| 23 |

692 125 113
                                    




       " අපත්ති බලන්න යන්නෝන.. "



    පොඩි එකා උදේම නැගිට්ටෙ අඩාගෙන..


          ඇක්සිඩන්ට් එක වෙලා සතියක් විතර පහුවුණා. මට ක්ලචස් දෙක අරන් පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදගන්න පුළුවන් තරම් හොද වෙලා තිබුණා..



    මං දරුවා තනි අතින් උස්සලා ඔඩොක්කුවෙ තියන් නලවන්න හැදුවට උගෙ ඇඩිල්ල නැවතුනේ නෑ..



   මගෙ රත්තරං හීනෙන් අයියව දකින්න ඇති.. ඊයෙත් රෑ නින්ද ගියෙ කෝල් එකේ ඉද්දි..


   උටත් දැන් මට වගේම අප්පච්චි නැතුව බැරි වෙලා..

      චූටි මල්ලිගෙ පරණ ෆෝන් එක මට දුන්නෙ පොඩි එකා ගේම් ගහන්න කියල හැම තිස්සෙම උගෙ ෆෝන් එක ඉල්ලන හින්දා. අයි ඩී එක ඉල්ලගෙන ගිහින් සිම් එකකුත් ගෙනත් දුන්නා අපරාදෙ කියන්න ඕන්නෑ.



     " ශ්..... දවාලෙ යංකො.. "



" ඔය බොලු කියන්නෙ.. තාත්ති නෝටි... මොලල පැතියා එක්ක යන්නෑ ඇමදාම..! ඔයාත දුක නෑ මොලල පැතියතනෙ දුක..! "




      " තාත්තිගෙ මේ ඌවා වෙලානෙ මැනික.. අද ඩොක්ට මාමා බලන්න යනවනෙ චූටි බාප්පි එක්ක. මං කියන්නං අප්පච්චිට ඇවිත් ඔයාව බලල යන්න කියල.. ම්ම්? "



      " තූති බාප්පි නපුලුයි... "



  " නපුරු නෑ බාප්පි ඔයාට ආදරෙයි "




   " සෑ මගෙ කිපුල් බබාව අලන්... අයික්කීම් තියෙන එක උඩින් තිබ්බම.. ඩොකුඅම්මි අලන් දුන්නෙ.. "




      කොල්ලා ගැටකිඹුලව අරන් බදාගෙන ආය මගෙ පපුවෙ ඔලුව ගහගත්තා... " එයාත ඇලයා කිව්වා.. "




     " ඇලයා? "




" හ්හ්හ්..ඇලයා... " කියවෙන්නැති හයන්න කියන්න පපුවෙන් එකක් හුස්ම පුම්බගෙන කට ඇරපු විදියට මට මූ ගිලින්න හිතුනෙ.. මගෙ කෝලම..


    " හැලයා? චූටි බාප්පි තමා හැලයා.. මෙයා අපේ සීදේවිනෙ.. "



     කාමරෙන් එකක් කොල්ලා හිනාවෙන්න ගත්තෙ මගෙ හොදටම හිනා යනා මාරම විහිලුව අල්ලන්..


සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now