" ඔය කියන විදිහට ඒ කාමරේ අයිති සිංහවංශ පරම්පරාවේ මුල්ම හාමුට නම් ඒ කාමරේට කොහෙන්ද ආරුල්ගෙයි චූටිගෙයි පොටෝ එකක් "
"ඒක තමා විසල් අයියේ මටත් හිතාගන්න බැරි.....මම බය උන පාරට මට අඩුම තරමේ ඒ පොටෝ එක ආපහු වහලා තිබ්බ විදිහට වහන්නවත් බැරි උනා...."
" ඔයාට තිබ්බෙ ඒ පොටෝ එකේ පොටෝ එකක් හරි ගහගන්න පොඩී "
" මට ඒ වෙලාවෙ එච්චර දෙයක් මතක් උනේ නෑ සහස් අයියේ "
මෙච්චර වෙලා සහස් , විසල් , සකුල් තුන්දෙනා කතාවෙන දේවල් අහන් නිශ්ශබ්දව උන්න යුගාන් ලොකූ කල්පනාවක ඉදලා සකුල් දිහා බැලුවා.
" ඔයාලගෙ සීයා ගාව එයාලා දෙන්නගෙ පොටෝ එකක් තියෙන්න විදිහක් නෑ....එතකොට කොහොමද උන් දෙන්නගෙ පොටෝ එකක් එතනට ගියේ.....පොඩී ඔයාට හොදටම විශ්වාසද ඒ හිටියේ සුදු මල්ලියි හිච්චියමයි කියලා "
" දෙයියනේ ලොකූ...මට සීයට දාහක්ම ශුවර් ඒ හිටියෙ සුදු අයියයි ජේව් යි තමා....හැබැයි........."
" මොකක්ද හැබැයි කියන්නෙ "
" ඒ පොටෝ එකේ සුදු අයියා ඇදන් හිටියෙ අර නිළමෙලා අදිනවා වගේ ඇදුමක්...එතකොට ජේව්........"
සකුල් කතාව නවත්තලා එයා දිහා බලන් ඉන්න අයියලා තුන් දෙනා දිහා බලලා බිම බලාගත්තා...
" ඇයි පොඩී....මොකද නැවතුනෙ "
" ඒක හරි අමුතුයි සහස් අයියේ....පේව් ඇදන් හිටියෙ අපේ ආච්චිලා අදිනවා වගේ ඔසරියක්...අනික් එක එයා කොල්ලෙක් වගේ නෙමෙයි හිටියේ..එයා ගෑනු කෙනෙක්....කොණ්ඩෙත් තිබ්බා...හැබැයි මට හොදටම විශ්වාසයි ඒ හිටියෙ ජේව්මයි "
" මොකක්...ඔසරියක් !!! "
" ඔව් යුගාන් අයියේ...මම බය උනෙත් ඒකමයි "
" චූටි කවද්ද ඔසරි ඇන්දේ....එදා අර ස්කෝලෙ ඩ්‍රාමා එකට ගවුමක් ඇන්දුවෙත් බලු බැනුම් අහගෙන...එහෙම එකේ අපේ චූටි ඔසරි අදීද "
" මේ අහන්න පොඩී...ඔයාට පුලුවන්ද ආයෙත් ඒ කාමරේට යන්න...."
" විහස්න...මොනාද මේ කියන්නේ පොඩී කොහොමද ඒ කාමරේට යන්නේ....ලොකු හාමුට අහු උනොත් ඉවරයි "
YOU ARE READING
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...