වාලුකාවලෝකන
09
🌋💥⌛ශහ්නූර් එවර නිහඬ වූවාය. ඇගේ දැඟලීම නැවතිනි. යුවතිය සැබැවින්ම සිටියේ අඩපණවය.ධීරේෂ්වර ඇයව ඔසොවාගෙන පොකුණට පිවිසුණේය.
සඳඳිය පොකුණේ පැතළි එකක් බඹ කාලක් පමණ උසැති පඩි සතක් වෙයි. එයින් බැසි පසු ඇත්තේ ගැඹුරු කොටසකි. එය මිනිසෙකු ගිල්වා මරන්නට තරම් ගැඹුරු වග දැන සිටියේ පම්මී ත් ධීරේෂ්වර ත් පමණි. ශහ්නූර් ද එය අනුමාන කොට තිබුණේ දිය රැළි වල වර්ණ වෙනසෙන් සහ ඇති වන්නාවූ රළ තරංගය නිසාවෙනි. සෑම විටම, ශහ්නූර් එහි තෙවන හෝ සිව් වන හෝ හිඳ ස්නානය කළාය.එහෙත් මේ මොහොතේ ඈ සිටියේ පියවි සිහියෙන් එපිටය. සඳදිය පොකුණ ආලෝකමත් වී තිබෙයි. ඕ දෑස් පියාගත්තේ ඔහුගේ උණුසුමේය. උදෑසන සිට ගත රිදුම් දෙයි. ධීරේෂ්වර සිව් වන ගල් පඩියෙන් අසුන් ගත්තේ ඈ ව දෙපා අතර රඳවා ගනිමිනි.
සුදුමැලි ව හුන් ඕ, උණුසුම් ජලය ගතට දැනීම නිසාවෙන් මදක් ලේ පැහැය ගත්තාය. ඇගේ සිරුරට සනීපයක් දැනිනි. ධීරේෂ්වර එලෙසම සිටියේය. පොරෝනාව පෙඟී යාම නිසාවෙන් ගතට බරක් දැනුනු කුඩා යුවතිය, දැනුනු පහඩුව තවත් විඳගනු රිසියෙන් එය පසෙකට කොට තවත් පඩියක් පහළට බැස්සාය. අනතුරුව විසල් සුසුමක් ළයට පුරවා නැගිට්ටාය.
සිය ස්වාමියා අසළ ඇති වග ඇයට සිහියක් නොවිණි.
ධීරේෂ්වර ගේ දෑස් විසල් විණි. ඇගේ නග්න සිරුරම වසා දමමින්, කාල වර්ණ කේශ කලාපය දිග හැරී තිබුණේය. එහෙත්, එයට ඇගේ නාරි ගතේ හැඩයන් වසන්නට හැකියාවක් නොවූයේය.
ධීරේෂ්වර දෑස් පියා ගත්තේය. කුඩා යුවතිය මද පහසුවක් අත් විඳින වග දැන සිටි ඔහු සුවපහසු ලෙස පඩිය මත වැතිරී දෑත් දෙපසට දමා පොකුණේ බැම්ම ට හේත්තු වී උන්නේය.
ධීරේෂ්වර ගැහැනු විෂයෙහි දැමුනු ඇත්තකු වූවා ම යැයි කිව නොහැක්කේය. ඔහු ශක්තිවන්තයෙකි. පම්මී හමුවට පෙර ඔහු ළඳුන් ආශ්‍රය නොකළා නොවේ. එහෙත් ඒ සියල්ල ම සරල වූයේය. ඔහු ගැහැනුන් ට ගරු කළේය. ඔහුගේ තෝරා ගැනීම් අනුව, ඔවුහු ද ඔහුට ගරු කළහ. දෙපසටම සාධාරණ අයුරින් ඒ ශාරිරික සම්බන්ධතා අවසන් විණි.
YOU ARE READING
වාලුකාවලෝකන
Historical FictionHistorical Fiction Fantasy thriller #sinhala #fiction #romance