වැහිකෝඩ 61

1.4K 82 21
                                    

#හැට_එක්වන_කොටස 💜️

අම්මටසිරි..කෝ පෝන් එක..මගෙ පපුව නහුතෙටම ගැහෙන්න ගත්තෙ පෝන් එක නෑ කියලා මං දැනගනිද්දි..වැරදිලා හරි පෝන් එකේ තියෙන ඒවා කවුරුහරි දැක්කනම්...මගේ පරණ දේවල් ගොඩක් මගේ ෆොටෝ එහෙම ගොඩක් තියෙනවා..මං හිතන විදිහට මගේ ෆෝන් එකේ ලොක් එක දාලා තිබ්බෙත් නෑ...ඊයෙ පෙරේදා අර වැඩ එක්ක මං ඔක්කොම අයින් කරෙ අභියගෙ අතට පෝන් එක දෙන්න ඕනි වුන හින්දා..මගේ පොටො ටික..කවුරුහරි පෝන් එක අරන්නන්..මගේ පපුව ගැහෙන්න ගත්තෙ බයටම...තක්කෙටම පෝන් එක වැටෙන්න ඇත්තෙ ඉස්සෙල්ලා..මං ටක ගාලා දිව්වේ ඒක හොයන්..ඒත් ඒක එතන නැ..වැරදිලා හරි සිතිජයා අරන්වත්ද..ඌ නේද මං එද්දි දිව්වේ..ඒත් කෝ සිතිජ...

මං හොස්ටල් එකට ආවත් සිතිජයා එතන හිටියෙ නෑ..අනික් උන් නම් පාඩම් කරනවා ෆයිනල් එක්සෑම් එකට...ඌ පාඩම් කරනව වත්ද..ඒත් ඌ කොහෙද..ලයිබ්‍රියෙද..නෑ..ඌ තනියම යන් නැ ඒකට.

"අඩො බම් උඹලට මගෙ පෝන් එක හම්බුන් නැද්ද..අනේ බන් ඒක වැටිලා නෑනෙ බන්..මට කෝල් එකක් ආවා..ඊටපස්සෙ මං ඒක දාගෙන තියෙන්නෙ බිමට හදිස්සියට..උඹලා දැක්කෙ නැද්ද බන්.."

"අඩො..සිරාවටමද.." ?

"ඔව් බ්න් ඔව්.."

"අපි එළියට ගියෙ නැ බන් ඔක්කොම ටික මේකස්සෙ හිටියෙ පාඩම් කර කර..."

"එතකොට කෝ සිතිජයා.." ?

"ඌ නම් ඔය පොතක් අරන් එළියට ගියා...ඇයි බන්.." ?

"නැ..නෑ මං යනවා.."

"පිස්සුද බන් මුට ඇත්තටම..එක්සෑම් කට ළඟ තියන් මඟුල් නටන්නේ..

"මෙන්න මෙහෙ පාඩම් කරපන් ඌ ගේම ගහනවා කොහොම හරි..ඌ මීටරෙ කියලා උඹලා දන්නවනෙ ආයෙ.."

මං කොහෙ යන්නද කියලා කල්පනා කරේ..පෝන් එක නැතුව මට පිස්සු වගේ..මං කම්ප්ලේන් එකක් දාන්නද..නැත්නම් මොනා කරන්න ද..ඔක්කොටම කලින් අවිෂ්කයා ළඟට යන්න ඕනි..

"අවිෂ්කයා මට උඹෙන් උදව්වක් ඕනි බන්.."

"ඔව් පහන් කියන්න..මොකද අවුලෙන් වගේ ඉන්නෙ ඔයා.." ?

"මගේ පෝන් එක නැති වෙලා.."

"නැතිවෙලා..නැතිවෙලා කිව්වෙ ළමයො..කොහොමද මොකද්ද උනෙ මට පැහැදිලිව කියන්න.."

♡ වැහිකෝඩ | Ongoing ♡Where stories live. Discover now