"ආහ්හ්හ්හ්.......අම්ම්..හ්"

"ටෙහාන් බබා...හ්...අහ්හ්ග්ග්බ්බ්........"

ටෙහාන් බිම වැටෙනකොට ඌ ලගට යන්න හදපු රදීශ්ගෙ බෙල්ලෙන් මං ආයෙත් අල්ලගත්තා.....

"තොපි දෙන්නා මේක අස්සෙ රිංගලා හු%#& මේක හොටෙල් රූම් එකක් කියල හිතුවද යකෝව්.......?? මගෙ කොල්ලා කොහෙද කියපන්... කෝ මගෙ යීබෝ.........??"

"අනේ..හ් ශාන් අයියේ එයාව අතාරින්නකෝ......... යීබෝ කොහෙද කියල අපි දන්නෑ..... "

මං රදීශ්ගෙ බෙල්ල තදින්ම මිරිකගෙන ඉන්නකොට ටෙහාන් අමාරුවෙන් නැගිටලා ඇවිත් මගෙ අතේ එල්ලුනා.....

"අතඇරපන් මාව....... "

මාව අල්ලද්දි මං ආයෙත් ටෙහාන්ගෙ අත ගසලා දැම්මා.....

"තොපි දෙන්නා කොහොමද ගේ අස්සට රිංගුවෙ කියපන්.......!!"

"අ..අපිට එන්න කිව්වෙ යීබො තමයි....ඒත් අපි එනකොට ගාඩ් කිව්වා යීබෝ ගෙදර නෑ ඒ නිසා ඇතුලට ගන්න බෑ කියලා......ඊටපස්සෙ අපි යීබෝට කෝල් කරා......ඌ ගාඩ්ට කෝල් කරලා අපි දෙන්නව ඇතුලට ගන්න කිව්වා.... අපි ඉතින් ඌ එනකන් චුට්ටක් මේ... මේ............"

ටෙහාන් කියපු දෙ අහගෙන හිටපු මං රදීශ්ගෙ බෙල්ල අතඇරලා කොණ්ඩෙ පිටිපස්සෙන් තද කරලා අල්ලගත්තා...

"ආහ්හ්.....ක්ක්හැහැ.....ක්හැ...ක්හ්.........."

"මට ඇත්ත කියපන් රදීශ්......මං මේ උබෙන් ගොඩාක් හොදින් අහන්නෙ.... උබ මොකක්ද මගෙ කොල්ලා එක්ක කරන්නෙ....? කාගෙ ඕනකමටද උබ මගෙ කොල්ලට ලන් වෙලා ඉන්නෙ....? "

"ක්හැ...ම්..හහ්..හා හා......ඌ.....තමුසෙගෙනම්....ඇයි තමුසෙට බැරි...ඒක...ඌගෙන්ම..අහගන්න...... ඌ...මට එන්න කියද්දි...මං....එනවා........ මං එන්නෙ ඌගෙ ඕනකමකට............"

මෙහෙම ඇහුවට ඌ ඒක කියන්නෙ නෑ කියලා මං දැනන් හිටියා..... ඔක්කොටම කලින් මගෙ කොල්ලා කොහෙද කියල හොයාගන්න ඕනෙ.....

"විනාඩි පහක් දෙන්නම් මගෙන් මැරුම් නොකා දෙන්නම මෙතනින් පලයල්ලා....!! හැබැයි මගෙ කොල්ලට මොනවහරි වෙලා තිබුනොත් මං තොපි දෙන්නවම මරනවා දැනගනින්....."

මං රදීශ්ගෙ ඔළුව අතඇරලා දෙන්නටම කෑගහලා කාමරෙන් එළියට ආවා.... කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අතට අරන් එයාට කෝල් එකක් ගත්තෙ ගේට් එක ලගට යනගමන්....රින්ග්ස් යනවා....ආන්ස්වර් කරන්නෙ නෑ....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now