"අවුලෙන්නෙ ඉන්නෙ. ඒකට කරන්න දෙයක් නෑ. ඕවා උඹලා විහින් කරගත්ත දේවල් !"
-කෛසන්-
__________________________________
මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ
මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ
ආයේ නම් රැය අවසන්වේ....................." මේ ප්‍රෙස්ක්‍රිප්ශන් එකේ තියන බෙහෙත් ටික දෙන්න පුළුවන් ද ?"
බුද්ධික උශාන්ගෙ සිංදුව අස්සෙන් බෙහෙත් ඉල්ලන එකා කවුද යකොව් !! ෆාමසිය ඇතුලට වෙලා ලොතරැයි කූඩුවෙ මහ සද්දෙට ඇහෙන සිංඳුව එක්ක ලොකු මනෝපාරක් ගහගෙන ඉඳපු මාව මේ ලෝකෙට ගෙනාවෙ මොහොට්ටි එකේ බෙහෙත් තුණ්ඩුවක් අරගෙන ආපු ගෑණු ළමයෙක්.සිරියාවන්ත කෙල්ල. මේකි මොකද මේ ඇඹරෙන්නෙ!?හැබැයි මට හිතෙන්නෙ පණු අමාරුවක් තියනව ද කොහෙද. දත් තිස්දෙකම පෙන්නලා හිනාවුනු කෙල්ල කැශියර් එක පැත්තට පාවෙලා යනවා මම ඇස් කොනකින් දැක්කා.
ආයේ හිරු නැ හෙට හුළගත් නැ
නුඹ ආවත් මේ රැය නැ
ආයේ නුඹ නැ දුක් කඳුලුත් නැ
රැය ආවත් මම නැ.....
මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ
ආයේ නම් රැය අවසන්වේ ........
සිංඳුව ඉවර උනා. මගෙ මනෝ පාරත් ඉවර උනා.ඒත් විරහ වේදනාවක් කවදාවත් විඳපු නැති මගේ හදවත කෑලි එක්කෝටි විසිපන්දාහකට විතර බිඳිලා ගිහින් මොකක්ද මන්දා කියාගන්න බැරි අලයක් ඒ බිඳුනු කෑලි අස්සෙ හිර වෙලා වගේ මට දැනෙනවනෙ.මොන මඟුලක් ද මේ !!?
"ලොකූ අයියෙ මෙහ්"
මට වැඩි වෙලාවක් අලයක් ගැන හිතන්න උනේ නෑ.කැශියර් එකේ ඉඳපු යසස් ඇවිත් මගේ කරට අත දාගත්තා. පරයා එහාට වෙයන්.මූ දන්නවා මම මොකෙක්වත් ඇඟේ එල්ලෙනවට ආස නෑ කියලා. දැන දැනම එල්ලෙනවා.ඊයා අනෙහ් බලන්නකො. කිසිම හැදියාවක් නැති හැටි.