චානකයත් එක්ක කතා කලත් හරි තිබ්බ අච්චාරු මොළෙත් මොකක්ද උනා වගේ උනා. ඌ නැති දේවලුයි ඇති දේවලුයි ඔක්කොටම හරියන එකා වගේ මෙතන බලන් ගියාම. ඒ මොන දේ උනත් මෙච්චර කල් ප්‍රශ්න වැලක් වෙලා තිබ්බ නාම්පූර් වැල ටික ටික ලෙහීගෙන යනවා වගේ මට දැන් දැන් තේරීගෙන යන විත්තියනම් ආයේ නෑ හොදවට තේරුනා!මෙදා පාරනම් පුතෝ රෙජිස්ටරේ අත්සන ගහලමයි එළියට බැස්සේ! ඇයි යකෝ නැත්නම් මෙහෙමත් චාටර් වෙන්න පුලුවන්ද!!?
තුන පහු වෙනවත් එක්කම වගේ මන් ටවුන් එකත් පහු කරන් ගියේ බැංකුවට යාගන්න ඕන කමින්. මෙහෙ තියෙන එකම බැංකුවත් තියෙන්නේ ටවුන් එකෙනුත් කෙළවරේ වෙච්ච නිසා ඕනෙනම් මට බාගයක් යන්න ඇති බැංකුවට යාගන්න.
මහලොකු සෙල්ලන් දාන් දගලන්න ඕන උනේ නෑ. ටවුන් එක පහු කලත් හරි පොඩියට තනි තට්ටුවක් තිබ්බ කඩ කෑල්ලකටත් ගේ කෑල්ලකටත් නැතිව ඒ තිබ්බේ බැංකුවයි! ආයේ ඒක කඩ කෑල්ලක්ද ගේ කෑල්ලක්ද කියලා හොයන්නම බෑ. මදි පාඩුවටද මන්ද පෝටිපෝ කෑල්ලකුත් තිබ්බා.
ඒ පෝටිපෝ කෑල්ලේ පුටුත් දාලා සමහරු ඒ පුටු වල වාඩි වෙලත් හිටියා. තේරෙන බාසාවකින් කිව්වොත්නම් ආයේ කොළබ තියෙන අපි දැකල කරලා තිබ්බ බැංකු වගේ නෙවේ. මෙහෙට අවත් හරි උනේම පුදුම වෙන එකමනේ. ඇයි යකෝ දැන් පුදුම වෙලත් එපා වෙලා!
ඒක බැංකුවක් කියන්නම වගේ තිබ්බ එකම සාක්ෂිය උනේම උළුඅස්සේ ගහලා තිබ්බ දිග ලී නම් පුවරුව නිසයි. තද නිල් පාට ලොකු සිංහල වැල් අකුරින් ලියලා ගහලා තියෙපු "නාම්පූර් බැංකුව." සුදට බර ලීය උඩ යසට කැපිලා පෙනුනා!
පාරේ කෙළවරේ තිබුනා උනාට මොකෝ දිග කූරු ගහපු අදින ගේට්ටුවට එළියෙන් මන් වාහනේ පේමන්ට් එකට අහු වෙන්නේ නැති විදියට නතර කරලා වහනෙන් බැස්සා. ඒ කරන් හෙව්වේ එයාව.
ඇති පෝලිමක් තිබ්බේ නෑ. කෝමත් තුනට බැංකුව වහනවා කිව්වනේ. හැබැයි අර කිව්ව පෝටිපෝ කෑල්ලෙනම් සමහරු පුටු තියන් ඉදන් හිටියා. මන් එකා එකා ගානේ දිහා බලන් හෙව්වේ එයාව. වැඩි වෙලා ගියේ නෑ. අයිනෙකට වෙන්න හිටන් හිටියේ එයා.