52.කොටස

3.6K 349 113
                                    


"දේව්.....අනෙ ම්..මගෙ මැණික......ඇස් ඇරගෙන හිටපන් රත්තරන්.........ම්..මං උබට මුකුත් වෙන්න දෙන්නෙ නෑ........."

"ආ..ආ..දී....ම්..මං.........."

"දේව්............!!!!!"

අන්තිම මොහොතෙ ආදිත්‍යට මොනවා හරි කියන්න හදපු දේවාන්ගෙ ඇස් පියවිලාම යද්දි ආදිත්‍ය ගේ දෙවනත් වෙන්න කෑගහනකොට මගේ කොල්ලා මගෙ අත් උඩම සිහි නැතුව කඩන් වැටුනා...........

*
*
*
*

පැය තුනකට පස්සෙ ඔපරේශන් තියටර් එකේ දොර ඇරිලා ඩොක්ටර් කෙනෙක් එළියට එද්දි  අපි කාටත් කලින් ඩොක්ටර් ලගට දුවගෙන ගියෙ ආදිත්‍ය.....

"ඩ්..ඩොක්ටර්.... ඩොක්ටර් මගෙ දේව්..."

"තව විනාඩි පහක් හරි පරක්කු උනානම් අපිට එයාව බේරගන්න බැරි වෙලා දරුවො.... ඒත් දැන් බය වෙන්න දෙයක් නෑ.... එයා හොදින් ඉන්නවා... තව පැයකින් වෝඩ් එකට දැම්මට පස්සෙ ඔයාලට පුළුවන් බලන්න...."

"ත්..තැන්කියු.... තැන්කියු සෝ මච් ඩොක්ටර්......"

ආදිත්‍ය ඩොක්ටර්ට ස්තුතියි කරේ කදුළු ගලන ඇස්වලින් අත් දෙකත් වැදගෙන....දැනුයි හිතට සැනසීමක් දැනෙන්නෙ.... පැය තුනක ඔපරේශන් එකකට පස්සෙ දේවාන් හොදින් ඉන්නවා කියල ඇහෙද්දි අපි හැමෝටම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් උනා.....

"තාත්තෙ ඔයා දුලාජ්  අන්කල් එක්ක ගෙදර යන්න.... අපි දේවාන්ව බලලා එන්නම්......"

"මට යන්න බෑ දරුවො ..... මගෙ දෙවෙනි පුතා මෙහෙම ඉන්නකොට මං  කොහොමද මෙතනින්  යන්නෙ ලොකු පුතේ......"

මං දන්නවා....යන්න කිව්වට අපි කාටවත්ම මෙතනින් යන්න හිතක් නෑ.... ඇත්තටම කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා..... සුධීරා වෙඩි තිබ්බ එක ගැන පුදුමයක් නෑ මට.... ඒත් දේවාන් මටත් කලින් ඉස්සර වෙයි කියල හිතුවෙ නෑ....

දේවාන්ට වෙඩි වදිනකොටම පොලිසියෙ දෙතුන් දෙනෙක්ගෙම උණ්ඩ සූධීරගෙ ඇග පසාරු කරගෙන ගියත් අපි කාටවත් ඒ දිහා බලන්න සිහියක් තිබුනෙ නෑ.... අන්තිම මොහොතේ දේවාන්ගෙ ඇස් පියවෙනකොටම ආදිත්‍ය දේවාන්ව උස්සගෙන හොස්පිට්ල් එකට දුවද්දි  අපිත් ඒ පස්සෙන් ආවා..... හැමෝම තාමත් ඉන්නෙ ඔපරේශන් තියටර් එක ඉස්සරහ....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now