8🫀✨

197 16 3
                                    

දේව්ගෙ මානයෙන්...

දේව්..බලපන් උබ කරපු දේ....

ඇත්තටන කේන්ති ගන්න දෙයක් උනේ නැතත්...එයාව නැති වෙයි කියන බයටම මට කෑ ගැහුනා...කරපු වැරැද්ද තේරුම් ගියෙත් සතුටින් ආපු කොල්ලා වැලි පොලොවට කඩා වැටිලා කියපු දේවලුත් එක්ක වෙද්දි...සත්තයි මන් මටම සාප තියාගත්තා...හැමදාම දුකින් හිටපු කොල්ලට ආදරෙයි කියලා සතුටින් තියන්න හැදුවත් මගෙ අතින්ම ආයෙම ඒ ඇස් වලට කදුලු දුන්නා...

සමාවෙන්න සුදූ...උබව නැති වෙයි කියලා බය හිතුනා...

වැලි පොලොවෙ වාඩි වෙලා හිටපු කොල්ලාව බදාගත්තත් ආපිට වැලදගැනීමක් මට තිබුනෙ නෑ....

ම්ම්....මාව බෝඩිමට එක්කන් යනවද...

අනේ මැණික...මට සමාවෙයන්කො...

ඔයාට සමාව දීලා ඉවරයි දේව්...මගෙ ඔලුව කැක්කුමයි...මට බෝඩිමට යන්න ඕන....

සහීර්ශව එක්කන් යන්න දේව්....අපිත් ගෙදර යන්නම්...

නෑ...ඔයාලා සතුටු වෙලා එන්න නෙතුන්...මට තනියම බෝඩිමට යන්න පුලුවන්...

උබලා පලයල්ලා...මන් සුදූ එක්ක යන්නම්...

එහෙම කොහොමද...අපිත් එනවා යන්න...තොපිලා මේ පිටම ගිහින් මොනවා කරයිද දන්නෑනෙ...

අනේ මේ නෙතුන්....කට වහපන්කො..ශික්...මේක පන්සලක්....

හරි හරි...අපිත් බෝඩිමටම යන්.....අපි ආවට අවුලක් නැද්ද සහීර්ශ....

කමක් නෑ...ඒත් මන් නිසා ඔයාලගෙ ගමන් පාඩු කරගන්න එපා...

අනේ උබත් නිකන් හිටපන් සහීර්ශ....

කට්ටිය එක්කම සහිගෙ බෝඩිමට ආවත් එයා කරේ දොරත් ඇරන් බොන්න මොනවහරි හදන්නම් කියලා කුස්සියට ගියපු එක වෙද්දි මට දැනුනා එයා මාව මගාරිනවා කියලා....අරුන් ටිකවත් දාලා මන් සහීගෙ පස්සෙන්ම කුස්සියට ගියා...

සහී...

ම්ම්..

තරහද...

නෑ...

එහෙනම්...

තරහා නෑ..දුක හිතුනා...

මන් බය උනා සහී...උබව මට නැති වෙයි කියලා...

අහස් නිම්නයWhere stories live. Discover now