න පුලුවන් ඌගේ ගාඩ්ලා මාර්ගෙන් ...

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now