42.....

6.4K 788 513
                                    

අ......ක්....කේ....න්

මගෙ සර්වාංගෙම අවසානෙදි පන නැතිව ගියා ..වතුර පෙවිලා පෙවිලා පෙවිලම අවසානෙදි මං හිතන්නෙ මගෙ පෙනහලු එන්න එන්නම මැරි මැරියන්න ගත්තා.......හැම මරනයක්ම වේදනාත්මක උනත්......මුහුදු වතුරෙ ගිලිලා මැරෙන එක අනිත් හැම දේටම වඩා වේදනාකාරි මරනයක් වෙනකොට පිටතින් මාව මුහුදු වතුරෙ ගිලෙනකොට මගෙ අභ්‍යන්තරයෙනුත් මම ගිලෙන ගමන් උන්නා.......

මගෙ ජීවිතේ හැම දේම ඇස් පනාපිට නැත්තටම නැති උනා.........ජීවිතේ නොහොතන තැනකදි හම්බ උන ඒ දෙන්නම ඇස් පනා පිට මහ මුහුද ඇවිදින් මගෙන් උදුරන් ගියා...නව මසක් පරිස්සමින් කරපු.....තවම මාසයක් වත් මට උකුලෙ තියන් රකින්න බැරි උන මගෙ දරුවා මගෙ අත් වලින් උදුරන් ගියා....

ජීවිතේ මල් පිපෙන්නෙ නැතිම තැනක ප්‍රාතිහාර්‍යකින් හරි ලස්සනට පිපීගන ආව ඒ මල මගෙ ඇස් පනාපිට මුහුදු රැල්ල ඇවිදින් මහ මුහුදට ඇදන් ගියා....

අම්මා අප්පච්චි ට වෙච්ච කෙරිච්ච දෙයක් නැති වෙනකොට අක්කා අයියව ගහගන යන හැටි.....අක්කා බේරගන්න....කියන්න අත් දෙක උස්සන හැටි වතුර පෙවි පෙවි උඩ යට ගිලි ගිලි උන්න ලුනු වලට පුපුරන්න ඔන්න මෙන්න තිබුන ඇස් වලින් මම දැක්කා....

අකේන් අතට ගත්තු පලවෙනිම දරුවා.......මම පවා ඒ ආදරේට ඊරිසියා කාරකම් කරපු තැන් තිබුනා...අම්මා කියාගන්නත් බැරි තනි අකුරෙ වචන ගොඩාක් කියවන හරිඅපූරු මූනක් තිබුන මගෙ කොලු පැටියා.....නපුරුම නපුරු වතුර කද ඇවිදින් යට කරන් ගියා......

මං ඇඩුවා....මගෙ පපුව ඇඩුවා..........අනේ මැනිකෙ මේකිව නම් බන්දවන්න බෑ කියපු මගෙ කෙල්ලට මාසයක් වත් පන්න ගන්න බැරි උනා....

ඇටෙන් ඇටේ අමුනාපු කිරි පබලු වැල් දාලා මාසයක් යන්න බැරි උනා...

අප්පච්චි ඇරුනම වෙන එකෙක්ටවත් මගෙ කෙල්ලව ගෙනියන්න දෙන්නෙ නෑය කියන් තුරුල් කරන් නිදා ගත්තු මගෙ කෙල්ල..මගෙ කුරුලු කුූඩුව....මගෙ හීන...අපි හැමෝගෙම හීන මහ මුහුද ඇවිදින් අපි හැමෝගෙම්ම බලෙන් උදුරවන් ගියා.....

මෙච්චර කාලෙකට රැල්ල පිට රැල්ල ගැහුවත්.....ආපිට ඒ රැල්ල මහ මුහුදට ඇදුනා මිසක්කා ආපිට අපෙන් කිසිම දෙයක් උදුරගත්තෙ නැති උනත්...ආපිට බිල්ලට දෙන්න විහාරමහදේවිගෙ පරපුරෙ කිසිම කෙනෙක් නැති බව දන්න නිසාමදො මහ මුහුද අද එක විහාරමහදේවියක් වෙනුවට පවුල් පිටින් මහ මුහුදු පතුලට ඇදන් ගියා....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now