"යකෝ අර එන්නෙ උඹෙ කොල්ල නෙ?""හ්ම්ම්"
පංතියෙ ඉදලම මගෙ දිහා බලං ආපු බටු ඇටේ එකපාරටම දුවගෙන ඇවිත් මාව තදින් බදාගත්තා . පපුවෙ ඔලුව ගහන් හිටපු එයා අඩනව කියලා දැනෙද්දි මං එයාව මගෙන් ටිකක් ඈත් කරා
"අඩන්ට තරං මක්කහරි උනා ද බබා?"
"මාව කොහේහරි එක්කං යන්න ශාන් අයියෙ ..මට..මට වලව්වට යන්න බෑ..අනෙ මාව ඇරන් යන්න දැන් ම ඇරන් යන්න ..." බටු ඇටේ ..මෙතන මිනිස්සු බලනවා ..නගින්ට වීලෙට.."
" අනෙ..මෙයාගෙ.. බෑ ශාන් අයියෙ ..මං මෙ වලාට ආස නැ "
" විකාරද...ඌ එහෙම නැ..වෙන යන්ට එකක් නැ..නගිනවා "
විනාඩි පහක් යන්ට නැ නවියා අපිව උගෙ ගෙදර දාලා, එළියට වෙලා තනි රකිද්දි මං බටු ඇටේව ඇදන් ඉස්සරහ කාමරේට ගියත් මාව අත්නොහැරපු එයා බයවෙලා වගෙ හිටියේ , එහෙම්ම මං එයාව පපුවට තුරුළු කරං උන්නාම ඩිංග ඩිංග එයා සන්සුන් උනා
" බය වෙන්ට එපා ..කාටවත් අපිව පේන්නේ නැ .. දැන් කියන්ට මක්කයි උනෙ...අහු උනාද...?"
" නෑ...මද්දුන් අයියා ඇවිත් අප්පච්චි ට මොනවද කිව්වා..ඒ කියලා ඔයාගෙ අප්පච්චි ට බැන්නා ....
" බැන්නා ? මක්ක කියලා ?
" දන්නෙ නෑනේ ..මට ඒ පැත්තට යන්න දුන්නෙත් නෑනේ ....අතරින් පතර ඇහුනෙ මද්දුන් අයියගෙ කටහඬ විතරයි.. ඒකත් හංගපු කතාවකුයි ලැයිමෙ කතාවකුයි ..
පරයා..තෝ ආය ඇවිත් තියෙන්නේ වෙන දේකට එහෙනං
" එතකොට ඇඩුවෙ ?"
"...ඔයා එක්ක ආය සම්බන්ධයක් තිබිල අහුවෙන්න එපා කීවා ..බල බල ඉන්නේ නෑ..අප්පච්චි ට කියලා මාව රට අරිනවා කීවා..........,
'මට රට යන්න බෑ ශාන් අයියා ..ඔයාව දාල කොහෙවත් යන්න බෑ...අනේ මාව කොහේහරි එක්කං යන්න කෝ..."
YOU ARE READING
The Promise Of Love❤️💚 Complicated
Fanfictionදන්නව ද ... හුස්ම තිබුණ ට මං ළඟ ,, ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