බෝඩිම තියන පැත්තේ නම දන්නවා කිව්වට මට මතක තිබ්බේ පාරෙ නම සතුටු මාවත කියලා විතරයි.ඊටපස්සෙ එරෝන් අයියා පාර හොයාගන මාව එක්කම් ගියා.
"මෙතන නේද"
"හ්ම්ම්ම්"
"එහෙනම් බහිනවා ඉතිං ගෝල්ෆේස් එකේ එලිවෙනකම් ඉන්න ඕනෙ කිව්වා වගේ උබට බෝඩිම ඉස්සරහා බයික් එක උඩ එලිවෙනකම් ඉන්න හිතුනොත් එහෙම"
"හරි හරි බහින්නම්,ඔච්චර කරදරයි නම් රෙද්ද"
"දැන් මොකද ඔය"
"මොකුත් නෑ මම බැස්සා දැන් හරිනෙ"
"අහ් බැස්සද"
"ඔව් බැස්සා"
"එහෙනම් නග්ගලා ගනිං"
යා.......වනචරයා යකා නැගලා ඉන්න වෙලාවටම විකාර කතා කියනවනෙ.දැන් ඉතිං හිනා යන්නත් එනවා.ඒ උනාට හිනාවෙන්න එපා යෙනෝන් පුතේ,ඒක මේ වෙලාවෙ ඔයාගෙ තත්වෙට හොද මදි.මම රවාගනම හිටියා.
"දැන් මොකද ඔහොම ඉන්නෙ කියහංකො"
"තව්සෙ දන්නෙ නැද්ද ප්රියයන්ගෙන් වෙන්වෙන එක දුකක් කියලා"
"දැන් උබ කාගෙන්ද වෙන් උනේ"
"😒......."
"ආ...... දැන් මේ යන්න වෙන එකටද ඔහොම ඉන්නෙ🤣🤣"
"හ්ම්ම්ම්ම්"
"දැන් මේක කාලා විහඟ ගේන කෑම එකත් කාලා නිදාගන්නවා,ආය දවසක හම්බෙන්න පුලුවන්නෙ"
"ආය එන්නම් එහෙනම් ඈ"
"හ්ම්ම්ම් හ්ම්ම්ම්"
"දැන් ඉතිං ඔයාට ගෙදර ගියාම පාලු හි-- අන්න විහඟයා එනවා"
විහඟ ටුක් එකෙන් බැහැලා අපි දෙන්නා ඉන්න දිහාට ආවා.සැක් මුගෙ මූනෙ තියෙන්නෙ නම් ගම කන පාටක්.ආව ගමන් ඉක්මනට ඇදගන යන්න ඕනෙ බෝඩිම ඇතුලට.
"අ-අඩේ මේ එරෝන් අයියා නේද බං"
"ඔ-ඕ එරෝන් අයියා තමා"
මම ඉතිං මොංගල් විදියට හිනාවෙලා එයා දිහාත් නොබලා,විහඟයා දිහාත් නොබලා කිව්වා.
"අඩෝ අයියේ උබ ෆොටෝස් වලටත් වඩා පට්ට හැන්ඩ්සම්නෙ"
"........"
YOU ARE READING
🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤
Non-Fictionඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන ඉන්න තනිපාටක් කියලා.කලුපාටත් හරියට එයා වගේ.ලස්සන හැමදෙම ලග තියාගන හරි නපුරුයි වගේ ලෝකෙට පේන්නගන ඉන්න...