එයා විහඟ දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.

"පොඩ්ඩක් හිටහං,ඈ හුත්තෝ තෝ මට කිව්වේ නෑනෙ උබ එරෝන් අයියව හම්බෙන්න යනවා කියලා"

ඒ පාර මූ මුගෙ සුන්දර ශබ්දකෝසේ බාවිතා කරලා එරෝන් අයියා ඉස්සරහම මට බනින්න ගත්තා.ඔන්න ඉතිං ආයෙත් වැරැද්දක් උනාම දාන මගෙ සුපුරුදු මොංගල් හිනාව මම විහඟයා වෙත පාකර හැරියා.

"හ-හරි ඉතිං යකෝ හදිස්සියෙම ගියේ,අනික උබ බීලනෙ හිටියෙ"

"අනේ පලයන් බොරු නොකියා"

"බොරු නෙවේ නේද එ- එරෝන් අයියේ"

"ම්ම්ම්ම්"

එහෙම කියලා එයා ඔලුව වැනුවා.

"හා හරි ඒක වැඩක් නෑ අපේ එකා වද දුන්නෙ නෑනේද අයියේ"

යකෝ මූ මගෙ අප්පා වගේනෙ.අර නෑදෑයෙක්ගෙ ගෙදර බබාව දාලා ගිහිම් ආපහු එක්කම් යන්න ආවම අම්මලා අහන්නෙ.අනේ මන්දා මූට වෙලාවකට මං ගැන දරුකැක්කුමක් එනවා කොහොමත්.සුපුරුදු පරිදි වහින වෙලාවට වැහි දෙවඟනව හග් කරන්න යද්දි එහෙම,එකපාරක් හෙම්බිරිස්සාව තියෙද්දි වැස්සට මූන අල්ලන්න ගිහිම් මූ  මට උගෙ වතුර බෝතලෙන් ප්‍රහාරයක් එල්ල කරා.සිල්ප දන්න නිසා ඉතිං නූලයි තුන්කාලෙන් බේරුනා නැත්නම් හෙම්බිරිස්සාව අස්සෙ දතකුත් ලෙප්ට්නෙ.එතකොට කොහොමද මම මගෙ ලස්සන හිනාවෙන් ලෝ වැසියන් වසඟයට පත් කරගන්නෙ හුම්.

"නෑ නෑ"

කොහොමහරි ඌ ඇහුව ඒ ප්‍රශ්නෙට එරෝන් අයියා මගෙ දිහාවට මහා.... චාටර් ලුක් එකක් දාලා,ඊටපස්සෙ  නෑ කිව්වා.ඒ නෑ එක නම් නොකියා හිටියත් මොකද.ඇයි යකොව් ඔව් කියන්න වගෙ මගෙ දිහා බලලා අරූ දිහා බලලා නෑ කිව්වෙ.දුස්ටයා....අහුවෙන්නකො ඔයා තනියම ඈ ගහනවා උස්සලා පොලවේ.මෙයාව උස්සන්න මට පුලුවන් වෙයිද දඤ්ඤෑ.බර කීයද කියලා අහලා මැසේජ් එකක් දාන්න ඕනෙ.එතකොට උස්සන්න පුරුදු වෙලා යන්න පුලුවන්නෙ.

"අයියේ ඔයා දන්නෙ නෑනෙ මූ,එදා ඔයා ආවෙ නැති එකට හයියෝ..."

"වි-විහඟ ඇති නෙහ් අපි යමු ඇතුලට අයියටත් යන්න්න පරක්කු වෙනවා ඇති"

"අනේ මේ උබ හිටහංකො පොඩි පගයා"

යකො මු මට වඩා දවසයි වැඩිමල්,පොඩි පගයා කියන්නත් එනවා බේසිකයා දෙන්න ඕනෙ මුගෙ පුප රත්වෙන්න.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now