VIP 50

738 61 1
                                    

Ep 50
"" සර් ....කතා කරන්න මේ වෙලාව ඔබතුමාට නිදහස්ද"
"" ඔවූ ස්වීවූ කියන්න""
"" සර්ට කෑන්ස් සිනමා උලෙලෙදි වෙඩිතියපු ගෑනිව ඇල්ලුවා""
"" ශා මාරුනේ....දැන් කොහෙද ඒ ගෑනි"
""බෙල්ජියම් වල බ්‍රසල්ස් නගරෙ""
""එයාව ඇමරිකාවෙට ගේන්න පුලුවන්ද""
"" බැරිවෙයි සර් ...රුසියන් ඔත්තුකාරියක් පිටට දෙන්න යුරෝපියන් කමිශන් එක කැමතිවෙයිද මන්දා
ජනාධිපතිනිය මැදිගත් වෙලා ඉන්ටර්පෝල් එකට කියුවොත් පුලුවන්
ඒත් ඒකට ටික කලක් යයි"
"" අඩුම තරමෙ මට ඒ ගෑනි එක්ක වීඩියෝ කෝල් එකක්වත් ගන්න බැරිද මට මෙහෙම කරපු හේතුව අහගන්න "
"" සොරි සර්....ඒක අමාරුයි....බ්‍රසල්ස් වලටත් ඒ ගෑනි අත්‍යවශ්‍ය වෙලා
මොකද ගිය අවුරුද්දෙ බ්‍රසල්ස් එස්පෝ ප්‍රදර්ශනේදි සිදු උන වෙඩි තැබීම් වලට මේ ගෑනි කෙලින්ම සම්බන්දයි""
""ඒත් ස්ටර්වූ මට ඒ ගෑනි ඕනෙ...පුලුවන් තරම් ඉක්මනට....""
"" සර් එකක්‍රමයක් තියෙනව...අපි ගෑනිව උස්සමු""
"" පිස්සුද ස්ටීවූ...ඕව අහු උනොත් ලෝක යුද්ධයක් උඅනත් පටන් ගන්න පුලුවන්""
""නෑ නෑ සර් බය වෙන්න එපා ගානට ටින්කිරි අතේ ගාගන්නෙ නැතුව පුඩිම කන්න  දන්නව""
ස්ටීවුගෙ මෙහෙයුමට මම කෙලින්ම සම්බන්ද උනේ නැතත් ෆෙඩරල් සීක්‍රට් මිශන් කාර්‍යල ඉදගෙන ඒක සිද්ද වෙන විදිය බලාගෙන හිටියා
බෙලරස් වල ට්‍රැනියුඩ් හිරගෙදර ආරක්ශාව ගොඩක් ශක්තිමත්
අපේ සීක්‍රට් ඒජන්ට්ස්ලා ශබ්ද නොනැගෙන හෙලිකොප්ටර් වලින් රේඩාර් මග ඇරලා ගිහින් මහ රෑ හිරගෙදරට පැන්නා
ඒකෙ මුර සෙබලුන්ට රහසෙන් පහර දීල ඔවුන් සිහි නැති කරලා ඔඩ්ලේව හන්ගලා ඉදපු භූගත උමන්මාර්ග අස්සෙන් ගිහින් මැද තිබුන බන්කර් එකෙන් හොයාගෙන තිබුනා
ගෑනිව සිහි නැති කරලා හෙලිකොප්ටර් එකකම දාගෙන උස්සගෙන ආවෙ
මිශන් ඉම්පොසිබල් ෆිල්ම් එකක් බලනව වගේ අත් දැකීමක් ලැබුනා
බ්‍රසල්ස් වලින් ප්‍රන්ශෙ නීවූ මූලස්තානෙට ආපු හෙලිකොප්ටර් එකෙන් ඔඩ්ලෙව ජෙට් එකකට මාරුකරලා ඇපොස්ටල් වීදියෙ තිබුන රහ්ස් කාර්‍යලෙට ගෑනිව ගෙනාවා
ඒ සැනින් මමත් ඇපොස්ටල් ගියා
