CHAP. 15

304 10 2
                                    

ඊයෙ සිද්ද වුණ දේ ලොකුවට වටේ ගිහින් නොතිබුණත් අපේ සෙට් එක උදේ පාන්දරම කතාව පටන් ගත්තෙ එතනින්.. ඊයෙ chat එකේදි අන්තිමට කතාකරපු මාතෘකාව නිසා ආකාශ් එක්ක කතාකරන්න තරම් හිත හොඳින් තිබ්බෙ නෑ..

සතුටට තිබ්බ එකම දේ තමයි කොළ පාට හවුස් එකේ කාලකණ්ණි ප්‍රැක්ටිස් කරන දවස් වලට අපේ හවුස් එකේ ප්‍රැක්ටිස් ඉස්කෝලෙන් පිට ground එකක කරන්න කට්ටියම එකඟ වුණ එක..

එළියට නොපෙනුනට මේ වෙනකොට හවුස් දෙකම ගේමකට ලෑස්තිවෙලා හිටියෙ.. විනෝදයයි මායි අතර උන රණ්ඩුවත් මේ ගේමට හේතුසාධයක් නොවුණ කිව්වොත් ඒක බොරුවක්..

විශේෂයෙන්ම අපේ වයස් කාණ්ඩ වල තියෙන මැච් වලදි අනිවාරෙන් මොකක්ම හරි දෙයක් සිද්ද නොවුනොත් ඒක විශ්වාස කරන්න බැරි ගානටම මේක දුරදිග ගිහින් තිබ්බ..

ඊයෙ සිද්දියෙදි මැච් එක ඇතුළෙ මාව පොයින්ට් කරන් ප්ලේ වුණ ගේම් එක ගැන සහේනයට තේරිල තිබ්බ.. මේ වෙනකොට ඒක හවුස් එක ඇතුළෙ කතාවෙන ලොකු මාතෘකාවක් වෙලා තිබ්බෙ.. ඊයෙ ආකාශ් මට කිව්ව දේ ගැන සහේන්ට නොකියන්න පරිස්සම් වුණේ මේක දැනගත්තම මැච් වලට කලින්ම අපේ උන් මෙතන මරාගන්න යන එක sure නිසා..

~

ක්‍රිෂ් ආපු වෙලාවෙ ඉඳල ආකාශ්ට අඩුම බැල්මක්වත් දුන්නෙ නෑ.. ඊයෙ කියපු දේ මිනිහට කොච්චර වැදිලද කියල ආකාශ්ට තේරුනේ දැන්.. මොකද මීට කලින් ක්‍රිෂ් මෙහෙම හැසිරිලාම නෑ..මොනදේ කළත් දෙන්න අතර දවසකට අඩුම 5 වතාවක්වත් eye contact එකක් වෙනවමයි...

වෙනදට ආකාශ්ගෙ එහාපැත්තෙ ඉඳගන්න එකා අද යශ්ට එතනට යන්න සන් කරල යශ්ගෙ එහා පැත්තෙ ඉඳගත්ත.. මේ මිනිහට හොඳක් කළත් වැරදියිනෙ.. ආකාශ් නහයෙනුත් පිඹ පිඹ ක්‍රිෂ් එයා දිහාබලයි කියල බලන් ඉන්නෙ ගොඩ වෙලාවක ඉඳල..

කෝම වුණත් ආකාශ් කියන්නෙත් කාටවත් second වෙන කෙනෙක් නෙමෙයි.. මිනිහ දැන් ක්‍රිෂ්ව don't care දාල ඉන්න පට්ට ට්‍රයි.. ඒත් කොහෙද ඒක බලන්නවත් ක්‍රිෂ් ආකාශ් දිහා බලන්නෙ නෑනෙ...

මේ වෙනස හොඳටම තේරුණේ චනුල්ට..

මොකද මේ වෙනකොට 10 පාරකට වඩා ආකාශ් ක්‍රිෂ් දිහා බැලුවා..

අමාවක සඳ Where stories live. Discover now