VIP 30

865 73 0
                                    

Ep 30
වෙල්මා මගේ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරා
මම හිටියෙ පෝල් එක්ක වීඩියෝ කෝල් එකක
ඉකමනින් මම ඒක කට් කරා
"" ඇලෙක්ස් වැඩ වෙලාවෙ චැට් කරන්න බෑ"
වෙල්මා තරහෙන් වගේ කියුවා
මම එයාට උත්තර දෙන්න කලින් අම්මත් මගෙ කැබින් එකට ආවා
"" අම්ම ඔයා...මට කියුවනම් එනවනෙ""
"" නෑ...අපි දෙන්න්ම ආවෙ වැදගත් දෙයක් කතා කරගන්න""
"" දෙන්නම ආවෙ...මම මොකක් හරි මරණීය වරදක් කරාද""
"" ම්ම්,....ඒ වගේ දෙයක් තමයි....ඔයා කරපු වරදකට දඩුවම් දෙන්න ආවෙ""
වෙල්මා ඔරවගෙන කියුවා
"" ඇයි මාව ඔෆිස් එකෙන් එලවන්නද""
"" ඔවූ ඔයාට මීට පස්සෙ ධවල මන්දිරේ ඇතුලෙ ඔෆිස් එකක් පවත්වගෙන යන්න බෑ...මෙහෙ නවතින්න විතරයි පුලුවන්""
"" අයියෝ අම්ම....ඇයි ඒ තරම් ලොකු දඩුවමක්...මම ඔයාගෙ වැඩ වලට උදවු කරන්නෙ ආසාවෙන්""
" ඔයාගෙ උදවු නිසා මගෙ වැඩ තවත් අමාරු වෙනව...ඒක නිසා හොදම වැඩේ ඔයා මෙහෙන් ගිහින් ඔයාගෙ වැඩක් බලාගන්න එක ""
අම්ම එහෙම කියුවම මට ඇඩෙන්න වගේ
පිට මිනිහෙක්ගෙන් ප්‍රතික්ශේප වෙනව වගේ නෙවෙයි තමන්ගෙ අම්මම ලමය එපා කියද්දි
"" හරි ...මම අදම බඩු අස්කරගෙන යන්නම්...දැනුම් දෙන්න ආවට ස්තූතී""
මම ඇස් වල කදුලු හන්ගන්න ඒ දෙන්නට පිටුපාල ජනේලෙන් ඈත බැලුව
"" දැන් මෙහෙන් අස්කරන් කොහෙද යන්නෙ""
වෙල්මා මගෙන් ඇහුවා
"" මේ වෙල්මා මම කොහේ හරි යනව...ඔහේට වැඩක් නෑනෙ...උබ තමයි අපෙ අම්මට ඕනෙ නැති කේලම් කිය කිය මාව අම්මට එපා කරවන්නෙ""
අම්මට කෙලින්ම බනින්න බැරි නිසා මම වෙල්මගෙ ඇගට ගොඩ උනා
"" ඇලෙක්ස් තමුන් කට පාලනය කරගන්නව...ඔය ඉවසීමක් නැති කට තමයි ඔහෙගෙ විනාශෙ...මට බැරි උනානෙ ඉබ්බෙක් දාල පොඩි කාලෙම ඔය කට හදලා ගන්න""
අපෙ අම්ම මට කවදාවත් නැති විදියට තර්ජනය කරා
"" හරී...තවත් එක එක ඒව් කියන්න එපා....මම වයිට් හවුස් එකෙන්ම යන්න යනව...ආයෙ එන්නෙ නෑ,..ඔයාල මම ගැන හොයන්න එපා""
"" ඉතින් කොහෙද යන්න හදන්නෙ "" වෙල්මා ආයෙ අහනව
"" කොහේ හරි ...මම එක පාරක් කියුවනෙ""
"" එහෙම ඔයාට ඕනෙ ඕනෙ තැන් වල යන්න බෑ...මෙහෙන් අයින් වෙලා කැලිෆෝනියා පක්ශකාර්‍යලෙ වැඩ බාරගන්නව"" වෙල්මා ලියුමක් වන වනා කියුවා
"" මොකා මොකද්ද කියුවෙ""
"" ඔයා කැලිෆෝනියා සෙනෙටර් නාකි විලීට විරුද්ධව කැරලි ගැහුවනෙ....අපි මිනිහව අයින් කරන්න තීරනේ කරා...ඊලග මැතිවරනෙදි එයාගෙ අඩුව පුරවන්න වෙන්නෙ ඔයාට""
"" නෑ...වෙල්මා...ඔයා බොරුද කියන්නෙ..ඒක නම් මාරයි""
අම්මයි වෙල්මයි හිනාවෙනව
"" මේ ඇලෙක්ස් ඔයා හිතාගෙන ඉන්නෙ විහිලු කරන්න දන්නෙ ඔයා විතරයි කියලද...ඔන්න අපිත් ප්‍රැක්ටිකල් ෆ්‍රෑන්ක් එකක් කරා...""
වෙල්මා හිනා වෙවී කියුවා
"" පුතා පුදුම වෙලා ඉන්නෙ නැතුව මාව බදාගන්න...""
අම්ම දෙපැත්තට අත් දාල ,ආව වඩා ගන්න වගේ පෙන්නුව
මම අම්මව වඩාගෙන රවුමක් කරකවලා බිමින් තියලා එයාගෙ මූන ඉම්බා
""ඇල්ක්ස් අපී ඊයෙ රෑ ඔයාගෙ මෙමෝ එක බැලුවා ...ඒක ගොඩක් හොදයි...අපි නොහොතන පැති ගොඩක් ගැන ඔයා කල්පනා කරලා තිහෙනව
පහුගිය දවස් වල විලී අපේ මැඩම්ට බොහොම නරක විදියට පහර දුන්න
මිනිහා ඊලග ජනාධිපති වරනෙට මැඩම්ව කපලා එන්න හදන්නෙ
නරක් උන හෙල්ලෙන දතක් තවත් තියන් ඉදල් වැඩක් නෑ
අපි මිනිහව ගලවල විසි කරා
දැන් ඔයා එතැන බාර ගන්න ඕනෙ
ඔයාගෙ ලියපු මෙමෝ එක හොඩක් හොදයි
ඒත් හැමෝටම ලස්ස්නට ලියන්න පුලුවන්
ලියපු ප්ලෑන් හරියට ක්‍රියාත්මක කරගන්නයි මිනිස්සුන්ට බැරි
අපි හිතනව ඔයා අපේ බලාපොරොත්තු කඩ නොකර කැලිෆෝනියාව දිනාගන්න වැඩ කරයි කියල""
වෙල්මා මට පත්කිරීමේ ලියුම දෙනගමන් කියුවා
"" මට මගේ පුතා විශ්වාසයි වෙල්මා...එයා දැන් භාර් අ දූර වැඩ කරන්න තරම් පරිනතයි...
පුතා ඔයා අතේ තමයි අපි දිනනවද පරදිනවද කිගන එක තියෙන්නෙ
කැලිෆෝනියාව ලොකු ගානකින් දිනාගත්තොත් අපිට මේ පාර ජානාධිපතිවරෙන දිනාගන්න පුලුවන්
එහෙම බැරි උනොත් අපි නිවු මෙක්සිකෝ යමු""

VIP ( වී අයි පී )Where stories live. Discover now