මේ ජිවිතය කියන්නෙ හරි පුදුම දෙයක් එකිනෙකාට වෙනස් මිනිසුන් අතරේ සමාජයත් එක්ක හැප්පිලා ඉදිරියට ජිවිතය ගැටගහගෙන යන එක කොයි තරම් අමාරුද.. එකිනෙකාට වෙනස් හැගිම් , මති මතාන්තර වලින් යුතු වුන විවිධාකාර මිනිස්සු අතරේ දෛවයට ජිවිතය භාරදුන් අයෙකුත් ඉන්න පුලුවන් නේද..ජන්කුක්,
ජන්කුක් කියන්නෙ ඉස්සර ඉදන්ම සැප සම්පත් වලින් අඩුවක් නැතුව සතුටින් ජිවතේ ගෙවපු සල්ලිකාර වංශවත් කෙනෙක්..ඒ සල්ලිකාර , වංශවත් , ආඩම්බරකාර ජියොන් ජන්කුක්ට එයාගෙ ජිවිතේට ලොකු හිඩසක් ඉතුරු වෙන විදිහට එයාගෙ පවුල වෙන් වෙනවා.. මාම් මානසික රෝහලට ප්‍රතිකාර ගද්දි ඩෑඩ් සල්ලි පස්සෙන් දුවනවා.. ජන්කුක්ට කියන්න ඕනි වුනා එයාට තනිවෙන්න බැ මාම් ඩෑඩ් දෙන්නම ඕනි කියලා.. ජන්කුක් කොයිතරම් ආඩම්බර, නපුරු කෙනෙක් උනත් එයත් ආසයි ආදරේ විදින්න, තමන්ගෙ දෙමාපියන්ගෙ ආදරේ ඉස්සර ඉදන්ම නොඅඩුව ලැබුන ජන්කුක්ට මේ විරසක වීම හුගක් බලපෑවා.. ජන්කුක් ඒ සිද්ධියෙන් පස්සේ තවත් නපුරු වෙන්නේ තමන් දුර්වලයෙක් කියලා සමාජයට පෙන්වන්න අකමැති නිසා... කාලය ගත වෙද්දි ජන්කුක්ගෙ ඩෑඩ් ජන්කුක්ට සේරම ප්‍රොපටීස් බාර දෙන්නේ ජන්කුක් හැම අතින්ම හිර කරලා.. ජන්කුක් company එක හොදින් බලාගත්තා.. ජන්කුක්ට ඕනි වුනේ නැ ඩෑඩ් අමාරුවෙන් හදාගත්ත තැන නැති කරගන්න.. ඉතින් ජන්කුක් දවල් රෑ නොබලා හුගක් මහන්සියෙන් වැඩ කලා..
මෙහෙම ඉන්නකොට හමුවෙනවා කෙනෙක්.. ඒ අහම්බෙන් හම්බුන කෙනා එක්ක ආදරයෙන් බැදුන එක ජන්කුක්ගෙ වරදක් වෙන්න පුලුවන්ද.. ලිසා... ජන්කුක් වැඩ භාරගෙන කම්පැනි එක කොරියන් top 10 companies අතරට ආව මුල් කාලෙදිම එයාගෙ සෙකට්‍රි විදිහට හිටිය පුංචි , අහිංසක ගැනු ලමයා..කාලයක් යද්දි ජන්කුක් ලිසා හුගක් ආදරේ කලා... නැත්නම් ජන්කුක් විතරමද?.. ඒත් මහ කුණාටුවක් වගේ ජන්කුක්ගෙ විවාහය පාර්ක් පවුලේ හදාගන්න ගත්ත ලමයා ටේහියුන් එක්ක සිද්ධ වුනේ ලීසාගෙ ප්ලෑන්ස් සේරම අවුල් ජාලාවක් කරලා කිව්වොත් මම හරි..
ජන්කුක් ටේහියුන් මැරි කරලා මුල් කාලේදි කිසිම ප්‍රශ්නයක් වුනේ නැ.. ටේහියුන් අන්ධ කෙනෙක් වුනත් ජන්කුක් ටේහියුන් ගැන හොයලා බැලුවා හරියට යාලුවෙක්ට වගේ... ටේහියුන් වුනත් ජන්කුක් මෙහෙම සලකන එකට කැමැත්තෙන් හිටියත් දින සති මාස යද්දි ඒ කැමැත්ත ආදරයක් බවට පත් වුනා..
YOU ARE READING
🌻❄️ Tɾυҽ Lσʋҽ ❄️🌻 ᵗᵃᵉᵏᵒᵒᵏ 🐰🐯ₒₙₕₒₗd🍁
FanfictionI may not get to be with you as often as I want to...🌸 I may not get to hug you all through the night, but deep in my heart I want you to know you're the one I truly love and I can never let you do .💜💚 top kook #2 srilanka #1 -[ 2022.07.02 ] taek...