මට ඕනෙ උනේ ඔඩ්ලෙගෙ හොම්බකට සමතලා කරන්න මට කුමාරයට ඩියෝගෝට දුන්න වදහින්සාවලට හිලවූ වෙන්න
ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගියත් එකපසක් පමනක් පේන වීදුරුවලින් වට උන හිරකොටුවෙ හිටියෙ වෙනත් ගැහැනියක් ඔඩ්ලෙට වඩා මිටී බඩත් වැඩී..ගැහැනිගක්
"" ස්ටීවූ තමුසෙලට මෝල්ද ඕයි...මේ වෙන ගෑනියෙක් ඔඩ්ලේ නෙමෙයි බූර්වො""
ඔඩ්ලේව කොටුකරගත්තු නිස අපට ආයෙ කරදර එන්නෙ නෑ කියල හිතල මම සතුටෙන් හිටියෙ...කොහෙද ඒව ඔක්කොම සුන්නත්දූලි උනා
ආයෙ ප්‍රශ්නෙ එතැනමයි ඔඩ්ලේ ගෑනි නිදල්ලෙ අපි අනාරක්ශිතයි
වීදුරු අතරින් මට පේනව ස්ටීවූ ඇතුලු පිරිසක් ගෑනිගෙන් ප්‍රශ්න කරනව
ඇට්ටර ගෑනි කිසි දෙයක් කියුවෙ නෑ
"" තෝරෙක් කියලා මෝරෙක් අල්ලගෙන ආවනේ....තමුසෙනම් ස්ටීවූ මෙලෝ රහක් නෑ""
හෙම්බත් උන මූනෙන් මම ලගට ආව ස්ටීවුගෙ ඇගට මම කඩා පැන්න
"" මොනවද ඕයි තමුසෙලාගෙ සීක්‍රිට් ඒජන්සි...පොඩි උන් හොරා පොලිස් කරනව මීටවඩා හොදට...අල්ලන්න යන්නෙ මොකාද කියන එකවත් නොදැනන තමුසෙලා පස්සෙන් එලෙවුවෙ""
මම මගෙම ඔලුවට ඇන ඇන බැනවැදුනා
"" සොරි සර්....අපිට වැරදීමක් උනා
ඒත්...ඒත් සර් මෙතැන කොහේ හරි ඕකෙ කොනක් තියෙනව
සීසීටීවී කැමරා ෆුටේජස් අනුව ඔඩ්ලේ කියන ගෑනි හෝටල් කාමරේට යනව ඒත් ඒ කාමරේ ඇතුලෙ ඉන්නෙ මේ ගෑනි""
"" මොකද්ද ඕයී ඕකෙ පුදුම වෙන්න තියෙන්නෙ
ඔඩ්ලේ පොඩි විවේකයක් ගන්න ඔය රූම් එකට යන්න ඇති
ප්‍රධාන දොරෙන් නැතුව ජනේකෙකින්න් හරි කානු පල්ලකින් හරි ගෑනි පැනගන්න ඇති...බ්‍රසල්ස්වල ගොන්තඩියො ගිහින් රූම් එකේ ඉදපු ගෑනිව අල්ලගෙන එන්න ඇති""
"" හරි...ඇලෙක්ස් මහත්තයා ඔබ කියන දේ පිලිගන්නව
ඒත් මේ ගෑනි ඔඩ්ලේ ගැන දන්නව කියන්නෙ නෑ
මේකිත් ඔඩ්ලේ වගේම බෙලරුසියාව හරි අමේනියාව හරි මැද්දෙන් යුරෝපෙට එන රුසියන් ඔත්තුකාරියක්...ඒකිගෙ ඇගේ රහස් පච්ච සලකුනු තියෙනව""
"" ඉතින් ඕක මට කියල වැඩක් නෑ ඒ ගෑනිගෙන් අහගන්නව ඔඩ්ලෙ ගැන විස්තරයක් ""
මම් ස්ටීවූට දත් විලිස්සල තරහෙන් කියුවා
" හොදින්නම් හොදින් නරකින්නම් නරකින්
ඕනෙ ගල් ඉබ්බියෙක් කතා කරවන ක්‍රම අපි ලග තියෙනව ""

VIP ( වී අයි පී )Where stories live. Discover now