| 02 |

1K 131 118
                                    




' - තණමල්විල මල් පිපුනත් - තහනම් රීතියට..
ඒ ඔක්කොම මල්වල ඇති - සුවඳ සිදාදියට

හිරිමල් විය ලං කෙරුවත් - ඉඳුවර හීනියට
හිත් මල ලං කරන්නෙපා - ඇවිලෙන පාපයට '







පාප එකක් දෙකක් නෙවෙයි ඔලුව අස්සෙ කැරකිලා ඔලුවම ලේ කනත්තක් කරේ..




වෙලාව පාන්දර එකයි. මං දරු පැටියා පපුවට තුරුල් කරගෙන බෙඩ් ශීට් එකෙන් උගෙ කන් වැහුවෙ කොල්ලගෙ ඇස් හඳ එලියට තාමත් දිලිසෙනවා බලාගෙන.




        අදත් අල්ලපු ගෙදර පාටියක්. බේබද්දො රැල පලාත හෙල්ලෙන සද්දෙන් සින්දු දාගෙන විතරක් නෙවෙයි.. පිස්සු බල්ලො වාගෙ උඩුබුරලද්දි මං කැති පාරවල් කීයක් උංගෙ බෙලිවලට කොටන්න හිතුවද මට මතක නෑ.





        මගෙ දරුවා ලෙඩෙක්.. ඉපදිලා අවුරුදු දෙකෙන් දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි කියල අපිට වුනත් තේරුනා. දැන් යන්තම් අවුරුදු හතරක් වෙච්ච මගෙ මැනික උපතින්ම ඕටිස්ටික් කියල දැනගත්තම කඩාවැටිල තිබ්බ මගෙ ලෝකෙට කඩාවැටෙන්න තව දිහාත් තිබුන්නෑ.






   ඇත්ත.. ඌ ඉපදෙද්දි උගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම අවුරුදු 16 යි. ඉපදිලා මාස දෙකකට වඩා වියාරා දරු පැටියට කිරි දුන්නෑ. ඊටපස්සෙ කොල්ලා හැදුනෙ පිටි කිරි මත්තෙ.. ඌ ආස නෑ ඒව බොන්න. මට බෑ වියාරට බල කරන්න. ඉපදෙනකොට කිරි බෝලයක් වගේ උන්න මැනික බලන් ඉද්දි ඇදිල ගියා.





      වියාරා දරුවා අරන් මාව දාල යද්දි කොල්ලට අවුරුද්දක් වෙලත් නෑ. ඕව ගැන හිතලම මං පිස්සෙක් වුණා. මගෙ වාසනාවට ඒකිගෙ අලුත් මිනිහා දරුවට කැමති වුනේ නැත්තෙ.. ඒකි ඌ ආපහු ගෙනත් දාල යන්න ගියා. මට ඊටවඩා සතුටක් ඒකි බැන්ඳට පස්සෙ දැනිලම නෑ.



ඒත් අවුරුදු 17 ක කොල්ලෙක් දරුවෙක් එක්ක තනියෙන් මොනවා කරන්නද? කවුරුත් මගෙ පව් කරගහන්න කැමති වුනේ නෑ... ඉගෙනීම කඩාකප්පල් වුන එක අහන්න දෙයක් නෙවෙයි. ඒත් කඩේක හොයාගත්ත කැශියර් වැඩෙත් වියාරා මට නැති කරලා... ඊටපස්සෙ ඒකිට සැලකිලි අඩු වෙද්දියි ඒකි මාව දාල වෙන මිනිහෙක් එක්ක ගියෙ.





සියොත් විලාපය | MOURNING AVES  | BL |Where stories live. Discover now