01

306 12 3
                                    

වාලුකාවලෝකන

⌛💥

01

පඬුවස් නුවර අහස කර්කශ ගොම්මනකට සූදානම් ව හිඳියේය. පඬුවස්නුවර පැරණි රජ මාලිගය ද රාත්‍රිය පිළිගනිමින් හිඳියේය.
මේ ගෙවෙන්නේ පළමු ක්‍රිස්තු වර්ෂයයි. සැඟව ඇති මනස්කාන්ත ප්‍රාන්ත රාජ්‍යය සශ්‍රීකව සහ සියල් සැපින් අනූනව පැවතුණේය. මේ දේව ඝනයේ මිනිසෙකු වූ මේඝවර්ණ ගේ රාජ්‍ය සමයයි, සැඟව ගිය පඬුවස්නුවර රාජධානියේ  උත්කෘෂ්ඨ සමයට පාවඩ හෙළමින් සිටි අවධියයි. ආර්‍යයන් විසින් තම්බපන්නිය ආක්‍රමණය කොට, යක්ඛයන් ඝාතනය කරමින් සිය ආධිපත්‍යය පැතිරූ අවධිකය , දේව , නාග , රාක්ෂ , යක්ෂ යන ගෝත්‍රයන් විසින් ආරක්ෂා කරමින් තිබූ නිර්මල රාජධානිය රාක්ෂයින්ගේ අත්භූත කෙම් බලයකින් රක්ෂා වී තිබුණේය.

අනුරාධගාමය ආසන්නව රජ කළ පණ්ඩුවාසදේව රජ මහේෂිකාවට දාව චිත්‍රා කුමරිය ඉපිද සොළොස් වසරක් ගත ව තිබිණි.

සුවඳ ධූමයන්ගෙන් පිරුණු නාන කුටීරයේ  අඳුර එහි වූ සයනයෙන් බැසි, ඇය සැනෙකින් මකා දැමුවාය. සෞම්‍ය කුරුඳු තෙල් සුවඳක් කුටිය පුරා පැතිර යන විට ඕ යටැසින් බැල්මක් හෙළුවේ තමා දෙස ම බලා හිඳිනා  ඒ රාක්ෂ දෑස් ඇති මිනිසා දෙසය.

"තවත් බලන්ට මොනවද ඉතුරු දෙයියෝ "

ඈ විමසුවේ කළු ගලින් තැනූ සඳ දිය  පොකුණ වෙත පා තබමිනි. ඔහු එවර ඈ වෙත දෑස් විතැන් කළේය. ඇගේ නිරාවරිත සිරුර, දැන් අතිශය පිරිපුන් ය. පිරුණු කුස නිසාවෙන් ඈ දෙවඟනක් ලෙස දිස් වන බවක් ඔහුට හැඟිනි‍ සිය ලේ ධාතු දරා සිටිනා ඈ වෙත ඔහු අනන්ත වාරයටත් ප්‍රේමයෙන් බැඳුණේය. සුළු මොහොතකට පෙර වූ ප්‍රේමාලිංගනය ඔහුව තව තවත් ඈ වෙතම රඳවාගන්නට සමත් ව තිබිණි. ඉඳින් කළු පැහැ උස්  සිරුරක් හිමි යක්ඛ කුලයේ යුවතිය, පඬුවස් නුවර ප්‍රාන්ත රජුගේ  දෙටු පුත් ගේ සිත තමා වෙත බැඳගෙන උන්නාය.
ඈ විසින් මොහොතකට පෙර තමා ආවරණය කළ පඬු පැහැ සළුව සයනය වෙතටම විසි කළ ඔහු සියදිගු රළු කෙස් බැඳගත්තේය.

"ලිස්සයි මී "

හඬ ගැඹුරු ය, ස්වරය මන්ද්‍ර ය. පම්මී එක් වරක් ඔහු දෙස බැලුවාය. කිරුළ අහිමි රජ කුමරා පමණක් ම ඈ ට එසේ අමතන්නේ ප්‍රේමයෙනි.

වාලුකාවලෝකනWhere stories live. Discover now