🥀Haters OR Lovers 💖Chapter 24

874 122 4
                                    

Yibo POV

පලවෙනි පාරට බනී මගෙත් එක්ක මගේ බයික් එකේ යන්නේ

හෙල්මට් එක අතට දුන්නත් එයා ගල් පිළිමේ වගේ බලන්
බැරිම තැන ලගට අරගෙන මම හෙල්මට් එක දාලා
ආයේ බයික් එකට නගින්නෙ නැතුව බලන් ඉද්දි

උස්සලා වාඩි කරවන්නත් ඕනද ඇහුවම මගේ බනීගේ කම්මුල් රතු වුනා..ඔහොම ලැජ්ජ හිතුනොත් මැදැ..

බයික් එකට නැග්ගත් මේකා මගේ උරහිස් වලින් අල්ලන්
උන්නෙත් දැනෙන නොදැනෙන තරමට...යකු ලංවෙන්න බැරිද ටිකක් මේකා හිතන්නේ මට සමාජ රෝගයක් කියලවත්ද

බනීව බය කරන්න හිතලම  ලයිෆ් ඉන්ශුවරස් එකත් තියෙද ඇහුම කටත් ඇද කරගෙන මා දිහා බලන් ඉද්දි මම ගත් කටටම වැටුනොත් අත පය කඩාගෙන ඉන්න වෙයි කියද්දි ඒ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගේ වුනා

යස්ස බනියා බය වුනා...ඉළග පාර මගේ හුස්මත් හිරවෙන තරමටම මාව බදාගත්තා

මගේ පිට කොද්දට මූණ හේත්තු කරගෙන එයා මට තුරුළු වෙලා ඉද්දි ජැකට් එක ඇදන් උන්නත් මට ඒ කම්මුල්වන උණුහුම හොදට දැනුනා...සැනසීමයි ඇත්තටම මේ පාරේ කෙළවරක් නොතිබුනානම් කියලත් මට හිතුනා..

විනාඩි ගානකට පස්සේ මම බයික් එක නතර කරත් ඒයාට මගෙන් ඈත් වෙන්න උවමනාවක් නැ වගේ තාමත් වදුරු පැටියා වගේ එල්ලිගෙන ඉන්නවා

💚බනී බහින්න අපි ආවා...

❤️හ්ම් ආවද..මට නින්ද යාගෙන ආවේ හොදේ

කටත් ඇද කරගෙන එහෙම කියාගෙන බයික් එකෙන් බැස්ස බනීයව මම අතින් ඇදලා මා ලගට ගත්තා
යකු මේක පුදුම හුරතලයක් නේ... මම ඒ කම්මුලක් නොරිදෙන්න මිරිකලා හෙල්මට් එක ගලවලා දැම්මා..

හෙල්මට් එක ගැලෙව්වා විතරයි මට හිනා ගියා.. ඒ කොණ්ඩේ අවුල් වෙලා

💚බනී ඔය අකුණක් ගහලා වගේ කොන්ඩේ

මම හිනාව කාගෙන අතින් ඒ කොන්ඩේ හැදුවා
යස්ස බනීය මට රවනවා එකසිය ගානට

💚ඔහොම රැව්වොත් තමුසෙ වයසට යයි හොදේ

❤️යැයි යැයි තමා..

💚බනී බලන්නකො මෙහෙ මතකද කියලා

මම තාමත් මා දිහාවට හැරිලා ඉන්න බනීව අනිත් පැත්ත හරවන ගමන් කිව්වා

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now