VIP 27

942 79 1
                                    

Ep 27
එන්ගලන්ත මාලිගා ජීවිතෙන් ආයෙ ඇමරිකන් ධවලමන්දිර ජීවිතේට ආව
ශතවර්ශ 3ක් විතර කාලය තරනය කරා වගේ
මාලිගාවල වෙලාව හෙමින් යන්නෙ ඕනෙ තරම් වෙලාව තියෙනව කන්න බොන්න විනෝද වෙන්න කතා කර කර ඉන්න
කොයිවෙලෙත් උත්සව
මිල අධික වෙනස් ඇදුම්...පෙනුම ගැන වැසි සැලකිලි
චාරිත්‍ර වාරිත්‍ර අකුරට...සම්ප්‍රධායට මුල් තැන
රාජකීය පෙල ගැස්ම ප්‍රභූත්වයට ගරු සැලකිලි කරන්න ඕනෙ
කිරුලට තියෙන උරුමය අනුව හැමෝම පෙල ගස්වල තියෙන්නෙ
ඒ අනුව අනෙක් අය ඉහල ඉන්න අයට ගරු කරන්න ඕනෙ
ඒත් ධවල මන්දිරේ සම්ප්‍රධාය බල්ලට දාල ජොකා£¥ පිටින් හරි වැඩ කරන්න ඕනෙ
කෑම බීමට් කොහෙද වෙලාවක්...වැඩ අතරෙම බර්ගර් එකක් කාල බියර් ටිකක් උගුරට හලාගන්නව
වැඩ කරන කෙනාට ඇගයීම් ලැබෙනව වැඩනොකරන එකා කැපිලා යනව
කාටවත් කවුරුත් අනවශ්‍ය ගරු කිරීම් නෑ...හරිදේ හොදයි කියුව වැරදි දේ විවේචනය කරා
කතා බහෙත් අමුතු ෆෝමල් ගති නෑ එදිනෙදා කතා කරන කුනුහරුප කෑලිත් දාල කතාව
ජනාධිපතිනිය උනත් ගොඩක් වැඩ අස්සෙ පොඩි ජෝක් එකක් කරල හිනාවෙන්න අමතක කරන්නෙ නෑ
ඔරලෝසුවෙ කටු කැරකෙනව අස්පවේගෙන්
කරන්න තියෙන වැඩ වැඩී වෙලාව හොදටම අඩුයි
දවසෙ පැය විසිහතරම වැඩ කරාට පස්සෙත් තව වැඩ ලෝඩ් එකක් ඉතුරුවෙලා තියෙනව
ගවුමෙ කෙලවර අල්ලන්න...ඇදුම් අන්දන්න...සපත්තු ඔපදාන්න පරිවාර සේවකයො නෑ
හැම වැඩක්ම තමන්ම කරගන්න ඕනෙ
එහෙම අනෙක් අයට තමන්ගෙ පෞද්ගලඉක වැඩ පැවරීම මහ ලැජ්ජවක් විඩ්ගියටයි සලකන්නෙ

මටත් ඉස්ම යන්න වැඩ ලෝඩ් වෙලා
කුමාරය එක්ක හිතෙ හැටියට රෝන්දෙ ගැහුවට මගේ වැඩ ගොඩ වෙන කවුරුවත් කරන්නෙ නෑ
ඒව මම එනකන් ගොඩ කදු ගැහි ගැහී බලන් ඉන්නව
ඒ නිසාම මට කුමාරය එක්ක කතා කරන්න වෙලාවක් හොයාගන්න බැරි උනා
කතා කරන්න තියා මම පැය හයකින් වතුර පොදක් බීල නෑ චූකරන්නවත් පුටුවෙන් නැගිට්ටෙ නෑ
ඊ මේල් ම හයසිය ගානක් ඒව කියව කියව වැදගත් කම අනුව වෙන් කරා
ඒ අතරින් ඉක්මනින් කරන්න ඕනෙ වැඩ ලිස්ට් එකක් හැදුවා
පෙන්ටගන් වලින් ලැබෙන ක්ලැසිෆයිඩ් තොරතුරු (අතිශයින් රහසිගත තොරතුරු) අම්මට පුලුවන් තමන්ගෙ ලගම විශ්වාසවන්තයෙක් ට කියලා සාරාන්ශගත කරගන්න
ඒවත් මට එවලා...ඒව තෙයෙන්නෙ අධි ආරක්ශිත ක්ලවුඩ් එකක
ඒව කියවන වෙලාවට වෙන කිසි කෙනෙක් ඔෆිස් එක ඇතුලට ගේනත් බෑ
මගෙ කිසිම මොබයිල් ඩිවයිස් එකක් ඒ කම්පුටර් වලට සම්බන්ද කරන්නත් බැහැ
කලැසිෆිඩ් ඩේටා ලීක් උනොත් ජනාධිපතිනිට විරුද්ධව දෝශාභියෝගයක් උනත් ගේන්න පුලුවන් ජාතික ආරක්ශාව අනතුරේ දැම්ම කියල
ඩොනල්ට් ට්‍රම්ටයි ජෝ බයිඩ්න්ටයි දෙන්නටත් මේ ගැන චෝදනා තිබුන කැලැසිෆයිඩ් ඉන්ෆොමේශන් ( අතිශයින් රහසිගත බුද්ධි අන්ශ තොරතුරු) ගෙදර ගෙනගියා කියල.
ෆෝන් එක බලද්දි මිස් කෝල් දෙසීය විසි එකක්
මැසේජ් හතලිස් තුනක්
"" හයි
මොකද කරන්නෙ
උදේම නැගිට්ටද බබෝ
මාව මතක් උනාද
මම දීපු ෆර්ෆියුම් එක ද අද වැඩ්ට යනකොට ගහන්නෙ
යන්න සූදානම් වෙලා ෆොටෝ එකක් එවන්න්
රැජින දඩයම් උත්සවේට දීපු පදක්කම මම අද උත්සවේට අදිනව
අපට අතුත් කාඩිනල් කෙන්ක් පත් උනා...එතුමා පිලිගන්න උත්සවේට යනවා
ඊට පස්සෙ ලැන්කැශියර් වල කාන්තා සන්විදාන රැජින වෙනුවෙන් ගොතපු දිගම දොග වූල් කබායක් පිලිගන්න යන්න ඕනි
ඇෆ්ගනිස්තාන යිද්දෙදි වෙඩි වැදිලා ආභාදිත උන රනවිරුවන්ට දවල් කෑමක් දෙනව මම ගානෙ

VIP ( වී අයි පී )Where stories live. Discover now