48 වෙනි රාශිය 🦁🐰

807 75 242
                                    

ඕතර් pov :

බිත්තිය ට හේත්තු වෙලා සිගරට් එකක් තොල් අතරේ රඳවගෙන රෑ අහස දිහා ඇස් තියාගෙන හිටිය ඩිලාන් ලොකු හුස්මක් පහලට දැම්මා.. අමාවක දවසක් වගේ රෑ අහස හඳ නැතුව පාලූවකට ගිහින්.. තරු නම් ඕනි තරම්..ඒත් අහස ඕනෑවට වඩා අඳුරුයි.. හඳ නැතුව අහසත් පාලූවට ගිහින්.. ඒ වගේම ඩිලාන්ගේ හිතත් සම්පුර්නෙන්ම පාලුවට ගිහින්.. කරන්න ඕනි මොනවාද යන්න ඕනි කොහෙටද නෑ නිච්චියක් ඌට.. කරන්න වැඩ කෝටියක් තිබ්බාත් කරන්න හිතක් නැත්තන් මොනවා කරන්න ද.. ඌ හිටියේ ඔහේ කල්පනාව තනිවෙලා ....

ඩිලාන් දිල්රූ සංකල්ප දිසානායක උප්පැන්න සහතිකේ තියෙන නම උනාට මොකද ඌව ගොඩක් උන් දන්නේ ක්ලබ් ඩිලාන් , පිටකොටුවේ ඩිලා , ගැරෑජ් ඩිලා , ඩිලා බොසා වගේ රස්තියාදු කාර නම්වලින් .. ලංකාව පුරා බලය පතුරන් ඉන්න අන්ඩර්වල්ඩ් එකේ ප්‍රධාන ම බුලට් එකක් තමයි ඩිලා කියන්නේ .. කොටින්ම ගත්තොත් අන්ඩර්වල්ඩ් කින්ග් කෙනෙක් .. නම කිව්වාත් මිනිස්සු බයයි මූට .. ඩිලාගේ යටතේ සෑහෙන්න ගැන්සියක් ඉන්නවා .. ඌ තනිකරම ව්‍යාඝ්‍රයෙක් වගේ භයානකයි ..  උසට හරියන යකඩ වගේ වාත්තු කරපු ඇඟ ..  උකුස්සෙක්ගේ වගේ තියුණු ඇස්.. කර වටෙ දිලිසෙන සුදු යකඩ මාල ගොඩ .. කනට දාපු කරාඹුව.. ටැටු පිරුනු අත.. කරෙන් පහලට වැවුන කොන්ඩේ ... මූන පුරා වැව්න රැවුල.. මේ හැමදෙයින්ම ඌට ඇවිල්ලා තිබ්බේ රස්තියාදු කාර ජඩ ලුක් එකක් උනාත් ඒ රූපේ දකින ඕනි එකෙක් ඌ මාර හැන්ඩ්සම් කියන රූපයක් ඒ. ගෑනු හිත් අව්ලන්න පුලුවන් රූපයක් .. ඔක්කොටම වඩා ඕනෑවට වඩා ඕනි එකෙක් පාලනය වෙන පෞරුෂයක් තිබ්බ එකෙක් ඩිලා කියන්නේ ..

 ඔක්කොටම වඩා ඕනෑවට වඩා ඕනි එකෙක් පාලනය වෙන පෞරුෂයක් තිබ්බ එකෙක් ඩිලා කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවුරුදු තිස් හයක් උනාට මොකද ඌ තාම තනිකඩයා.. මිනිස්සුන්ට පුලුවන් ද ජිවිතේට ම එක රූපෙකට විතරක් ආදරේ කරන්න .. ඩිලා අන්න ඒ ජාතියේ එකෙක්.. ඌ ආදරේ කරනවා එකම එක රූපේකට... එක හිතින්ම ඌ ආදරේ කරනවා.. ඒත් ඒ ආදරේ කරන කෙනා මේ වෙද්දී මේ ලෝකේ නෑ .. අහිංසා ඩිලාගේ පුංචි සුරංගනාවි ඌ මුලු හිතින් ම ආදරේ කරපු කෙල්ල මැරිලා ගියේ ඌ ඉස්සරහාමයි.. එතකොට ඌට අවුරුදු විසිහතක් වගේ.. ඒ වෙද්දිත් ඌ අන්ඩර්වල්ඩ් එකේ සුපිරි චරිතයක් ..අහිංසා කියන්නේ අම්මා තාත්තා නැති අනාත කෙල්ලෙක් .. එකි ජිවත් උනේ කඩේක අප්ප පුච්චලා ලැබුන සොච්චමෙන්.. කාලෙත් එක්ක එකීගේ ජිවිතේ ට ඩිලා ආවා.. කෙල්ලට ඌ පැලෙන්න ආදරේ කරා කිසිම තිස්තැනක් නැතුව  . සෙල්ලක්කාර ඩිලා එකී ගාව සෑහෙන්න හුරතල් පොඩි එකෙක් ගාන උනා.. හිතුවේ නැති වෙලෙක ඩිලාගේ ලේ කෙල්ලගේ කුස ඇතුලේ ගැහෙනවා කියලා ඩිලා දැනගත්ත දවසේ ඌ තරම් සතුටු උනු එකෙක් මේ ලෝකේම නැතුව ඇති .. ඌ අහිංසාව කසාද බඳින්න තීරනේ කරා.. ඒත් මේ ලෝකේ හැමදේම අපි හිතන විදිහට වෙන් නෑ .. ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ කවුද .. අහිංසාව කරකාර බැඳගන්න එක්කන් ගිය රෙජිස්ට්‍රාර් කන්තෝරුව ඉස්සරහා ඒකි ඩිලාගේ ඇස් ඉස්සරහාම ලොරියකට යට වුනා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now