සහීගේ මානයෙන්....
උදේ පාන්දරින්ම ඇහැරිලා නාලා සුදු ශර්ට් එකට නිල් පාට ඩෙනිමක් ඇදගෙන මන් හිටියෙ දේව් එයාගෙ යාලුවො එක්ක එනකන්...අද පොසොන් නිසා අපි ඇවිදින්න යන්න කියලා...ඊයෙ කියපු විදියටම දේව් යාලුවොත් කතා කරගෙනම ආවා...වෙනදා කාර් එකෙන් යන එයාම අද බයික් එකෙන් ආවා....
ආහ් කොල්ලා...
නෙතුන්....
ඉතින් ඉතින්...දැන් දෙන්නා ප්‍රේමයෙන් වෙලිලා නේද...
නිකන් ඉන්නවා නෙතුන්...කොල්ලාව ලැජ්ජ නොකර...
ආ ආ...අනේ මේ නවීන්...තමුසෙ කටවහන් ඉන්නවා...මන් කතා කරේ සහී එක්ක...එනවා මෙතන...අනික තෝ මට බොම්බයි මොටයි එකකින් ණයයි හරිද...මන් තමුසෙව තියන්නෑ...ඕක අරන් දෙනකන්ම මන් තමුසෙගෙන් පලිගන්නවාමයි නවීන්...මට තමුසෙව පේන්න බෑ....
අනේ මේ බබා...මන් තමුසෙට ඕක අරන් දෙන්නම්...කට වහගෙන ඉදපන්....
අන්න එහෙම ඉදපන්....
අපෝ....කොයි වෙලෙත් පොර කුකුල්ලු වගේ කාගන්නවා...ඇත්තමයි නෙතුන් මට තමුසෙ මගේ කිඹුලා කියන්නත් ලැජ්ජයි...උස නෑ දොඩම් ගෙඩි දෙකක් තරම්...උබ කන සේරගෙම ශක්තිය යන්නෙ කටටද කොහෙද...නේද අයෝද්‍ය...
ම්ම්...
උබලගෙ කොල්ලො දෙන්නව මගේ සුදූගෙන් ඈත් කරලා තියපන් හරී...නැත්තන් මෙයත් ඔය වගේ වාචාල බලු කතා ඉගෙන ගනීවි...
ම්ම්..බොටම්ලා එහෙම වෙන්න ඕන...
ඉදලා ඉදලා අයෝද්‍ය කට ඇරියා...ඌට තියෙන්නෙත් මහා මුඩුම පෙනුමක්...හිනා කලදක් නෑ...ඒව්...සෙතුන් කියවනකොට කට දිහා බලන් ඉදියෙ හරියට මේ දැන් කන්න වගේ....ඒත් හැන්සම් අනේ...ඒ උනාට මගේ දේව් තරම් නෑ...
සහී...නගින්න...
මන් සහීගෙ බයික් එකට නැග්ගා...කපල් තුනට බයික් තුනයි..නවීන්ලා ඉස්සරහින් ගියා වෙද්දි පිලිවෙලට අපියි අයෝද්‍යලයි ආවා...අපි ඉස්සෙල්ලාම ගියේ පන්සලට වෙද්දි අනේ එතනම ආච්චි අම්මා කෙනෙක් මල් විකුන්නා...මට දුක හිතුනා...
දේව්...අපි මේ ආච්චි අම්මගෙන් මල් ගමුකො...
ඔයා තෝරගන්නකො...